Artemis II ගගනගාමීන් මෙම ගමනේදී සඳ මත මෙතෙක් නම් කර නොතිබූ ආවාට කිහිපයක් සඳහා නම් යෝජනා කිරීමයි.
මෙම මෙහෙයුමේ අණදෙන නිලධාරී රීඩ් වයිස්මන්ගේ බිරිඳ වන ඈන් කැරොල් ටේලර් 202 වසරේදී පිළිකා රෝගයෙන් මියගිය අතර ඇය වෙනුවෙන් සඳ මත ආවාටයක් නම් කිරීම විශේෂත්වයක්.
ගගනගාමී ජෙරමි හැන්සන් විසින් හූස්ටන් පාලන මධ්‍යස්ථානය වෙත පණිවිඩයක් යවමින් යෝජනා කළේ, පෘථිවියට පෙනෙන සහ නොපෙනෙන මායිමේ පිහිටි එම දීප්තිමත් ආවාටය "කැරොල්" ලෙස නම් කරන ලෙසයි.
"අපි මීට වසර කිහිපයකට පෙර මේ ගමන ආරම්භ කරන විට, අපිට අපේ ආදරණීයයෙක් අහිමි වුණා. ඇය වෙනුවෙන් සඳ මත ඇති මේ දීප්තිමත් ස්ථානය අපි 'කැරොල්' ලෙස හඳුන්වන්න කැමතියි.."
නාසා ආයතනය නිකුත් කළ දර්ශනවල දැක්වුණේ හැන්සන්ගේ ගුවන් විදුලි පණිවිඩයෙන් පසු, යානය තුළ සිටි ගගනගාමීන් සිව්දෙනා එකිනෙකා වැළඳ ගනිමින් සහ කඳුළු පිසමින් අතිශය සංවේදී වන ආකාරයයි.
එමෙන්ම Orion කැප්සියුලය තුළ සිට සඳුගේ මතුපිට නිරීක්ෂණය කළ ගගනගාමීන් සිය අත්දැකීම් විචිත්‍රවත් ලෙස විස්තර කළා.
එහිදී යානයේ නියමුවා වන වික්ටර් ග්ලෝවර් ටෙක්සාස්හි හූස්ටන් පාලන මධ්‍යස්ථානයට මෙසේ පැවසුවා.
සඳුගේ ආලෝකය සහ අඳුර වෙන් කරන රේඛාව තුළ පුදුමාකාර මායාවක් තියෙනවා. එහි ඇති ආලෝකවත් දූපත් වැනි කොටස් සහ කළු කුහර මෙන් පෙනෙන මිටියාවත් දෙස බැලූ විට, එහි පය තැබුවහොත් ඔබ කෙලින්ම සඳ මැදට වැටේවි යැයි සිතෙන තරම් එය අද්භූතයි.
සඳේ අඳුරු දෙසින් ගමන් කරන අවස්ථාවේ මෙම ගගනගාමීන් සූර්යග්‍රහණයක් ද නිරීක්ෂණය කළා.
ඒ, සූර්යයා සඳෙන් ආවරණය වීමත් සමගයි.
එය පෘථිවියේ සිට වැඩිම දුරකදී මිනිසෙකු සියැසින් දුට සූර්යග්‍රහණය ද වනු ඇති.
මෙම යානය මේ වනවිට යළි පෘතිවිය බලා ගමන් අරඹා ඇති අතර යානය අප්‍රේල් 10 වනදා කැලිෆෝනියා වෙරළට ඔබ්බෙන් වූ පැසිෆික් සාගරයට පතිත කරමින් මෙහෙයුම නිමා කිරීමට නියමිතයි.
එවන් පසුබිමක ආටිමෙස් ටූ මෙහෙයුම නිම වූ පසු එහි කාර්ය මණ්ඩලය ධවල මන්දිරයේදී හමුවන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.
ඒ, ඔවුන් සමග දුරකතන ඇමතුමකින් සම්බන්ධවූ අවස්ථාවේදීයි.
එමෙන්ම ඇමරිකානු ජනතාව සහ ලෝකවාසීන් වෙනුවෙන් ඔවුන්ට සිය උත්තමාචාරය පුද කරන බව ද ජනාධිපතිවරයා එහිදී ගගනගාමීන්ට පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.