ලොව විශාලතම කොන්ඩම් නිෂ්පාදකයා වන මලයාසියාවේ කැරෙක්ස් (Karex Bhd) සමාගම, සිය නිෂ්පාදන මිල සියයට 20% සිට 30% දක්වා ඉහළ නැංවීමට සැලසුම් කර ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.
ඉරාන යුද්ධය හේතුවෙන් සැපයුම් දාමයට එල්ල වන බාධා තවදුරටත් පැවතුණහොත් මිල තවත් ඉහළ යා හැකි බවත් එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිවරයා පවසා සිටියේ.
නැව් ගාස්තු ඉහළ යාම සහ ප්‍රවාහන ප්‍රමාදයන් හේතුවෙන් බොහෝ පාරිභෝගිකයන් සතු තොග සුපුරුදු මට්ටමට වඩා අඩුවීම නිසා, කොන්ඩම් සඳහා වන ඉල්ලුමේ විශාල වැඩිවීමක් ද දක්නට ලැබෙන බව කැරෙක්ස් හි ප්‍රධාන විධායක නිලධාරී ගෝ මියා කියට් (Goh Miah Kiat) රොයිටර් පුවත් සේවය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී පවසා සිටියේ.
"තත්ත්වය ඉතාමත් අවදානම් සහගතයි, මිල ගණන් ඉතා ඉහළයි... දැනට පවතින පිරිවැය පාරිභෝගිකයා මත පැටවීම හැර අපට වෙනත් විකල්පයක් නැහැ," යැයි ඔහු පවසා සිටියා.