Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
08
"පෙන්නුවේ නැති වුණාට ගැහැණු ළමයින්ගෙන් ප්‍රතිචාර ලැබෙද්දී හිතට ඊර්ෂ්‍යවක් ඇති වෙනවා ඇති.." - මිහිර සිරිතිලක - Exclusive

- "පෙන්නුවේ නැති වුණාට ගැහැණු ළමයින්ගෙන් ප්‍රතිචාර ලැබෙද්දී හිතට ඊර්ෂ්‍යවක් ඇති වෙනවා ඇති.." - මිහිර සිරිතිලක - ExclusiveHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

16 Views


"මගේ විහිළු නිසා  එයාට තරහ ගිහින් ප්‍රශ්න ඇති වෙලත් තියෙනවා..."

"පවුල් ජිවිතේ කියන්නේ එහෙම තමයි.."

"චරිත හොයන්න අවුරුදු ගාණක් කට්ට කෑවා.."

ප්‍රහසනය එහෙම නැතිනම් තව කෙනෙකුගේ මුවගට සිනහවක් නැගෙන සේ රගපානවා කියන්නේ ලෙහෙසියෙන් කළ හැකි දෙයක් නෙමෙයි. නමුත් මිහිර සිරිතිලක කියන්නේ දැන් පුංචි තිරයේ ඉන්න හොදම ප්‍රහසන නළුවන්ගෙන් කෙනෙක්. එනිසාම ඔහුට බොහෝදෙනා ආදරේ කරනවා. හැමෝටම හිනා වෙන්න කියලා දෙන මේ නළුවා ගැන තොරතුරුයි මේ.


මිහිර කොහොමද තොරතුරු.. දැන් කාර්ය බහුල නළුවෙක්ද..?
ජිවිතේ හොදයි.සතුටින් ජිවත් වෙනවා. කාර්ය බහුල වුණා පසුගිය මාසය පුරාම. මේ දවස්වල නම් පොඩි විවේකයක් තියෙනවා නිදහස් පාඩුවේ ඉන්න.

"අහස් මාළිගාවටත් " විකටයෙක් වුණා කියලා ආරංචියි..?
ඔව්. හිරු රූපවාහිනියෙන් විකාශය වීමට නියමිත "අහස් මාළිගා" නාට්‍යට සම්බන්ධ වුණා. මට ඒ නිර්මාණයට සම්බන්ධ වෙන්න ඇත්තටම වෙලාවක් වෙන් කරගන්න අපහසු වුණා. නමුත් එහි අධ්‍යක්ෂවරයාට මාවම ඒ චරිතයට ඕන කිව්වා. මේ තරම් මාවම ගන්න උත්සහ කළ නිසා මම වෙන නිර්මාණ කිහිපයක දින කල් දාගෙන මේ නිර්මාණයට සම්බන්ධ වුණා. මේ චරිතයට ගත්ත එක ගැනත් මම සතුටු වෙනවා. මම රගපාන්නේ කැලුම්ගේ චරිතයට.

මිහිර කියන්නේ නිතරම ප්‍රහසන චරිත වලින් දකින්න ලැබෙන රංගන ශිල්පියෙක්. කැලුම්ව මිහිරට දැනුණේ කොයි විදිහටද..?
නිර්මාණය ලස්සන නිසා කැලුම්ගේ චරිතය දැනේනවා. කැලුම් කියන්නේ හෝටලයක් පවත්වාගෙන ගිහින් පසුව ඔහු ආර්ථිකමය වශයෙන් පහලට වැටෙන කෙනෙක්. මානුෂිය පැත්තකුත් තියෙනවා ප්‍රහසනය වගේම.

ප්‍රහසන නළුවා කියන රාමුව තුලට ඔබම කොටු වෙලාද. එහෙම නැති නම් අධ්‍යක්ෂවරුන් ඔබව කොටු කරලද..?
වැඩිපුරම ආරාධනා ලැබෙන්නේ ප්‍රහසන චරිත වලට තමයි. නමුත් මම කොටු කිරීමක් කරගෙන නැහැ. මාව කොටු කරලත් නැහැ. ප්‍රහසනවලින් තොර නිර්මානාත්මක චරිත සදහාත් මම සම්බන්ධ වෙලා තියෙනවා. එවැනි චරිත කිහිපයකින්ම පසුගිය කාලයේ මාව දකින්න ලැබුණා. එවැනි නිර්මාණ සදහා මාව තෝරා ගැනීමම වටිනවා කියලයි මට හිතෙන්නේ.

බොහෝ නළු නිලියන් කියන්නේ දකින්න නැත්තේ නිර්මාණවලට සම්බන්ධ වෙන්නේ චරිත තෝරා බේරා ගැනීම මත නිසා කියලා. ඔබත් චරිත තොරණ නළුවෙක්ද..?
මම නම් එහෙම නැහැ. මාව නිතරම ගන්නෙත් මම කලින් වැඩකළ අධ්‍යක්ෂවරුන්මයි. ඒ නිසා මට වැඩ අඩුවකුත් නැහැ. තෝරන්න දේකුත් නැහැ. කොහොමත් මට ලැබෙන්නේ හොද නිර්මාණ තමයි.

