Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
06
"අපේ පවුලේ ඔක්‌කොම හිරේ දැම්මා, තාම හිරේ දාගන්න බැරි වුණේ ගෝඨාභය විතරයි..."

- "අපේ පවුලේ ඔක්‌කොම හිරේ දැම්මා, තාම හිරේ දාගන්න බැරි වුණේ ගෝඨාභය විතරයි..."Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3 Views

"පිං අගමැතිකම් මට එපා.."

"මේ ආණ්‌ඩුව ඡන්දය පැරදිලා, කිසිම ලැඡ්ජාවක්‌ නැතුව තවත් ඉන්නවා..."

"අලුත් පක්‌ෂයක්‌ හැදුවොත් අපිව පාරේ ඇවිද්දනවා කිව්වා.."

දේශපාලන කතාබහ තුළ නිරන්තරයෙන්ම කතා වෙන චරිතයක් හැටියට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂයන්ව හදුන්වා දෙන්න පුළුවන්. පසුගියදා පැවති  පළාත් පාලන මැතිවරණයෙන් පසුව දේශපාලනය ගැන ඔහු කතා කළේ මේ විදිහටයි.


අලුතින් පත් කරන ලද කැබිනට්‌ මණ්‌ඩලය විහිළුවක්‌ ලෙස ඔබ විසින් හඳුන්වා දී තිබුණා...ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට නීතිය සහ සාමය ඇමතිකම ලැබුණා නම් කැබිනට්‌ මාරුව විහිළුවක්‌ නොව භයානක ආපදාවක්‌ බවට පත්වන්නට තිබුණා නොවේද...?
මම කැබිනට්‌ මණ්‌ඩලය පත් කරන්නවත්, නම් කරන්නවත් යන්නේ නැහැ. ඒක මට අයිති කාර්යයක්‌ නෙමෙයි. මේ කැබිනට්‌ මාරුව විහිළුවක්‌ ලෙස මතුපිටින් පෙනෙන අතරේ, එහි අභ්‍යන්තරය දෙස බලන විට, මේ සම්මුති ආණ්‌ඩුව තුළ තිබෙන බංකොලොත්භාවය පෙනී යනවා. මැතිවරණයට පෙර ජනාධිපතිවරයා විසින් ජනතාවට කිව්වේ, එජාපය කියන්නේ හොරුන්ගේ පක්‌ෂයක්‌. තමන්ට ආණ්‌ඩු කරන්න සිද්ධවෙලා තියෙන්න හොරු එක්‌ක කියලයි. දෙපැත්තේම හොරු එකතුවෙලා එතුමාට විරුද්ධව කටයුතු කරනවා කියලා කිව්වා... බොරැල්ල පැත්තේ තියෙන ගෙදරකදී හොරු - හොරු හම්බු වෙලා, තමන්ට විරුද්ධව කුමන්ත්‍රණ කරනවා කිව්වා... එජනිසයේ මන්ත්‍රීවරු අනු හය දෙනා හෙට උදේ, එතුමාගේ ගෙදරට ආවොත් එජාපය නැතුව ආණ්‌ඩුවක්‌ හදන්නම් කිව්වා... බැඳුම්කර හොරු එක්‌ක ආයෙත් ගනුදෙනුවක්‌ නැහැ කිව්වා... එහෙම කිව්ව ජනාධිපතිතුමා, එජාපයේ කැබිනට්‌ මණ්‌ඩලයක්‌ ආයෙත් පත්කරන එක විහිළු නෙමෙයිද...? ඒක තමයි පළවෙනි විහිළුව...

