Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
27
රටම කළඹමින් සමූහ දූෂණය කර මරා දැමූ විද්‍යාගේ ඝාතකයින් 7කට මරණ දඬුවම නියම කරමින් අද ලැබුණු නඩු තීන්දුව - Video & Photos

- රටම කළඹමින් සමූහ දූෂණය කර මරා දැමූ විද්‍යාගේ ඝාතකයින් 7කට මරණ දඬුවම නියම කරමින් අද ලැබුණු නඩු තීන්දුව - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4 Views

විද්‍යා දැරිය පැහැරගෙන ගොස් සමුහ දුෂණය කර ඝාතනය කර තිබුනා...

"පැමිණිල්ල දාන්න පොලිසියට ගියේ අපි ත්‍රීරෝද රථයක් හයර් කරගෙන"

යාපනය, කයිට්ස් -පුංකුඩිතිව් ප්‍රදේශයේදී සමූහ දූෂණය කර ඝාතනය කළ  ශිවලෝගනාදන් විද්‍යා පාසල් දැරියගේ සිද්ධියේ එක් විනිසුරුවරයෙකුගේ නඩු තීන්දුව මීට ටික වෙලාවකට පෙර ප්‍රකාශයට පත් කෙරුනා.

එහිදී තීන්දුව ලබාදුන් විනිසුරු මානික්කවාසගර් ඉලංචේලියන් සැකකරුවන් 7 දෙනෙකුට මරණ දඬුවම ලබාදුන්නා.

යාපනයේ මහාධිකරණ විනිසුරු මානික්කවාසගම් ඉලන්චේලියන් , නල්ලූර් ප්‍රදේශයේ සිය නිල රථයේ ගමන් කරමින් සිටියදී සිදු වූ වෙඩිතැබීමකින් ඔහුගේ ආරක්ෂකයකුව සිටි උප පොලිස් පරීක්ෂක සරත් හේමචන්ද්‍ර පසුගිය දා මියගිය අතර එම සිද්ධියත් සමග විනිසුරුවරයා ගැන රටේ මහත් කතාබහක් ඇතිවුනා.


කෙසේ වෙතත් ත්‍රිපුද්ගල විනුසුරු මඩුල්ලේ තවත් විනිසුරුවරුන් දෙදෙනෙකු ඔවුන්ගේ තීන්දු ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.

ඝාතනයට සම්බන්ධ සැකකරුවන් පිළිබද තීන්දුව ප්‍රකාශ කිරීම යාපනය මහාධිකරණය අද (27) පෙරවරුවේ ආරම්භ කරනු ලැබු අතර පළමුව තීන්දුව ලබාදුන් විනිසුරුවරයාගේ තීන්දුව පිටු 332 කින් සමන්විත වුනා.

අදාළ නඩුව වවුනියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන් ගේ සභාපතිත්වයෙන් යුතුව යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලංචේලියන්  හා ත්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු අන්නාලිංගම් ප්‍රේමශංකර්ය යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාගයට ගැනුනා.

කොළඹින් පිට මෙසේ විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නඩුවක් විභාග කර තීන්දුවක් ලබාදුන් පළමු අවස්තාව මෙයයි.

නඩු විභාගයට අදාළ පැමිණිළි පාර්ශවයේ, රජයේ සාක්ෂි  හා විත්තිකරුවන්ගේ සාක්ෂි ලබා ගැනීම පසුගියදා අවසන් කිරීමෙන් පසු අද(27)තීන්දුව ප්‍රකාශ කෙරුනා.

ඝාතනයට සම්බන්ධ විත්තිකරුවන් වුයේ  පූබාලසිංගම් ඉන්ද්‍රකුමාර්, පූබාලසිංගම් ජෙයක්කුමාර්, පූබාලසිංගම් තවකුමාර්, මහාලිංගම් සෂින්ද්‍රන්, තිල්ලේනාදන් චන්ද්‍රහාසන්, සිවදේවන් දුෂාන්ත් (පෙරියම්බි), පලනි රූපසිංහම් කුගදාසන්, ජෙයතරන් කෝකිලන්, මහාලිංගම් ශෂිකුමාර්(ස්විස් කුමාර්) යන 09 දෙනායි.

