එල් .ටී. ටී නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන්දිනය යෙදෙන අද(26) දිනයේ ප්‍රභාකරන්ගේ උපන්දින සැමරුම් වැඩසටහන් පවත්වා ඇති බව උතුරේ ආරක්ෂක අංශ පවසනවා.
ප්‍රභාකරන්ගේ උපන්ගම වන යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේදී ඊයේ(25) රාත්‍රියේ තරුණ කණ්ඩායම් විසින් අංක 63 සඳහන් කරමින් වන කේක් සාදා ප්‍රභාකරන්ගේ උපන්දින සැමරුමක් පවත්වා තිබෙනවා.
යාපනය ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් මහතා පැවසූවේ ප්‍රභාකරන්ගේ 63 වන උපන්දින සැමරුම් වැඩසටහන ප්‍රභාකරන් උපත ලද වැල්වැටිතුරෙයි ප්‍රදේශයේදී අද(26) පැවැත්වීමට නියමිත බවයි.
පහන් දල්වා මල් පුදා අදාළ උපන්දින සැමරුම පැවැත්වීමට නියමිත අතර, ඒ සඳහා සියළුදෙනා වෙත ආරාධනා කරන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.
පසුගිය වසරේදීද ශිවාජිලිංගම් ඇතුළු කණ්ඩායමක් යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේදී ප්‍රභාකරන්ගේ උපන්දිනය සමරනු ලැබුවා.