Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
27
"දේපල කොල්ලකෑම, කුලියට මිනී මැරීම ඇතුළු ජාරා වැඩ කරලා.." - දළදා වැඳ දවස අරඹන බව කියන මහනුවරින් හමුවූ පාතාලයාගේ කතාව

- "දේපල කොල්ලකෑම, කුලියට මිනී මැරීම ඇතුළු ජාරා වැඩ කරලා.." - දළදා වැඳ දවස අරඹන බව කියන මහනුවරින් හමුවූ පාතාලයාගේ කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2 Views

"හෙරොයින්, ගංජා වෙළෙඳාම, ගණිකා ව්‍යාපාර, කළු සල්ලි ගනුදෙනු කරන්නේ.."

"ප්‍රධාන පෙළේ උදවියගේ දුර ගමන් බිමන් සඳහා නොමිලේ වාහන දෙනවා.."

උන්හිටි ගමන් ඉකුත් සතියේ මහනුවර ම කැළඹී ගියේ, අහවලාගේ ගෙදර එල්ටීටීඊ යට සම්බන්ධ ගිනි අවි ඇතුළු අවි ආයුධ තිබූ බවටත් පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් ඒ සියල්ල සමග සැකකරුවන් අත්අඩංගුවට ගත් බවටත් සැලවූ පුවත සමගය. ඊට අදාළ බව කියන පුද්ගලයා මධ්‍යම පළාත තුළ පමණක් නොව ලංකාවේම නම් දැරූ අයෙක් බවද සැලය.


 ප්‍රබල දේශපාලනඥයින් ගේ සහ ආරක්ෂක අංශවල ප්‍රධානීන් සමග කිට්ටු සබඳතා පවත්වන වත්මන් රජයේ සහ හිටපු අමාත්‍යවරුන් කිහිප පළකගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස ද කටයුතු කළ අහවලා පොලිසියට කොටුවීම පුදුම සහගත ක්‍රියාවක් බව කසු කුසු නොගෑ අයකු නැති තරම්ය. ලංකාවේ කොතැනකත් ඇති සේම මහනුවරත් ප්‍රසිද්ධ අප්‍රසිද්ධ රහස් ඇත්තේය. හෙරොයින්, ගංජා වෙළෙඳාම, ගණිකා ව්‍යාපාර, කළු සල්ලි ගනුදෙනු, වාහන මංකොල්ල කෑම්, ව්‍යාජ ලෙස වාහන තබා ගැනීම සහ ව්‍යාපාර කටයුතුවල යෙදවීම, මුදල් පොලියට දීම, ආපසු නොගෙවීම මත දේපල කොල්ලකෑම, කුලියට මිනී මැරීම ඇතුළු මෙකී නොකී පාතාල කටයුතු සිදු කෙරෙන්නේය. කණ්ඩායම් කිහිපයක් මෙම කටයුතුවල යෙදී ඇති අතර, ඔවුනොවුන් අතරත් විවිධ ඝට්ඨන ඇතැයි ප්‍රසිද්ධය.
 
 මේ කතාවේ කතා නායකයා ව්‍යාපාරිකයකු ලෙස ප්‍රසිද්ධය. මිල මුදල් අසීරුතා මත පීඩා විඳින්නවුන්ට පොලියට මුදල් ලබා දෙමින්, සේවය සපයන බවද සැලය. දිනපතා දළදා මැඳුරට ගොස් ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඩහුන් කුටිය වෙතම ගොස් වැඳපුදා ගන්නා බව කියන මොහු දවස අරඹනුයේ එතැන් සිට යැයි කියති. දළදා මැඳුරේ ඉහළ මාලයේ සිට මහපාරට යන තෙක් මුණ ගැසෙන දන්නා නොදන්නා බොහෝ දෙනා වෙත මුදල් නෝට්ටු දෙමින් යන මොහු නිර්ලෝභීව මුදල් විය පැහැදම් කරන්නෙක් බවට ද ප්‍රකටය. ඇති හැටියට කාර්, වෑන්, ලොරි, බයිසිකල්, මෝටර් සයිකල් ආදිය සිය නිවසේ තබා ගනිමින් විවිධ ව්‍යාපාරයන්හි නියුතුව සිටි බව ද ආරක්ෂක අංශයන්හි හෝ වෙනත් ප්‍රධාන පෙළේ උදවියගේ දුර ගමන් බිමන් සඳහා සද්භාවයෙන් වාහන සපයන බවද දන්නෝ දනිති.
 