පැමිණිල්ල වෙනුවෙන් නීතිපති දෙපාර්තුමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් කුමාර් රත්නම්, රජයේ නීතීඥවරුන් වන නිශාන්ත් නාගරත්නම් , ලක්සි ද සිල්වා සහ මාලිනී විග්නේෂ්වරන් පෙනී සිටියා.

සිද්ධියට සම්බන්ධ  01, 02, 03, 05 සහ 06 වැනි විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ සුරංග බාලසිංහ  සහ නීතීඥ මහින්ද ජයවර්ධන  ද, 05 වැනි විත්තිකරු වෙනුවෙන් නීතීඥ ආරුමුගම් රගුපති පිල්ලේ  ද, 04, 07, 08 සහ 09 වැනි විත්තිකරුවන් වෙනුවෙන් නීතීඥ සින්නරාසා කේදීස්වරනුත්ද, විත්තිකරුවන් නව දෙනා වෙනුවෙන්ම රජයේ  රජයේ නීතීඥ විග්නරාජා ජයන්තා  ද පෙනී සිටියා.

යාපනය කයිට්ස් පුංකුඩිතිව් 09 වන පටුමග ප්‍රදේශයේදි 2015 මැයි මස 13 වන දින පාසල් ඇදුම්න් සැරසි පාසල් ගිය 18 හැවිරිදි ශිවලෝගනාදන් විද්‍යා දැරිය පැහැරගෙන ගොස් සමුහ දුෂණය කර ඝාතනය කර තිබුනා.

ඝාතනය සැළසුම් සහගතව සිදුකොට ඇති බැව් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ, නීතිපති දෙපාර්තමේන්තු නිළධාරීන් සදහන් කළා.

මෙරට අධිකරණ ඉතිහාසයේ පළමු වරට යාපනය මහාධිකරණය තුළදි ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩුවක් විභාග කරනු ලැබූ අතර
ඝාතනය සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ සාක්ෂි විමර්ශනය යාපනය මහාධිකරණයේදී ජුනි මස 12 වැනිදා ආරම්භ කෙරුනා.

ඝාතනය සම්බන්ධයෙන් වැඩබලන නීතිපතිවරයා ලෙස  දප්පුල ද ලිවේරා  මහාධිකරණයේදී  මෙලෙස පැවසුවා.

"යාපනය- කයිට්ස්ල පුන්කුඩිතිව් ප්‍රදේශයේදි වයස අවුරුදු 18 ක් වු ශිවයෝගනාදන් විද්‍යා සිසුවිය ඝාතනය කිරීම සැළසුම් සහගතව සිදුකොට ඇති අතර දැරිය අපයෝජනය කරන අයුරු රූගත කොට විදෙස් රටවලට විකිණීමේ උත්සාහයක් තිබී ඇති බවත්, දකුණු ආසියාවේ දැරියන් හා තරුණියන් අපයෝජනය  කර ඒවායේ දර්ශන පටිගත කර   අලෙවි කරමින් කෝටි ගණනින් ලාභ උපයන ව්‍යාපාරයක් මීට හේතු වී ඇති බවත් හෙළිවී තිබෙනවා"

ඔහු කියා සිටියේ  පැවසූවේ අපරාධයට සම්බන්ධ පිරිස් ආරක්ෂා කිරීමට උත්සාහ කළ පුද්ගලයන් සම්බන්ධයෙන් ද විමර්ශන සිදු කළ බවත්, රුපියල් මිලියන 20ක මුදලක් ලබා දී විමර්ශන යට ගැසීමේ වෑයමක්ද  තිබි ඇති බවයි.

2015 වසරේ මැයි මස 13 වනදා යාපනය පුංකුඩිතීව් මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලද ශිවලෝගනාදන් විද්‍යා දැරිය සමූහ දූෂණය කොට මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 12 දෙනා අතුරින් 09 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින්  අධි චෝදනා ගොනු කරනු ලැබුවා.