එජාපය සහ ජනාධිපතිවරයා අතර වෙනදා මෙන් දේශපාලන සුහදතාවයක්‌ නැති බව පැහැදිලිව පෙනෙන කාරණයක්‌... එසේ වුවත්, එජාපය සමග ගමනක්‌ යනවා හැරෙන්නට ජනාධිපතිවරයාට වෙනත් විකල්පයක්‌ ඉතිරි වී නැහැ... ඊට හේතුව වී ඇත්තේ ඔබ ඇතුළු ඒකාබද්ධ විපක්‌ෂයේ සහයෝගයත් ජනාධිපතිවරයාට නොලැබී යාමයි...?
එජාපය කියන්නෙත් එජනිසය කියන්නෙත් අද වෙනකොට පරාජිත බලවේග දෙකක්‌... රටේ ජනාධිපතිවරයාගේ පක්‌ෂය පළාත් පාලන මැතිවරණයෙන් ගත්ත ඡන්ද ප්‍රමාණය දෙස බලන කොට, රට කරන්න ජනාධිපතිවරයාට හැකියාවක්‌ තියෙනවාද කියන ප්‍රශ්නය මතු වෙනවා. එජාපයටත් එහෙමයි. ඒ දෙගොල්ලන්ගේම පක්‌ෂවල දැන් අර්බුද මතුවෙලා... ඒ අර්බුදයට ප්‍රධාන හේතුව වී තිබෙන්නේ, පොහොට්‌ටුවේ ජයග්‍රහණයයි. මේ රටේ ජනතාව පෙබරවාරි දහවෙනිදා දුන්නේ අමුතුම තීන්දුවක්‌... රටේ අගමැතිගේ සහ ජනාධිපතිගේ පක්‌ෂය එකට තියලා ඔවුන් විසින් පරාජය කර දැම්මා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හදනකොට ඔය අය කියපු දේවල් මතකනේ... අලුත් පක්‌ෂයක්‌ හැදුවොත් අපිව පාරේ ඇවිද්දනවා කිව්වා... අපේ පක්‌ෂයට සම්බන්ධ වෙන අයව හිරේ දැම්මා... එහෙම තර්ජන කරලා, මර්දනය කරලා, ජනතා බලවේගය නතර කරන්න බැරි බව ඒ අය දැන්වත් තේරුම් ගන්න ඕනේ...

පළාත් පාලන ඡන්දයෙන් ලබපු පරාජය පිළිබඳව එජාපය පැත්තෙන් කියවෙන්නේ වෙන කතාවක්‌... පසුගිය අවුරුදු තුන තිස්‌සේම හොරු අල්ලන බැරි වුණු නිසා මේ පරාජය අත්විඳින්න සිදුවූ බව ඔවුන් පවසන්නේ... ඒ නිසා නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍ය තනතුර ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා වෙත ලබා දෙන ලෙස එජාපයේ පිරිසක්‌ කියා සිටිනවා...?
මම නම් කියන්නේ එයාට ඒ ඇමතිකම දෙන්න කියලයි... මාස තුනක්‌ විතර යනකොට මේ තියෙන ඡන්ද ටිකත් ආණ්‌ඩුවට නැතිවෙලා යනවා...

සරත් ෆොන්සේකාට ඒ ඇමතිකම දෙනවාට රාජපක්‌ෂලා බයේ ඉන්න බව සමහරු සඳහන් කරනවා...?
අපි නම් හිරේ යන්න බය නැහැ... දාන්න කියන්න ඕනේ හිරගෙයක... අපි අද ඊයේ හිරේ ගිය මිනිස්‌සු නෙමෙයි. අපිව හිරේ දාන්න කියලා මුලින්ම කිව්වේ එල්ටීටීඊ ඩයස්‌පෝරාව... ඒ අයගේ වුවමනාව අද ඉටු කරන්න හදන්නේ මෙහේ ඉන්න අය. එදා ඉඳලා අපිට හොරු කියලා ලේබල් ඇලෙව්වා... අන්තිමට අල්ලපු හොරකමක්‌ නැහැනේ... සිල් රෙදි බෙදපු එකයි, නගර සභා වලට පයිප්ප බට බෙදපු එකයි, ලිත් ගහපු එකයි තමයි මේ ගොල්ලන්ට හොරකම් කියලා නඩු දාන්න ඉතුරු වුණේ... මේ රටේ ජනතාව බොරු කියලා ගොනාට අන්දන්න පුලුවන් පිරිසක්‌ නෙමෙයි. ජනතාව මේ බොරු තේරුම් අරගෙන තමයි, පෙබරවාරි දහවෙනිදා අපට ඡන්දය දුන්නේ... ජනවාරි අට වෙනිදා වෙච්ච වැරැද්ද ජනතාව යළි නිවැරදි කර ගත්ත එක තමයි, මට තියෙන ලොකුම සතුට. දැන් අපේ පවුලේ හිරේ දාන්න තව ඉතුරුවෙලා නැහැනේ... ඔක්‌කොම හිරේ දැම්මනේ... තාම හිරේ දාගන්න බැරි වුණේ, ගෝඨාභය විතරනේ... නාමල්ව හිරේ දැම්මා. යෝෂිතව හිරේ දැම්මා... අපේ පවුලේ නෑදෑයෝ හිරේ දැම්මා... ඒ විතරක්‌ද...? මුලින්ම හිරේ දැම්මේ, එස්‌.එම්. චන්ද්‍රසේනව, විමල් විරවංශව හිරේ දැම්මා... විමල්ගේ නෝනාව හිරේ දැම්මා... උදය ගම්මන්පිල, ජොන්ස්‌ටන්, මහින්දානන්ද... වගේ මගේ ආණ්‌ඩුවේ කටයුතු කරපු උදවියව හිරේ දැම්මා... මෙහෙම පෝලිමක්‌ හිරේ දැම්මානේ...