 ධන බලය විදහා දැක්වෙන සේ රත්‍රං පැළඳ බොදු බලය විදහා දැක්වෙන සේ පිරිත් නූල් බැඳ සුදුවතින් සැරසී සිටින මොහුගේ ළඟම හිතවත්තු ව සිටින්නේද පොලිස් නිලධාරීහු ම ය. වතුපිටි ඇති පදමට හිමි මොහු පන්විල ගෝමරේ අක්කර පනහකට පමණ ආසන්න තේ ඉඩම බංගලාව හි ආරක්ෂාව ද පොලිසියට භාර දී ඇති බව කියන්නේ රට්ටු ය. ඊට කිට්ටු පොලිස් ස්ථානයක ප්‍රබලයකු ද ඉකුත් දහනව වැනි දින මහනුවරට පැමිණ අදාළ පුද්ගලයාගේ නිවසට යෑමට අමතක නොකළ බවද සැලය. ආරක්ෂක අංශයේ හිතවත්තු බොහොමයක් දෙනා නිතර නිතර ආගිය තැනක් වන බහිරවකන්ද පෙදෙසේ පිහිටා ඇති දෙමහල් නිවස කොයි කාටත් විවෘත බවක් පෙනෙන්නේය. තම ප්‍රධානියාගේ ළඟම හිතවතුන් ලෙස කටයුතු කරන පොලිස් නිලධාරීන් නිවසට පැමිණීමෙහි අරුමයක් නැති කල ඉකුත් විසි වැනි දින ද පොලිස් කණ්ඩායමක් එහි යද්දී එහි හුන් පිරිස් එය ගණනකටවත් ගෙන නැත්තේය. නමුත් එය වැටලීමක් වන බව දැනගත් විට දෙලෝ රත් වූ තරුණයින් කිහිප දෙනකුගේ බළලා මල්ලෙන් පිට පැනීමෙන් නොසිතු පරිදි පරීක්ෂණ ඒ මේ අතපෙරැළීමටත් වැඩිදුර පරික්ෂණ මෙහෙයවීමටත් මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එන්.එම්. සිසිර කුමාර මහතා ට සිදුව ඇත්තේය.
 
 වැටලීම භාරව තිබූයේ මහනුවර කොට්ඨාස දූෂණ මර්දන ඒකකයට ය. ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ තොරතුරු රැසක් සැලව තිබීම මත වැටලීම සිදු කළ ද, ඒ මග වෙනතකට යොමු කොට රහසිගත අවි ගබඩාව පිළිබඳ තතු මතු වූයේ, ප්‍රධානියාගේ ඥාති පුත්‍රයකු ඒ මොහොතේදී පලා යෑමට උත්සාහ කිරීමත් සමග ය. නිවසට ඇතුළු වූ මත්ද්‍රව්‍ය පිළිබඳ විශේෂ පුහුණුව ලත් නිල සුනඛ ‘ලියෝ. (1296* එතෙක් ලබා තිබු නිලසුනඛ පුහුණුවෙන් උපරිම ඵල ප්‍රයෝජන ගත්තේය. මත්කුඩු පිළිබඳව ඉව දැනෙන දැනෙන සෑම අයෙකුගේම ඇඟට කඩා පනින ලදුව ඒ සියල්ලෝම අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිව තිබිණ. හැඩි දැඩි තරුණයින් වුවද, පොලිස් නිලධාරීන් වෙනදා නොවන වෙනස් ක්‍රියාකලාපයකින් කටයුතු කරනුයේ මන්ද යන කුහුල සමග අන්දමන්දව සිටියහ. තරුණ පිරිස පැන නොගියේ ද වෙනදා පුරුද්දට විය හැකිය.
 
 එහි සිටි අනෙක් තරුණයන් සියලූ දෙනා පොලිස් අත්අඩංගුවට ගත් මහනුවර කොට්ඨාස දූෂණ මර්දන ඒකකය, පොලිසියේ ඉහළ නිලධාරීන් දැනුවත් කර පොලිස් විශේෂ කාර්ය බලකාය මෙන්ම මහනුවර පොලිස් අපරාධ විමර්ශන අංශය ද කැඳවා ගනිමින් පුළුල් පරීක්ෂණයක් දියත් කොට තිබිණි.
 
