Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
17
'අහිංසකයි කියල නමක්‌ දිනාගෙන හිටියට කතාවට වැටුණම ගිරවි වගේ කතා කරනවා' - නිරෝෂා විරාජිනී - Photos

- 'අහිංසකයි කියල නමක්‌ දිනාගෙන හිටියට කතාවට වැටුණම ගිරවි වගේ කතා කරනවා' - නිරෝෂා විරාජිනී - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

18 Views

'ඒ වගේම තමයි ටොකු ඇන ඇන ඉගැන්නුවේ'
'ඒ ගැන ඇත්ත කිව්වට කවුරුත් පිළිගන්න එකක්‌ නෑ'
'බස්‌ එකේදි පිරිමි ළමයි මම කොකෙක්‌ වගේ කියල විහිළු කරා'

එදා සිට අද දක්‌වා එක ලෙස ජනප්‍රියත්වයේ රැඳී සිටින නිරෝෂා විරාජිනී මේ දිනවල සතිඅන්තයේ හිරු ටෙලි තිරයේ දිග හැරෙන ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම හිරු Star වැඩසටහනේ විනිසුරුවෙකු ලෙස එක්වෙනවා.

ඇය සිය රසියකයන්ට ජීවිතයේ වැදගත් තොරතුරු රැසක් ජාතික පුවත්පතක සංවාදයකට එකතුවෙමින් පවසා තිබෙන්නේ මෙවැන්නක්


* ගැටිස්‌සි කාලෙ
හැමෝගෙම ආදරය දිනාගෙන පාඩුවේ ජීවත් වුණ කෙනෙක්‌. අහිංසකයි කියනව ඇරෙන්න කාගෙන්වත් නරකක්‌ ඇහුවෙ නෑ. ක්‍රීඩා කරන්න පුදුම අකමැත්තක්‌ තිබුණෙ. හැබැයි ඩාන්සින්වලට හරිම කැමතියි. අහිංසකයි කියල නමක්‌ දිනාගෙන හිටියට කතාවට වැටුණම ගිරවි වගේ කතා කරනවා. සිංදු කියල බොහොම විනෝදෙන් හිටියා.

* පාසල
පළමුවැනි ශ්‍රේණියේ ඉඳල උසස්‌ පෙළ වෙද්දී පාසල් තුනක ඉගෙනගත්තා. මහනුවර සෙන්ට්‌ ඇන්තනීස්‌, ග්‍රෑන්ඩ්පාස්‌ සෙන්ට්‌ ජෝෂප් සහ ත්‍රිකුණාමලේ සෙන්ට්‌ මේරිස්‌ කියන විදුහල් තමයි ඒ.

* කරපු දඟ වැඩ
ඒ ගැන ඇත්ත කිව්වට කවුරුත් පිළිගන්න එකක්‌ නෑ. පාසල් ජීවිතේ තුළ කිසිම දවසක දඟ වැඩක්‌ කරා කියල දඬුවමක්‌ ලබපු ළමයෙක්‌ නෙමෙයි මම. මම කළේ යාළුවො කරපු දඟ වැඩ දිහා බලාගෙන හිටපු එක විතරයි.

* යෙහෙළියෝ
යාළුවො ගොඩක්‌ හිටියා. ඒ මම පුංචි කාලෙ ඉඳල සිංදු කියපු නිසා මාව ළඟට අරගෙන සිංදු කියවගත්තු අය. එහෙම නැතුව විශේෂම සහ හොඳම යාළුවො කියල පිරිසක්‌ මට හිටියෙ නෑ. පිටරටවල ප්‍රසංගවලට ගියාම එහෙම කිහිප දෙනෙක්‌ හමුවුණා. ලංකාවෙදි එහෙම හමුවෙන්නෙත් නෑ ඒ අය.

