සාමාන්‍යයෙන් තෙල් මිල වැඩි වෙනවා කිව්වම ඕනෑම වාහන හිමියෙකුට ඇතිවෙන්නේ ලොකු තිගැස්මක්. මෙවර IOC සමාගම විසින් වැඩිකර ඇත්තේ සාමාන්‍ය ඩීසල්වලට වඩා කාර්යක්ෂමතාව ඉහළ බව පවසන XtraMile, Super Diesel සහ Xtra Green යන වර්ග තුනයි.
අලුත්ම ගණන් හිලව් බැලුවම සාක්කුවට ටිකක් නෙවෙයි, ගොඩක් අමාරු වෙන පාටයි. මෙන්න අලුත් මිල ගණන් ලැයිස්තුව,
ඩීසල් වර්ගය නව මිල,
XtraMile ඩීසල් රු.590/-
සුපර් ඩීසල් රු.600/-
Xtra Green ඩීසල් රු.620/-
ලංකා අයි.ඕ.සී (LIOC) සමාගම විසින් ගත් මෙම තීරණයත් සමඟ ඉදිරියේදී සෙසු ඉන්ධන මිල ගණන්වලට කුමක් වේවිද යන්න ගැන දැන් පාරිභෝගිකයන් දැඩි විමසිල්ලෙන් පසුවෙනවා.