ඔබ වේදිකාවට වගේම සිනමාවටත් සමීප චරිතයක්.. ඒ ගැන කිව්වොත්..?
මම ගොඩාක් සමීප වේදිකාවට. පුළුවන් හැම වෙලාවකම වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙනවා. මේ දවස්වල ගිරිරාජ් අධ්‍යක්ෂණය කරන චිත්‍රපටියකට ලෑස්ති වෙනවා. තව චිත්‍රපටි දෙකකට ඇරයුම් ලැබුණා.

රූපවාහිනි තිරයෙන් දකින විහිළුකාර මිහිරවමද සැබෑ ජීවිතයේදීත් දකින්න ලැබෙන්නේ..?
ඔව්. වෙනසක් නැහැ. මම නිතරම විහිළු කරලා සැහැල්ලුවෙන් ඉන්න උත්සහ ගන්න චරිතයක්. කැමරාව ඉස්සරහ ඉන්න මිහිරම තමයි අනිත් වෙලාවටත් දකින්න ලැබෙන්නේ. ඒ විහිළු කාටවත් කරදරයක් වෙලා නැහැ.

සැමියෙක් විදිහට වගකීම් ගන්න ඕන අවස්ථාවලදීත් විහිළුවෙන්ම ඉන්නවා කියලා බිරිද චෝදනා කරලා නැද්ද..?
මගේ බිරිද ගීතිකා. එයා දන්නවා මං ගැන. මම ගෙදරත් විහිළුවෙන්ම ඉන්න කෙනෙක්. මොන දේ කිව්වත් සැහැල්ලුවෙන් හිතන්නේ. සමහර වෙලාවට එයාට තරහ ගිහින් ප්‍රශ්න ඇති වෙලත් තියෙනවා. ඒවා ලොකු ගැටළු නම් නෙමෙයි. පවුල් ජිවිතේ කියන්නේ එහෙම තමයි.

ගැහැණු ළමයින්ගෙන් ප්‍රතිචාර ලැබෙද්දී බිරිදගේ ප්‍රතිචාර කොයි වගේද..?
කොච්චර වුණත් ගැහැණු අයනේ ගැහැණු ළමයින්ගෙන් ප්‍රතිචාර ලැබෙද්දී හිතට ඊර්ෂ්‍යවක් ඇති වෙනවා ඇති පෙන්නුවේ නැති වුණාට. ඉද හිටලා කියනවා ඔයාට ඉතින් මට වඩා ලව් කරන්න අය ඉන්නවනේ කියලා.

කාර්යබහුල ජිවිතේ එක්ක පුද්ගලික ජිවිතේට මුල්තැනක් දෙන්න කාලයක් නැතුව ඇති..?
කාර්ය බහුලයි නම් තමයි. ගෙදර හැම වැඩක්ම කරන්නේ බිරිද. මට නම් කිසිම විදිහකින් උදව්වක් කරන්න වෙන්නේ නැහැ. පුළුවන් හැම වෙලාවකම ගෙදර ඉන්න තමයි උත්සහ කරන්නේ. බිරිද එක්ක ටිකක් නිදහසේ කොහේ හරි ගිහින් විනෝද වෙලා එන්න කොහොම හරි කාලය හොයා ගන්නවා.

ඔබ කවි පොතක් වගේම කෙටි කතා  පොතක් එළිදැක්වූවා. පිටපත් ලියනවා. මේ හැම දෙයක්ම පුළුවන් වගේ අධ්‍යක්ෂණයටත් යොමු වෙන්න පුළුවන්කමක් තියෙනවා නේද..?
මම දෙහි දොඩම් ප්‍රේමය කියලා කෙටි කතා පොතක් වගේම ඔබ නිසා කියලා කවි පොතක් එළිදැක්වූවා, මේ පොත් දෙකේම ප්‍රථම මුද්‍රණය ඉවරයි. දෙවැනි මුද්‍රණයත් අවසන් වේගෙන යනවා. ඒ ගැන සතුටුයි. ඒ වගේම මම වේදිකා නාට්‍යක් ලියලා අධ්‍යක්ෂණය කළා. නාට්‍ය කිහිපයකම පිටපත් ලිව්වා. එත් ටෙලි නාට්‍ය හෝ චිත්‍රපටි අධ්‍යක්ෂණය ගැන තවම හිතලා නැහැ.

ජනතාව වඩාත් ආදරේ කරන නළුවෙක් වෙන්න කට්ට කන්නත් ඇති මුල් කාලේ..?
ඔව්. මම කොළඹට එන්නේ 99 වර්ෂයේ. ඒත් මාව නළුවෙක් විදිහට නිර්මාණවලට ගත්තේ නැහැ 2003 වෙනකල්ම. 2003 තමයි පුංචි චරිතයකට මුලින්ම සම්බන්ධ වුණේ. එතකල්ම මගේ කාලේ ගෙවුනේ නිර්මාණ හොයන්න වගේම රංග පාසල්වල. කට්ට කෑවා. ඒ කට්ට වගේම දක්ෂතාවය නිසා තමයි අද මෙතන ඉන්නේ.

හර්ෂණී වීරරත්න


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top