නිතර නිතර කාන්තාවන්ව පීඩාවට පත් කරන 22 හැවිරිදි තරුණයෙකුට සිදුවූ අකරතැබ්බයක් පිළිබඳව වාර්තාවනවා.
ඔහු කාන්තාවන් නිතර ගැවසෙන නාන තොටුපළවළ ගැවසෙමින් අනවශ්‍ය ලෙස කාන්තාවන් සිටින නිවෙස්‌වල ජනෙල් වලින් එබී බලමින් කාන්තාවන්ව අපහසුවට පත්කරන්නෙක් බවද සඳහන්.
පසුගිය දිනක යටිනුවර මුරුතලාව කුරුගම වත්තේ ලයින් කාමර පේළියේ පදිංචි 30 හැවිරිදි පස් දරු මවකගේ අතින් අල්ලා අදිද්දී සැමියා ගෙතුළ සිට පැමිණ තේ කපන පිහියකින් මෙම අනංගයාගේ අත බරපතළ ලෙස කපා දමා තිබෙන බව වාර්තාවනවා.
පසුව මාරාන්තික තුවාල ලැබූ ඔහු මහනුවර රෝහලට ඇතුළත් කර තිබෙනවා.
යටිනුවර වතුරකුඹුර ප්‍රදේශයේ පදිංචි මෙම අනංග තරුණයා මීට පෙරත් ලයින්කාමර පේළිවලට පැමිණ කාන්තාවන්ට නිතර හිරිහැර කරන බවත් මේ පිළිබඳව කිසිම කාන්තාවක් පොලිසියට පැමිණිලි නොකර ඇත්තේ ඔහුට ඇති බයට බවත් තොරතුරු වාර්තාවුණා..
කූරුගමවත්ත ලයින් කාමරවල කාන්තාවන් ද බයකර ගනිමින් ඔහු නිතර එම කාන්තාවන්ව තාඩන පීඩනවලට ලක්‌කර ඇති බවයි පොලිසියද පවසන්නේ.
මෙම තරුණයාට මන්නා පහර එල්ල කළ සැකකරු ප්‍රදේශය හැර පලාගොස් සිටියදී පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මහනුවර ප්‍රධාන මහේස්‌ත්‍රාත් ඉන්දික අත්තනායක මහතා විසින් රක්‍ෂිත බන්ධනාගාර ගත කොට තිබෙනවා.
මේ සම්බන්ධව පේරාදෙණිය පොලිස් ස්‌ථානාධිපති ඇතුළු නිලධාරීන් පරීක්‍ෂණ පවත්වනවා.