Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Apr
07
ඇය ධෛර්යවන්ත මවක්.. වයස අවුරුදු 2දී තමන්ගෙන් ගිලිහුණු පුතු, වසර 32කට පස්සේ ඇයට හමුවෙයි.. මව් සෙනෙහස ගැන ඇසුණු ඒ ආදරණීය කතාව මෙන්න..

- ඇය ධෛර්යවන්ත මවක්.. වයස අවුරුදු 2දී තමන්ගෙන් ගිලිහුණු පුතු, වසර 32කට පස්සේ ඇයට හමුවෙයි.. මව් සෙනෙහස ගැන ඇසුණු ඒ ආදරණීය කතාව මෙන්න..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9 Views

මවකගේ ආදරය ලෝකයක් තරම්.. මේ අන්න ඒකට හොඳම නිදසුනක්..

ඇය ඔහු සෙවූයේ මීට වසර කිහිපයකට පෙරයි.. හාස්කමකට මෙන් වසර 32කට පස්සේ ඇයට ඔහුව මුණගැසෙනවා.


මේ නිමක් නැති සෙනෙහසක් ගැන කියවුණු විශේෂ කතාවක්.

වසර 32ක් පුරා තම දරුවා සොයා මුළු චීනය පුරාම ඇවිද ගිය මවකට, අවසානයේ තම පුතු වැළඳ ගැනීමට වාසනාව උදාවූ මේ පුවත සමාජ මාධ්‍ය පුරා දැඩි කතාබහට ලක්වුණේ මීට කලකට ඉහතදීයි.

1988 වසරේ චීනයේ ෂියාන් (Xi'an) නගරයේදී දෙහැවිරිදි වියේ පසුවූ මාඕ යින් (Mao Yin) සිය පියා සමඟ සිටියදී පැහැර ගැනීමට ලක්වුණා.

පියා තම කුඩා පුතුට ජලය ලබා දීම සඳහා මොහොතකට ඉවතට හැරුණු ඒ සුළු කාලය, ඔවුන්ගේ මුළු ජීවිතයම උඩුයටිකුරු කිරීමට සමත්වුණා.

පසුව හෙළි වූයේ මෙම දරුවා සිචුවාන් ප්‍රදේශයේ පවුලකට විකුණා දමා තිබූ බවයි. මාඕ යින් එහි හැදී වැඩුණේ තමන් පැහැරගත් දරුවෙකු බව නොදැන වෙනත් නමකින්.

තම දරුවා අහිමි වීමෙන් පසු ඔහුගේ මව වූ ලි ජින්ෂි (Li Jingzhi) සිය රැකියාව පවා අතහැර දමා දරුවා සෙවීම ආරම්භ කළා. දශක තුනකට අධික කාලයක් පුරා ඇය චීනයේ ප්‍රාන්ත 10කට වැඩි ප්‍රමාණයක සංචාරය කළා.

පත්‍රිකා මිලියනයකට වඩා බෙදා හැරියා. ජාතික රූපවාහිනී වැඩසටහන්වලට පවා සහභාගී වී තම දරුවා ගැන තොරතුරු විමසුවා.

ඇයගේ අරගලය තම දරුවා වෙනුවෙන් පමණක් සීමා නොවූ අතර, අතුරුදහන් වූ දරුවන් සොයා යන ජාලයන් සමඟ එක්ව තවත් දරුවන් 29 දෙනෙකු තම පවුල් සමඟ යළි එක් කිරීමට ද ඇය දායකවුණා.

2020 වසරේදී චීන පොලිසිය විසින් නවීන මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණය (Facial-recognition technology) භාවිත කරමින් සිචුවාන්හි වෙසෙන පුද්ගලයෙකුගේ මුහුණ පරීක්ෂා කරන ලදී. එහිදී මාඕ යින්ගේ ළමා වියේ ඡායාරූප සමඟ එය සැසඳුණු අතර, පසුව සිදුකළ DNA පරීක්ෂණයකින් තහවුරු වූයේ ඔහු ලි ජින්ෂිගේ අහිමි වූ පුතු බවයි.

2020 මැයි මාසයේදී වසර 32කට පසු තම පුතු යළි දුටු මොහොතේ ලි ජින්ෂි හැඟුම්බරව ප්‍රකාශ කළේ, "මෙය මගේ ජීවිතයේ මා ලැබූ වටිනාම තෑග්ග" බවයි. 34 හැවිරිදි වියේ පසුවූ මාඕ යින් හඬමින් තම මව වැළඳගත් එම දර්ශනය ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවකගේ නෙතට කඳුළක් එක් කළා.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top