පූබාලසිංගම් ඉන්ද්‍රකුමාර්, පූබාලසිංගම් ජෙයක්කුමාර්, පූබාලසිංගම් තවක්කුමාර්, මහාලිංගම් ශෂිදරන්, තිල්ලේනාදන් චන්ද්‍රහාසන්, ශිවදේවන් දුෂාන්ත්, පලනි රූපසිංහම් කුගනාදන්, ජෙයතරන් කෝකිලන් සහ මහාලිංගම් ශෂිකුමාර් හෙවත් ස්විස් කුමාර් නමැත්තන් වෙනුවෙන් අධි චෝදනා ගොනු කොට තිබුනා.

නියොජ්‍ය සොලිස්ටර් ජෙනරාල් කුමාර් රත්නම්  සහ තවත් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥවරු සිව් දෙනෙක් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියා.

පළමු, දෙවැනි, තෙවැනි, පස්වැනි සහ සයවැනි සැකකරුවන්ට එරෙහිව පැහැරගෙන යාම, අපයෝජනයට ලක්කිරීම සහ ඝාතනය කිරීම යන චෝදනා එල්ල කර ඇති අතර   සිව්වැනි,හත් වැනි, අට වැනි සහ නව වැනි සැකකරුවන්ට එරෙහිව අපරාධයට සැලසුම් කිරීම, ඊට ආධාර අනුබල දීම යන චෝදනා ඉදිරිපත් කොට  තිබුනා.

නඩු විභාගයේදි වැඩබලන නීතිපති දප්පුල ද ලිවේරා  වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කරමින් පැවසූවේ

"ලක් ඉතිහාසයේ ප්‍රථම වරට යාපනය මහාධිකරණය තුළ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් ඉදිරියේ නඩු විභාගයක් පවත් වන්නේ.  සැලසුම් සහගතව  පැහැරගෙන ගොස්, අපයෝජනය   කර විද්‍යා සිසුවිය ඝාතනය කර තිබෙනවා. මෙම ඝාතනය සිදු කර ඇත්තේ 2015 වසරේ මැයි මස 13 වැනි දා උදෑසන 7.30ට පමණ.   මෙය යාපනය  පමණක් නොවෙයි මුළු දිවයිනම කම්පාවට පත් කරන සිද්ධියක් බවට පත්වුණා.  ඝාතනය සම්බන්ධයෙන් පොලිසියත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් පරීක්ෂණ සිදුකරනු ලැබුවා.  ඒ අනුව  මෙම අපරාධය සිදු කළ නව දෙනා හඳුනා ගත්තා. අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට මෙම අපරාධය සම්බන්ධයෙන්  පරීක්ෂණ සිදුකිරීමට නීතිපතිවරයා පූර්ණ සහායක් ලබා දුන්නා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන කළ ආකාරය පැසසිය යුතුයි."
 
"අපරාධයට සම්බන්ධ පිරිස් ආරක්ෂා කර ගැනීමට සමහර පිරිස් උත්සහා දරනවා. ඒ පිළිබඳවත් විමර්ශන සිදු කළා. ඒ අනුව ඔවුන්ට එරෙහිව අපි නීතිමය පියවර අරගන්නවා. මෙම අපරාධය සාමාන්‍ය මිනී මැරුමක් හෝ දූෂණයට ලක් කිරීමක් නොවෙයි. මෙය කලකට පෙර සිටම සැලසුම් කර  සිදු කළ අපරාධයක්. මීට ජාත්‍යන්තර වශයෙන් සැලසුමක් තිබුණා. මේ නිසා මේක ජාත්‍යන්තර අපරාධයක් විදිහටත් කියන්න පුළුවන්."
 