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට නීතිය සහ සාමය අමාත්‍යංශය බාරදීම නිසා, ඔබට දැන් සැනසිල්ලේ ඉන්න පුලුවන්, කියලයි සමහරු කියන්නේ...?
ශ්‍රීලනිපයේ ඉන්න ඇමතිවරු, රනිල්ගේ ඔඩොක්‌කුවේ ඉදගෙන, මම රනිල් එක්‌ක ඩිල් දානවා කියනවා... මම කවදාවත්ම එජාපය සමග ඩීල් දාලා නැහැ. ඒ කාලේ එජාපය අය අපේ පැත්තට අරගෙන මම ආණ්‌ඩු කරන කොට කිව්වේ, මම එජාපය විනාශ කරනවා කියලා. අද ශ්‍රීලනිපය එජාපයට පාවා දුන්න අය මට එජාපය ගැන කියලා චෝදනා කරනවා. ශ්‍රීලනිපය පරද්දන්න එජාපය එක්‌ක කුමන්ත්‍රණය කළේ මම ද...? ශ්‍රීලනිපයට එරෙහිව තරග කළේ කවුද...? බහුතරය තිබුණු ශ්‍රීලනිපය අයින් කරලා සුළුතර එජාපයට බලය දුන්නේ මමද...? ශ්‍රීලනිප අගමැති අයින් කරලා එජාප නායකයා අගමැති කළේ මමද...? මහ මැතිවරණයේදී අපේ කකුලෙන් ඇදලා එජාපයට ආයෙත් බලය දුන්නේ කවුද, කියලා මුළු රටම දන්නවා.
එජාපයට ආසන 106 ක්‌ තියෙද්දී අපේ අයට ඇමැතිකම්, උප ඇමතිකම් දීලා ඒ පැත්තට යැව්වේ කවුද...? එහෙම ගිහිල්ලා එජාපය එක්‌ක ආණ්‌ඩු හැදුවේ මමද...?

ඒ අය එජාපය එක්‌ක එක ගෙයි කන ගමන් අපිට චෝදනා කරනවා. මම රනිල් එක්‌ක ඩීල් දාන නිසා අපිට නඩු නැහැ, හිරේ දාන්නේ නැහැ කිව්වා. මගේ දරුවෝ හිරේ දැම්මා, බැසිල්ව හිරේ දැම්මා, එතකොට කෝ ඩීල්... මේ අය එජාපය එක්‌ක හොඳට ඩීල් දාගෙන අද ඒකත් මගේ ඇඟේ ගහන්න එනවා. රනිල්ගේ කැබිනට්‌ එකේ ඉඳගෙන මම රනිල් එක්‌ක ඩීල් දානවා කියලා කියනවා. ඔය පික්‌පොකට්‌ න්‍යායනේ. පික්‌ පොකට්‌ ගහලා ...හොරා... කියලා මුලින්ම දුවනවා වගේ නේ මේ අයගේ වැඩ...

පළාත් පාලන මැතිවරණයෙන් ඔබ ලබපු ජයග්‍රහණය ගැන දැනෙන සතුට කොහොමද...?
ජනවාරි අට වෙනිදා මේ රටට වෙච්ච වැරැද්ද, පෙබරවාරි දහවෙනිදා නිවැරදි වෙච්ච එක ගැන ඇත්ත වශයෙන්ම මම සතුටු වෙනවා. ඒක මට විශාල මානසික සුවයක්‌. අපේ දේශපාලනය වළදාන්න හිතාගෙන හිටපු අයට, තමන්ගේ දේශපාලනය වළලන දවස ළඟයි කියලා, රටෙන් පණිවිඩයක්‌ ඇවිල්ලා තියෙනවා.