 ලියෝ ගේ සහාය ඇතිව මුල් අවස්ථාවේ සොයා ගත හැකි වූයේ ගංජා පැකට් හතරක් පමණි. ඉරියව් සහ පැන දුවන්නට උත්සාහ කිරීම මත සමස්ත ගොඩනැගිල්ලත් යාබද ලැගුම්හලක හැඩය ගත් ගොඩනැගිල්ලත් පරීක්ෂා කිරීමට පොලිසිය කටයුතු කර තිබිණි. මුලින් සොයා ගත් පිස්තෝලයට යොදා ගන්නා ජීව උණ්ඩ දහහතක්, ඇමරිකාවේ නිෂ්පාදිත ස්වයංක්‍රීය රිපීටරයක්, එහි උණ්ඩ දහයක්, රිවෝල්වරයක් එහි උණ්ඩ හයක්, මැගසින් තුනක්, තවත් උණ්ඩ අටක් හිස් කොපු හයක් මෙන්ම කඩු හයක්, මුගුරු තුනක්, අත් මාංචුවක්, වාහන අංක තහඩු හයක් මෙන්ම අධි ධාරිතා යතුර පැදි දෙකක්ද මෙහිදී සොයා ගැනීමට හැකි වූයේ ඉල්ලමක් පෑදෙන පරිද්දෙනි. නිවස වටලන විට වාහන දොළහක් එහි තිබී ඇති අතර ඔවුන් අනාවරණය කරන පරිදි සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රථ දෙකක් ද තිබී ඇති අතර ඒවායේ අංක තහඩු නොතිබුණේය. නමුත් වී.අයි.පී. බෝඞ් රඳවා තිබී ඇත. මෙම වාහන මහමග යන කිසිදු අවස්ථාවක පොලිස් පරීක්ෂාවට ලක් නොවන බවද දැනගන්නට ඇත්තේය.
 
 සොයා ගැණුනු ආයුධ අතුරින් තවමත් පොලිසියේ දැඩි අවධානයට හා පරීක්ෂාවට ලක්ව ඇත්තේ මුලින්ම සොයා ගැණුනු පිස්තෝලය වෙතටය. එහි යොදා ඇත්තේ දමිළ භාෂාවට සමාන අකුරු කිහිපයකි. එනිසා එය එල්.ටී.ටී.ඊ. ය භාවිතා කළ ගිනි අවියක් බවට සැක කළ හැකි තත්ත්වයක් ඇති බව කියන්නේය. මෙවනි පිස්තෝල එල්.ටී.ටී.ඊ.යේ පිස්තෝල කල්ලිය භාවිතා කළ ඒවාය. එමෙන්ම එල්.ටී.ටී.ඊයේ ඉහළ පෙළේ නායකයන් අත පමණක් තිබූ බවට විමර්ෂණයන්හි මතයක් ඇත්තේය.
 
 වටලන අවස්ථාවේ එහි හිමිකරු බව කියන මෙහි ප්‍රධාන සැකකරු සහ ඔහුගේ පුත්‍රයා ඉන් පලා ගොස් සිටියහ. ඔවුනගේ ගෝලබාලයින් වන තරුණයන් හත්දෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබිණි. මහනුවර, බහිරවකන්ද, වැලිකන්ද, මඩොල්කැලේ, වෑබඩ, පොල්ගහමුල ආදී ප්‍රදේශවල පදිංචි මෙම හැඩි දැඩි තරුණයන් වයස අවුරුදු විසිතුන - විසිහය ආදි වයස්වල පසුවන්නන් බව කියන්නේය. වැටලීමේදී තවත් සැකකරුවක් අනතුරුව පොලිස් අත්අඩංගුවට ගැණුනු අතර ඔහු යුද හමුදා සෙබළෙකි. ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
 
 මහනුවර පොලිසියේ මහ පුටු බොහොමයක් ම නව්‍ය ව ඇත්තේය. මේ වන විට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, නියොජ්‍ය පොලිස්පති, කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සහ කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපතිවරයා ඇතුළු බොහෝ නිලධාරීන් මහනුවරට ආගන්තුක විය. මෙහෙයුම රහසිගතව දියත් කළ හැකි වූයේ එබැවින් විය හැකිය.

 සමන්තී වීරසේකර
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top