ආරක්ෂක තත්ත්වය යහපත් වීමත් සමඟ ඉරාක සිවිල් ගුවන් සේවා අධිකාරිය ප්‍රකාශ කර ඇත්තේ, අනුමත රෙගුලාසිවලට යටත්ව ඉරාක ගුවන් සීමාව හරහා ගමන් ගන්නා සියලුම සිවිල් ගුවන් ගමන් සඳහා දැන් අවසර ඇති බවයි.
මෙය කලාපයේ ප්‍රධාන ගුවන් ගමන් මාර්ගයක් වන බැවින් ජාත්‍යන්තර ගුවන් සේවාවලට ලොකු සහනයක් වනු නොඅනුමානයි.
මේ සුබ පුවතත් සමඟම කුවේට් රාජ්‍යයේ ජාතික ගුවන් සේවය වන 'කුවේට් එයාර්වේස්' (Kuwait Airways) ලංකාවේ අපිටත් විශේෂ ආරංචියක් දීලා තියෙනවා.
ඒ තමයි අප්‍රේල් 15 වන බදාදා සිට යළිත් කොළඹ බලා සිය ගුවන් මෙහෙයුම් ආරම්භ කරන බව.
සතිපතා බදාදා දිනවල ක්‍රියාත්මක වන මෙම ගුවන් ගමන් කාලසටහන මෙසේය,
කුවේට් සිට කොළඹට පෙ.ව. 01:30ට පිටත්වී ප.ව. 18:05ට පැමිණීම.
කොළඹ සිට කුවේට් වෙත ප.ව. 19:05ට පිටත්වී පසුදා පෙ.ව. 03:30ට පැමිණීම.
ඉතින්, ලංකාවට එන්න හරි, ලංකාවෙන් යන්න හරි බලාගෙන හිටපු අයට දැන් බය නැතුව ටිකට් බුක් කරගන්න පුළුවන් කාලය උදා වෙලා!