මේ ජයග්‍රහණයෙන් පස්‌සේ, ඔබ ඊළගට කරන්න හදන්නේ කුමක්‌ද...?
මේ රටේ ජනතාව සතුව තියෙන උත්තරීතර අයිතිය තමයි මැතිවරණය කියන්නේ... ඒ අයිතිය උදුරාගෙන, හංගගෙන අවුරුදු ගාණක්‌ හිටියා... මේ අය හිතුවේ, කල් මරලා, අපිව හිරේ දාලා, මැතිවරණය ජය ගන්න පුළුවන් කියලා... ඒ ප්‍රොඩාවන් හැමදාම හරි යන්නේ නැහැ. අපේ ඊළඟ අදියර වන්නේ මේ ඡන්දයේ ප්‍රතිපල පිළිබඳව තියෙන ගැටලු නිරාකරණය කර ගන්න එකයි. මැතිවරණ කොමිසමට අපි පෙන්වා දී තිබෙන විදිහට මේ ප්‍රතිඵලය ගණනය කර තිබෙන විදිහේ දෝෂ රාශියක්‌ තිබෙනවා. කොහොමද මෙහෙම දෙයක්‌ අපේ කාලයේදී වුණා නම්... රතු අලි පැටව් ටික මේ වෙන කොට පාරට බැහැලා, යකා නටලා... තානාපතිවරු, විදේශ නායකයන් නිවේදන කීයක්‌ නිකුත් කරලද...? මේ පාර මැතිවරණ ප්‍රතිඵලය ප්‍රමාද වුණා කියලා අපි පාරට බැස්‌සද...? ජනවාරි අටවෙනිදා පාන්දර ප්‍රතිපල එන්නත් ඉස්‌සෙල්ලයි මම ගෙදර ගියේ... මේ අයට පහුවදා රාත්‍රී වෙනකොටවත් ප්‍රතිඵල නිකුත් කර ගන්න බැහැ... තාමත් හරි ප්‍රතිඵලයක්‌ දුන්නේ නැහැනේ... ස්‌වාධීන කොමිසම් දැම්මාම, ඔක්‌කොම හරි කියපු අය අද කට වහගෙන, හැංගිලා ඉන්නවා...

පළාත් පාලන ඡන්දයෙන් පස්‌සේ, ආණ්‌ඩුවේ වෙනසක්‌ වෙන බවට අනාවැකි පළවුණා.පාර්ලිමේන්තුවේ බහුතරය අරගෙන ඔබ අගමැති තනතුරට පත්වෙන බවට ආරංචි පැතිරුණා. මොකක්‌ද එහි අලුත්ම තත්ත්වේ...?
මම ආණ්‌ඩු කරන කාලයේ මේ විදිහට ඡන්දයක්‌ පැරදුනා නම්, මොකද වෙන්නේ... පහුවදාට අපිට එළියට බහින්න දෙන එකක්‌ නැහැ... ඉල්ලා අස්‌වෙන්න කියලා, කොළඹ වට කරයි... යුද්ධය තියෙන කාලයේ මතකනේ ... ආරක්‌ෂක මණ්‌ඩලය අරලිය ගහ මන්දිරයේ රැස්‌වෙන කොට, ජවිපෙ ඇවිල්ලා, අරලිය ගහ මන්දිරය වට කරලා උද්ඝෝෂණය කරනවා... මේ රටේ ත්‍රස්‌තවාදය නැති කරන්න, ඒ අය සහයෝගය දුන්නේ එහෙමයි... දැන් මේ ආණ්‌ඩුව ඡන්දය පැරදිලා, කිසිම ලැඡ්ජාවක්‌ නැතුව තවත් ඉන්නවා... ලැඡ්ජාවක්‌ තියෙනවා නම් කරන්න ඕනේ දේ අපි කියන්න ඕනේ නැහැනේ... අපි කියන්නේ වහාම මහ මැතිවරණයක්‌ පවත්වන්න... පාර්ලිමේන්තුවේ ඔලුගෙඩි එහෙට මෙහෙට කරලා, ආණ්‌ඩු අල්ලන්න අපිට හදිස්‌සියක්‌ නැහැ... ඊළගට තියෙන්නේ, පළාත් සභා ඡන්දය... අපි දැන් ඒකට ලැහැස්‌ති වෙනවා.