"මෙම අපරාධය සම්බන්ධයෙන් හමුවූ නඩු භාණ්ඩත්, කොන්දේසි සහිතව නීතිපතිවරයා විසින් පොදු සමාව ලබා දුන් අයගේ සාක්ෂිත් තිබෙනවා. මේ අනුව මෙකී අපරාධයේ සැලසුම්කරු වශයෙන් ඝාතනයේ නව වැනි සැකකරු හදුනාගන්න පුළුවන් වුනා.  සිසුවිය   අපයෝජනය කිරීම වීඩියෝ  කර ජාත්‍යන්තර වෙළඳපොළට  විකිණීමට උත්සහා දරා තිබෙනවා. ඔහු මෙරට උපන් අයෙකු වුවත් ස්විස්ටර්ලන්තයේ ප්‍රජා අයිතිය හිමි කෙනෙක්. ස්විස්ටර්ලන්තයේ සිට විටින් විට මෙරටට පැමිණ තිබෙනවා. මොහු ස්විස්ටර්ලන්තයේ සිටිමින් ඝාතනයේ සැකකරුවන් 06 දෙනෙකු සමගින් සම්බන්ධ වී මේ අපරාධය   සැලසුම් කර තිබෙනවා. දකුණු ආසියා  රටවල  දැරියන් හා තරුණියන් ලිංගික අප යෝජනයට  කර  ඒවා වීඩියෝ   කරමින් අධික මිළකට අලෙවි කරනවා. මේ ඝාතනයේ නව වැනි විත්තිකරු මෙකී සිද්ධියෙන් මිදීමට සහාය වන්නැයි ඉල්ලමින් රුපියල් මිලියන 20ක මුදලක් පොලිස් ප්‍රධානියකු වෙත ලබා දීමට උත්සහා දරා තිබෙනවා. මෙම ඝාතනයේ 2, 3, 5 සහ 6 වැනි විත්තිකරුවන් සිසුවිය දූෂණය කර තිබෙනවා. ඔවුන් මාරුවෙන් මාරුවට මෙම සිසුවිය දූෂණය   කර තිබෙනවා,   05 සහ 06 වැනි සැකකරුවන් සිය ජංගම දුරකතනවලින් එය පටිගත කරගෙන තිබෙනවා, අනතුරුව එම වීඩියෝව විදේශිකයෙකු වෙත අලෙවි කර තිබෙනවා. එම වීඩියෝව විමර්ශන සඳහා ලබා ගැනීමේ උත්සහය ව්‍යාර්ථ වුණා. නමුත් මෙකී වීඩියෝව විකුණූ බව සනාථ වන සාක්ෂි සොයා ගැනීමට හැකි වුණා."

"ඝාතනයේ 2, 3, 5 සහ 6 සැකකරුවන් සිසුවිය පාලු නිවසකදී දූෂණයට  කර තිබුණා. අනතුරුව සිසුවියගේ සිරුර හමුවූ ස්ථානයට ඔසවාගෙන විත් සිසුවියගේ අත් පා බැඳ ඇයගේ ගෙල මිරිකා හුස්ම සිර කර ඝාතනය  කර  තියෙනවා. සිසුවියගේ හිස ප්‍රදේශයේත් තුවාල සිදුවී තිබෙනවා.

මෙම අපරාධයට නීතිය ඉදිරියේ හැකි උපරිමයෙන්ම දඩුවම් දිය යුතුයි. මෙවන් දෑ සමාජය තුළ මතු නොවෙන ආකාරයේ තීන්දුවක් ලැබේවි යැයි විශ්වාස කරනවා"

විද්‍යා සිසුවියගේ මව වන ශිවයෝගනාදන් සරස්වතී මහත්මිය නඩු විභාගය වෙනුවෙන් සාක්ෂි ලබාදෙමින් මෙලෙස සදහන් කළා.

"මාගේ දියණිය දිනපතා පාසල් යන්නේ යතුරු පැදියෙන්. පෙරුම්බාල් කියන්නෙ  මගේ පුතා. ඔහුයි වැඩිපුරම ඇයව පාසල් ගෙන යන්නේ. සමහර වෙලාවට ඇයට වැඩක් තියෙනවා නම් දුව ඇයගේ එකට ඉගෙන ගන්න යාළුවො එක්ක පාසල් යනවා. මාගේ සැමියා අංශභාගය රෝගයෙන් පෙලෙනවා. ඔහු ඉන්නෙ ඔත්පලවයි. මෙනිසා පුතා අතරමගදී පාසල් අධ්‍යාපනයත් නතර කර  වැඩට යන්න පටන් ගත්තා. නිවසේ සිට පාසල් යන මාර්ගය කැලෑවෙන් හා පාළු ගෙවල්වලින් යුක්තයි. මාර්ගත් අබලන්. වැසි කාලෙට ඒ මාර්ගය භාවිතා කරන්නත් අපහසුයි."

