Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
27
"මගේ ඔලුවට ආපු එකම දෙය මම මැරෙන්න ළඟයි කියන එක විතරයි" මහා ගින්නකින් දෙමව්පියන්ගේ ජීවිත බේරු පුංචි දියණියගේ කතාව - Video & Photos

- "මගේ ඔලුවට ආපු එකම දෙය මම මැරෙන්න ළඟයි කියන එක විතරයි" මහා ගින්නකින් දෙමව්පියන්ගේ ජීවිත බේරු පුංචි දියණියගේ කතාව - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3 Views

මම තාමත් ජීවතුන් අතර මගේ දියණිය නිසයි..
මගේ ජිවිතයේ කවදාවත් ඒවගේ දුමක් දැකල නෑ...

පසුගිය (22) මුම්බායි නුවර හින්දමාතා ආර්ථික නගරය ආසන්නයේ මහල් 16න් යුත් තට්ටු නිවාසයක 12 වෙනි මහලේ ගින්නක් ඇති වුණා.
ගින්නෙන් 4 දෙනෙකු මියගිය අතර 18 ක් දෙනෙකු තුවාල ලැබුවා.

ගොඩනැගිලේ ඇති වූ විශාල ගින්නේ තමන් ඇතුලු කිහිපදෙනකුගේ ජීවිත බේරා ගැනීමට සමත් තමන්ගේ දියණිය සතු අපූරු නුවණ නිසා බවයි නීතීඥවරියක් වූ ජයශ්‍රී පටෙල් විදෙස් මාධ්‍ය වෙත පවසා තිබුණේ. නීතීඥ ජයශ්‍රී පටෙල් තමන් මුහුණ දුන් මේ ඛේදනීය සිදුවීම ගැන විදෙස් මාධ්‍ය වෙත මෙසේ පවසා තිබුණා.


"මම මගේ ජිවිතයේ කවදාවත් ඒවගේ දුමක් දැකල නෑ. මගේ ඔලුවට ආපු එකම දෙය මම මැරෙන්න ළඟයි කියන එක විතරයි. නමුත් මගේ දස හැවිරිදි දියණිය නිසා මම තාමත් ජීවතුන් අතර. ඇගේ තැනට සුදුසු නුවණ අපි හැමෝම බේරුවා."

ගින්න හටගත් 22 වනදා දිනය  ඊද් නිවාඩු දවස වූ බැවින් සියලු දෙනා දවල් වනතුරු නිදාගත්තා. උදේ 8.30 ට පමණ නාන කාමරයට ගිය ජයශ්‍රී එහි කුඩා කවුළුවෙන් කලු දුමක් ඇතුළට එනු දැක කෑ ගැහුවා"

"මම එයාට කිව්වා මොකක් හරි වෙලාද කියල බලන්න කියල. ඔහු ජනේලය විවෘත කළ සැණින් දුමාරයෙන් ගේ පිරුණා," ඇය ප්‍රකාශ කළාය.
"ඒක අපි එකිනෙකා නොපෙනෙන තරමේ ඝණ කලු දුමක්."

"අපි ජීවත්වෙලා ඉන්නේ අපේ දියණිය නිසා"

ඇගේ දියණිය, සෙන් සදාවර්තේ ඒවනවිටත් නින්දේසිටියාය. ඇය ඇහැරවා ගත් ඔවූහු අනෙක් පස වූ මුළුතැන්ගෙය වෙත දිවගියා.

"අපි විදුලිය ක්‍රියා විරහිත කළා. මම පිරිසිදු වාතය ගන්න කුස්සියේ ජනේලය විවෘත කළත් මගේ මුහුණට ආවෙ උණුසුම් වාෂ්ප."

"අපි හැමෝම උදව් ඉල්ලා කෑගහන්න පටන් ගත්තා," ඇය පැවසුවාය.

එවිට අනෙක් පස සිටි අසල්වාසීන් ඔවුන්ගේ දොර විවෘත කිරීම නිසා පටෙල් පවුල එහි දිව ගියා. නමුත් ක්‍රමයෙන් සෑම කාමරයක්ම දුමෙන් පිරී ගියේය.

"අපි හැමදෙනාටම හුස්ම ගන්න අමාරු වුණා. ඒ මොහොතේ මගේ දුව කිව්වා ඔවුන් පාසලේදී උගත් දෙයක් ගැන."

ඒ තෙත්කළ රෙද්දක් මුව මත තබා ගන්නා ලෙස ඇය කීවාය.

"අපි එයා කියපු විදියට ඇඳ ඇතිරිලි තෙත්කර මුවට තබාගෙන ඒ තුළින් හුස්ම ගත්තා. අපිට පහසුවක් දැනෙන්න ගත්තා," ජයශ්‍රී පටෙල් පැවසුවාය.

ඒ අතර එහි ළඟාවූ ගිනි නිවන භටයෝ ඉනිමං සහ ට්‍රොලි ආධාරයෙන් ඔවුන්ව පහතට රැගෙන ගියෝය.

"12 වෙනි තට්ටුව ගිනි ගන්නවා. ගිනි නිවන භටයන් එය නිවා දමා අපව බේරා ගත්තා,"

මෙම ගින්න විදුලි පරිපථයක සිදුවූ දෝෂයක් නිසා හටගෙන ඇති බවත්, පියගැටපෙළ අධික දුමෙන් වැසීයාම හේතුවෙන් ඉහළ මහල්වල සිරවූ පුද්ගලයන් 30 ක් පමණ බේරාගත් බව මුම්බායි නගරයේ ප්‍රධාන ගිනි නිවීමේ නිලධාරීන් පවසා තිබෙනවා.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top