* කල්ලිගැහුණු තැන්
කල්ලි ගැහෙන්න මට යාළුවො හිටියෙ නෑනෙ. අනික ඒකට වෙලාවක්‌ සහ අවස්‌ථාවක්‌ වගේම විශේෂ තැනක්‌ තිබුණෙත් නෑ. මම ටියුෂන් ක්‌ලාස්‌වලට ගියෙත් නෑ. ගෙදරට ගෙන්නල තමයි අම්ම මට ටියුෂන් දුන්නෙත්. කල්ලි ගැහුණා නම් ඒ ඉස්‌කෝලෙ ඉස්‌සරහ තිබුණ හෝටලේදී තමයි. මොකද ආෆ්ටර් ස්‌කූල් ඉන්න දවස්‌වලට බත් කන්න එතනම ගිය නිසා...

* විලාසිතා
කිසිම අයිඩියා එකක්‌ තිබුණෙ නෑ ඒ ගැන. අම්මට මහන්න පුළුවන්. නිතරම එකම රෙද්දෙන් මෝස්‌තර දෙකකට මටයි නංගිටයි ඇඳුම් මහල දුන්නා. සායක්‌ ඇන්දත්, ගවුමක්‌ ඇන්දත් ගොඩක්‌ දිගට තමයි ඇන්දෙ.

* පටබැඳි නම්
පුංචි කාලෙ ඉඳල මම පන්තියේ අනික්‌ ළමයින්ට වඩා උසින් වැඩි නිසා බස්‌ එකේදි පිරිමි ළමයි මම කොකෙක්‌ වගේ කියල විහිළු කරා.

* පිරිමි ළමයි
ගෑනු ළමයි එක්‌ක ලොකුවට ආශ්‍රයක්‌ තිබුණෙ නැති මම පිරිමි ළමයි එක්‌ක ආශ්‍රයක්‌ තියෙන්නෙ කොහොමද. බස්‌ එකේ යද්දි එද්දි අංජන කියල බොහොම දැකුම්කළු ළමයෙක්‌ මා එක්‌ක හිනාවෙලා කතා කරා ඒ කාලෙ.

* අම්ම තාත්තා
තාත්ත එක්‌ක ළඟින් ඉන්න තිබුණු කාලය හරිම අඩුයි. ඔහු පිටරට රැකියාව කළ නිසා අම්ම එක්‌ක තමයි අපි හැමෝම ගොඩක්‌ එකතු. හැමදේම හොයල බලල කළේ අම්ම. ඒ වගේම තමයි ටොකු ඇන ඇන ඉගැන්නුවේ. තාත්ත ලංකාවට එන්නෙ අවුරුදු 2 කට සැරයක්‌නෙ. ඒ ආවම හරිම විනෝදයි.

* ගුරුවරු
ගොඩක්‌ හොඳ ගුරුවරු තමයි මම ගිය හැම පාසලකදීම හමුවණේ. පාඩුවේ හිටපු නිසා හැමෝගෙම ආදරේට පාත්‍ර වුණා. ඩාන්සින්වලට හිටපු පද්මිණී මිස්‌ මට ගොඩක්‌ ආදරෙන් සැලකුවා. ටීචර්ස්‌ලත් හැම වෙලේම මට කියල සිංදු කියවනව.

* විනෝදාංශ
මගේ ජීවිතේම ඉතින් සිංදුමනෙ. සිංදු අහන එකයි කියන එකයි තමයි මගේ විනෝදාංශය. ඊට අමතරව බොහොම හැඩ වැඩ දාල සිංදු පොත් හැදුවා.

* අහල පහල අය
තාත්ත විදේශගතවෙලා හිටපු නිසා අම්ම අපිව කොටුකරගෙන තමයි හැදුවෙ. ඒ නිසා අහල පහල අය ආශ්‍රය කරන්න ඉඩ ලැබුණෙ හරිම අඩුවෙන්. කොහොම වුණත් හැමෝම එක්‌ක මම හොඳින් හිටියා. අවශ්‍ය වෙලාවට අපි එකතු වුණා.

* බලාපොරොත්තු
ඒ කාලෙ මට තිබුණ ලොකුම සහ එකම බලාපොරොත්තුව ගුරුවරියක්‌ වෙන එක. ඒ වෙන දෙයක්‌ නිසා නෙවෙයි සාරි ඇඳල අඩි උස සෙරෙප්පු දාලා හෑන්ඩ් බෑග් එකක්‌ අරන් යන්න තිබුණ ආසාවට.

ධම්මික හේවාවසම්

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top