මේක නම් ඇත්තටම ධීවර ක්ෂේත්‍රයේ ලොකු පෙරළියක් වෙයි කියලා බොහෝ දෙනා බලාපොරොත්තු වෙනවා.
ජනාධිපතිවරයා සහ ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් අතර ඊයේ (06) පැවති තීරණාත්මක සාකච්ඡාවකින් පසුවයි මේ "සුබ පණිවිඩය" එළියට ආවා.
- කුඩා බෝට්ටු සඳහා ඉන්ධන ලීටරයකට රුපියල් 50 ක දැවැන්ත සහනයක්.
- බහුදින ධීවර බෝට්ටු සඳහා එක් මුහුදු සංචාරයකට රුපියල් 150,000 ක රජයේ අනුග්‍රහයක්.
ලබන අප්‍රේල් 20 වැනිදා සිට ක්‍රියාත්මක වන මේ වැඩපිළිවෙළත් එක්ක, කරදිය මසුන්ගේ මිලත් ඉදිරියේදී අඩුවෙයිද කියලා දැන් බොහෝදෙනා කුතුහලයෙන් මඟ බලාගෙන ඉන්නවා. ලෝක වෙළෙඳපොළේ තෙල් මිල මොන සෙල්ලම් දැම්මත්, ලංකාවේ ධීවරයින්ට නම් මේක සුබම සුබ ආරංචියක් වෙයි.