මුහුණු පොතේ නරක දේ වගේම හොඳ දේවලුත් අහන්න දකින්න ලැබෙනවා.
ඒ වගේ සිදූවීමක් ගැන තමයි මේ කියන්න යන්නේ. කිසියම් පිරිසකගේ වැඩක් නිසා ඉබ්බෙකුගේ කටුවට හානි සිදුවෙලා තියෙනවා කියලා මුහුණු පොතේ පිටුවක් හරහා පළවෙලා තියෙනවා.
පසුව එම සටහන දැකපු වෛද්‍යවරයෙක් අසරණව තුවාල වී සිටි ඉබ්බාට වෙදකම් කර සුවපත් කර තිබෙනවා.
එම සත්ක්‍රියාව සිදුකළ වෛද්‍යවරයා අරුණ චන්ද්‍රසිරි නමැත්තකු බවයි පැවසෙන්නේ.
ඔහු මහියංගන ජාතික පාසලේ හා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උසස් අධ්‍යාපන ලැබූ අයෙකු බවයි සඳහන් වන්නේ.