අතුරුගිරිය ප්‍රදේශයේ 15 හැවිරිදි පාසල් දැරියකට සිය පෙම්වතා සමඟ පලා යාමට උදව් කිරීම සම්බන්ධයෙන් ඇගේ පුංචි අම්මාවරුන් දෙදෙනකු සහ දැරියගේ පෙම්වතා ලෙස හඳුන්වන තැනැත්තා මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. පුංචි අම්මාවරුන් දෙදෙනාගේ උදව් ඇතිව පාසල් දැරිය රැගෙන ගිය සැකකරු ඇයව දුෂණය කර තිබේ.
දැරිය නාන කාමරයට යන බව පවසා රාත්‍රියේ මෙම පුද්ගලයා සමඟ පලා ගොස් ඇති බවට දෙමව්පියන් විසින් කරනු ලැබූ පැමිණිල්ලක් අනුව මෙම අපරාධකරු සොයා ගෙන තිබේ.
මොවුන්ගේ පලා යාමට ආධාර අනුබල දීමට සැකපිට ඇගේ පුංචි අම්මාවරුන් දෙදෙනා මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබ අධිකරණයට ඉදිරිපත් කොට අද (27දා) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කොට ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය අපවෙත පැවසිය.
තවද 15 හැවිරිදි දැරිය එම තරුණයා විසින් පසුගිය ජූලි 13 දින සහ ඔක්තෝබර් 15 දින දූෂණය කරනු ලැබ ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇති අතර දැරිය පරිවාස භාරයට පත් කර ඇති බවත් පොලිස් මාධ්‍ය කාර්යාලය වැඩිදුරටත් අනාවරණය කළේය.