ඒ, පාරේ පයින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු පස්සෙන් වන අලියෙකු ඉතා ආසන්නයෙන් ලුහුබඳිමින් පැමිණි මොහොතකයි. සාමාන්‍යයෙන් වන අලියෙක් පස්සෙන් පන්නද්දී ඕනෑම කෙනෙක් කරන්නේ ජීවිතය බේරාගන්න තියෙන මුළු ශක්තියම දාලා දුවන එක වුණත්, මේ පුද්ගලයාට තමන්ගේ ජීවිතය ගැන කිසිම බයක් හෝ අලියගෙන් බේරෙන්න කිසිම උවමනාවක් තිබුණේ නැහැ. පෙනෙන විදිහට ඔහු යම්කිසි මානසික ආබාධයකින් පෙළෙන තැනැත්තෙක්.
මරණය තප්පර ගණනක් දුරින් තියෙද්දීත් ඔහු ගණනකටවත් නැතුව ඉස්සරහට යද්දී, අලියා එන්න එන්නම ඔහුට ලං වෙන්න පටන් ගත්තා. හැබැයි මෙන්න මේ වෙලාවේ තමයි හිතාගන්නවත් බැරි විදියේ දෙයක් සිද්ධ වුණේ..
ඒ වෙලාවේ ඒ පාරේ ගමන් කරපු ටිපර් රථයක රියදුරෙක් සහ තවත් ලොකු වාහනයක සිටි කාරුණික රියදුරෙක් මේ අහිංසක මනුස්සයාගේ ජීවිතය බේරගන්න ක්ෂණිකව ඉදිරිපත් වුණා. තමන්ගේ ජීවිත ගැන පවා නොතකා, ඔවුන් වාහන දෙක අර වන අලියාටත්, පයින් යන මනුස්සයාටත් මැදි වන සේ හරස් කරමින්, අලියාව පාලනය කරමින් හෙමින් හෙමින් ඉස්සරහට ගියා.
ඒ කාරුණික රියදුරන් දෙදෙනාගේ බුද්ධිමත් මැදිහත්වීම නිසා අන්තිමේදී වන අලියා කිසිම හානියක් නොකර කැලෑව දෙසට පා නගන්නට වුණා.