කැබිනට්‌ සංශෝධනයට පෙර ඔබ හා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර සාකච්ඡාවක්‌ සිදුවුණු බවට කට කතා පැතිරුණා... ඒ සාකච්ඡාවේදී තීරණය කර ගත්තේ මොනවාද...?
එහෙම සාකච්ඡාවක්‌ කළේ නැහැ... කැබිනට්‌ සංශෝධනය පිළිබඳව මගෙන් අහන්න ඕනේ නැහැනේ... හැබැයි මට ආරංචි වුණු විදිහට, සරත් ෆොන්සේකාට නීතිය සහ සාමය ඇමතිකම දෙන්න කියලා එජාපයෙන් යෝජනා වුණහම, ඒකට ජනාධිපතිතුමා විරුද්ධ වුණාලු...

ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයන් බහුතරයගේ අදහස වී තිබෙන්නේ, ඔබ සමග එකතු වී නව ආණ්‌ඩුවක්‌ පිහිට විය යුතු බවයි...
ඒක විසඳාගෙන තීරණයක්‌ ගත යුත්තේ ඒ අයයි... එහෙම වුණත් අපි ඇමැති තනතුරු ගන්න යන්නේ නැහැ...

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති තනතුරෙන් ඉවත් කරලා, එජාපයෙන් තොරව ආණ්‌ඩුවක්‌ හදන්න ඔබ සහයෝගය දක්‌වනවා ද...?
නැතුව... අපි ඒ ගැන මුල ඉඳන්ම කිව්වනේ... සුළුතරයක්‌ තියෙන රනිල්ට අගමැතිකම දුන්නේ මමද...? තනතුරු ගන්නේ නැතුව, ආණ්‌ඩුවක්‌ සදහා අවශ්‍ය බහුතරය ඇති කර ගන්න අපි සහයෝගය දෙන්න කිව්වහම, ඊට වඩා දෙන්න පුලුවන් සහයෝගය මොකක්‌ද...?

මේ ආණ්‌ඩුවේ අගමැතිකම භාර ගන්න ඔබ අකමැති මොකද...?
පිං අගමැතිකමක්‌ ගන්නේ මොකටද...? අපි පිනට තනතුරු ගන්නේ නැහැ...එහෙන් මෙහෙන් ගේම් ගහලා ගන්න තනතුරු අපිට වැඩක්‌ නැහැ... අපි පැරදුනු ගමන් ගෙදර ගිය මිනිස්‌සු... මහජන මතය තරම් වැදගත් දෙයක්‌ අපිට නැහැ... යන්න... යන්න... කියලා, අන්තිමේදී පලයන් කියලා එළවනකන් තනතුරු වල ඉන්න අපිට ඕනේ කමක්‌ නැහැ... සමහරු නම් එළවලාත් යන්නේ නැහැ... දැන් එජාපයේ තත්ත්වය බලන්නකෝ... තිස්‌ වතාවක්‌ පැරදිලත් කිසිම ලැඡ්ජාවක්‌ නැතුව, තවත් ඇමතිකම් අරගෙන ඉන්නේ... මහ බැංකුව මහ දවාලේ කොල්ල කන කොට, මහ බැංකුව තිබුණේ අගමැති යටතේ... අද ඒ හොරකම අල්ලන්න හදන කොට නීතිය සහ සාමය එයාට දෙනවා... මේක පුදුම යහපාලනයක්‌නේ... හොරකම ගැන පරීක්‌ෂණ හොරාට බාර දෙන ආණ්‌ඩුවක්‌ මේක... මැතිවරණයකින් හෝ විශ්වාශභංගයකින් මිසක්‌ අපි ආණ්‌ඩු ගන්න යන්නේ නැහැ... එකයි නෛතික ක්‍රමවේදය... මේ රටේ ආණ්‌ඩුව කියන්නේ දාම් ලෑල්ලක්‌ නෙමෙයිනේ...

ශ්‍රීලනිපයේ ප්‍රබලයන් රාශියක්‌ ඔබ සමග එකතුවීමට බලාගෙන ඉන්න බවට ආරංචි පැතිරෙනවා...
ඔව්... බොහෝ දෙනා අපිට කතා කරනවා... ජනතා මතය ගැන සංවේදීභාවයක්‌ තියෙන අය, අපිට එකතු වෙයි.

මනෝඡ් අබයදීර
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top