"සිද්ධිය සිදුවූ දින උදෑසන විද්‍යා දියණිය පාසලට පිටත් වුණේ උදෑසන 7.30ට. මමයි ඇයව පාරට ඇරලුවේත්. එදින ඇය හා එකට ඉගෙන ගන්න දැරියක් එක්ක පාසල් යන බව කිව්වා. එම සිසුවිය   නොපැමිණි නිසා විද්‍යා තනියම පාසලට ගියා. පාසල් ගිය විද්‍යා නිවසට එන සුපුරුදු වේලාව පසුවී යාම නිසා ඇය ගැන සොයා බලන්නැයි කියල මං පුතාව පාසලට යැව්වා. එයා එහි ගිහිං පාසලේ කවුරුත් නැහැ. පාසලත් වහල කියල දුරකතනයෙන් කියුවා. ඉන් පසු ඇගේ මිතුරු මිතුරියන්ගෙන් අහද්දි ඔවුන් කියා සිටියා විද්‍යා අද පාසල් ආවේ නැහැ කියලා."

" ඊට පස්සේ මායි පුතායි විද්‍යා ව හොයහොයා ඇවිද්දා. හවස 6.30ට විතර කුරික්කට්ටුවාන්  පොලිස් මුරපොල වෙක පැමිණිලි කරන්න ගියාම ඔවුන් පැමිණිල්ල බාර ගන්න බැහැ කියුවා. අපිට කයිඩ්ස් පොලිසියට ගියා"
"ඒ අනුව රෑ 8ට විතර කයිට්ස් පොලිසියට ගියා පැමිණිල්ලක් දාන්න. මේ වයසේ ගෑනු ළමයි කොහේ උනත් යයි, ආයෙ එයි කියලා පොලිසිය කිව්වා. පස්සේ අපි කිව්වා අපේ දැරිය එහෙම කෙලේලෙක් නෙවෙයි කියලා. පසුවයි අපේ පැමිණිල්ල ඔවුන් සටහන් කරගත්තේ. පැමිණිල්ල දාන්න පොලිසියට ගියේ අපි ත්‍රීරෝද රථයක් හයර් කරගෙන, රෑ 10ට විතර ගෙදරට හැරිල එද්දි ත්‍රීවිල් රියදුරු කියුවා මා හැමදාම උදෑසන 7.30ට විද්‍යාව ආලඩි මංසන්දියේදී දකිනවා කියලා. එහෙත් අද(සිද්ධීය වූ දින මැයි 13) මා ඇයව දැක්කේ නැහැ. මෙනිසා ඇය අනිවාර්යෙන්ම අතුරුදහන් වෙන්න ඕන., ඇයගේ නිවසත් ආලඩි මංසන්දියත් අතරතුරයි. ඒ පැත්තේ සොයා බලන්න කියල කියුවා"

" රෑ වීමත් වැසි ඇදහැලීමත් නිසා අපි විද්‍යාව හොයන එක අතහැරල නිවස කරා පැමිණියා. පසුදින උදෑසන 6ග30ට පමණ මායි මගේ පුතයි නැවතත් විද්‍යාව සොයන්න පටන් ගත්තා. පාර දෙපැත්තට වී අපි ඇයව සෙව්වා."

"මගේ පුතයි ඔහුගේ යාළුවයි අම්මා විද්‍යා කියල මහහයියෙන් කෑ ගසනවා ඇසුනා. ඒ සද්දෙට මාත් ඒ දෙසටම දිවගියා. අම්මා අපේ විද්‍යා කියලා පුතා නැවත නැවතත් කෑ ගසා අඬද්දි මාත් සිහිසුන් වුනා. මාත් එක්ක ආව අසල්වැසියා තමයි ගමේ අයත් එක්කන් ආවේ. මම විද්‍යාගේ මලසිරුර මීටර් 20ක් විතර ඇතින් ඉදලයි දැක්කේ. ළඟට යන්න තරම් ශක්තියක් තිබුණේ නැහැ. පුතාත් සිහිසුන්ව ඇද වැටුණු නිසා පුතාවත් රෝහල් ගත කළා. අනතුරුව කයිට්ස් පොලිසියේ නිළධාරීන් උදෑසන 10ට විතර සිද්ධිය වූ තැනට පැමිණියා. දේහය පරීක්ෂණ සදහා රෝහල වෙත ගෙන ගියා"

