ඒත් කතාව අද හිතනවාට වඩා වෙනස් වෙලා. මුළු සිරුරම කළු තීන්තෙන් වැසී තිබුණත්, ජෙම්මා පරාජය පිළිගත්තේ නැහැ.. මේ ඇයගේ ඒ කතාවයි.
තමන් ආදරය කරන පුද්ගලයා සමඟ යුග දිවියට පිවිසෙන මංගල දිනය ඕනෑම තරුණියකගේ ලස්සනම සිහිනයයි. වසර 20ක දීර්ඝ ප්‍රේම සම්බන්ධයකින් පසු, ජෙම්මා ඇගේ පියාගේ අතේ එල්ලී මංගල පෝරුව වෙත පිය නැගුවේ එවැනිම දහසක් බලාපොරොත්තු හදවතේ තබාගෙනයි.
නමුත් ඒ මොහොත මුළුමනින්ම උඩුයටිකුරු වන්නට ගත වූයේ තත්පර කිහිපයකි. සුදු පැහැති මංගල ඇඳුමෙන් සැරසී සිටි ජෙම්මාගේ සිරුර මතට කිසිවෙකු කළු තීන්ත බාල්දියක් හලා ඇගේ මුළු රූපයම විකෘති කර දැමුවේ මුළු උත්සව සභාවම මවිතයට පත් කරමිනි.
මෙම නින්දිත ක්‍රියාව පිටුපස සිටියේ ඇගේම සහෝදරයාගේ බිරිඳ, එනම් ඇගේම නෑනා (Sister-in-law) ය. මීට පෙර පැවති පවුලේ උත්සවයකදී ඇති වූ සුළු මතභේදයක් සිතේ තබාගෙන, වෛරයෙන් පිරුණු ඇය මෙම විනාශය සිදු කර තිබුණි.
මුළු ඇඟම විකෘති වූ පසුත් ඇයගේ මංගල සිහින මේ තරුණිය අත්හැරියේ නැහැ. ඇය කඳුළු පිසදා, තීන්ත මකා දමා, වෙනත් ඇඳුමක් සොයාගෙන තම විවාහය සම්පූර්ණ කළා. ඇගේ ඒ ධෛර්යය අතිශයින්ම ප්‍රශංසනීයයි.
අධිකරණය මගින් එම නෑනාට මාස 10ක අත්හිටවූ සිරදඬුවමක් නියම කළත්, ජෙම්මාගේ සිතට සිදු වූ තුවාලය සුව කිරීමට නීතියට නොහැකි වුණා. පිළිකා අවදානමකින් පවා පීඩා විඳිමින් සිටි ඇය, මෙම සිදුවීමෙන් පසු දැඩි මානසික කඩා වැටීමකට ලක් වූ බවයි වාර්තා වෙන්නේ.
වසර දෙකක් ගත වී ඇතත් තවමත් ඇයට සාමාන්‍ය රැකියාවකට යාමට හෝ සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට නොහැකි වී තිබෙනවා.
කොහොම නමුත් මේ කතාවෙන් පස්සේ, ඔවුන්ගේ මධුසමය පවා අවලංගු කිරීමට සිදුවී ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.