ඝාතනයට අදාළව පරීක්ෂණ මෙහෙයවු රහස් පොලිසියේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා යාපනය මහාධිකරණයේදී නඩුවට අදාළ සාක්ෂි ලබාදෙමින් පැවසූවේ

"යාපනය- පුංකුඩිතිව් ප්‍රදේශයේදී ඝාතනයට ලක්වු ශිවලෝගනාදන් විද්‍යා දැරියගේ ඝාතනය නාවික හමුදාව හා වෙනත් ආරක්ෂක අංශයක් විසින් සිදුකළ බවට චෝදනා කරමින් අදාළ ඝාතනය ආරක්ෂක අංශ සිදුකළ බවට චෝදනා කිරීමට සැකකරුවන් උත්සහයක් ගෙන තිබුණා. දැරිය‍ගේ ඝාතනය සිදුවු ස්ථානයට කිලෝමීටර දෙකක පමණ දුරකින් නාවික හමුදා කදවුරක් පිහිටා තිබීම හේතුවෙන් ඝාතනය නාවික හමුදාව සිදුකළ බවට චෝදනාවක් එල්ල කොට තිබුණා."

"සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂා කිරීමේදී හයවන විත්තිකරු‍ගේ නිවසේ තිබි දැරියගේ උපැස් යුවළ සොයාගනු ලැබුවා. අදාළ උපැස් යුවළ පරණ කලිසමක ඔතා තිබුනා."

එලෙසම සැකකරුවන් වවුනියාව බන්ධනාගාර‍යේ බන්ධනාගාරගතව සිටින අවස්ථාවේදී ඉෆ්තාප් නමැත්තෙකු දුරකථන මාර්ගයෙන් කථාකොට සිද්ධියට සම්බන්ධ 09වන විත්තිකරු හා 04 වන විත්තිකරු රජයේ සාක්ෂිකරුවන් කරන ලෙසට ඉල්ලීම් කළ බවත්, ඒ සඳහා රුපියල් කෝටි දෙකක මුදලක් ලබාදෙන බවට අල්ලස් ලබාදීමට උත්සහ කළ බවද සිල්වා  අධිකරණය හමුවේ පැවසුවා.

ස්විස් කුමාර් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ සාක්ෂි ලබාදෙමින් උප පොලිස් පරීක්ෂක ශ්‍රිගජන් නිළධාරියා සිදුකළ ක්‍රියාවන් සම්බන්ධයෙන් මෙලෙස පැවසුවා.
"මම කෝවිලක ඉන්නනකොට පොලිසියේ ශ්‍රිගජන් මහත්තයා මගේ දුරකථනයට කෝල් කරලා තිබ්බා. එතකොට මගේ යාළුවෙක් තමයි පෝන් එක ආන්සර් කරලා තිබුණේ. ශ්‍රීගජන් මහත්තයා එහිදි මගේ යාළුවාට කියලා තිබ්බා මට කථා කරන්න කියලා. මම කෝවිලේ උත්සවය ඉවරවෙලා ශ්‍රිගජන් මහත්තයාට කථා කරා. එයා කිව්වා මාව හම්බවෙන්න ඕනේ කියලා."

"එහෙම කියලා මැයි 17 වැනිදා ශ්‍රිගජන් මහත්තයා අපේ ගෙදර ඇවිල්ලා කිව්වා මාව ආරක්ෂා කරන්නම් කියලා. අපිට ‍එයාගේ වාහනයේ එන්න කියලා කිව්වා. අපි ඊට පස්සේ මම ම‍ගේ ස‍හෝදරයයි තවත් හතරදෙනෙක් එක්ක පොලිසියට ගියා. එහිදි ශ්‍රිගජන් මහත්තයා මගේ සහෝදරයා ඇතුළු හතරදෙනෙක් අත්අඩංගුවට අරගෙන මට යන්න කියලා කිව්වා"

"මම ඇහුවා මගේ අනෙක් පිරිස අත්අඩංගුවට ගත්තේ ඇයි කියලා.ඒවේලාවේ එයා කිව්වා කොහේ හරි යන්න කියලා.ඊට පස්සේ මට බය හිතුනා ආයේ ගමට යන්න. පස්සේ මම බස් ස්ටෑන්ඩ් එකට ඇවිල්ලා බස් එකක නැගලා කොළඹ ගියා"



Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top