විශේෂයෙන්ම උතුරු, නැගෙනහිර, උතුරු-මැද, මධ්‍යම සහ සබරගමුව පළාත්වල ඉන්න අයට වගේම ගාල්ල, මාතර අයට තමයි මේ අවධානම වැඩිපුරම තියෙන්නෙ.
මේ ගිගුරුම් සහිත වැසි එක්ක හිටිහැටියේ තද සුළං සහ අකුණු අනතුරුත් ඇති වෙන්න පුළුවන්ලු. ඒ වගේම පාන්දර මධ්‍යම, සබරගමුව, ඌව සහ අම්පාර පැතිවලට ලස්සනට මීදුම තිබ්බට, හවස වෙද්දී තත්ත්වය ටිකක් බරපතල වෙන්න ඉඩ තියෙනවා කියලා තමා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ..
ඒ වගේම මේ දවස්වල තියෙන රස්නය ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. හැබැයි අද දවල් වෙද්දී තවත් රස්නය වැඩි වෙන්න පුළුවන්. ඒකට හේතුව සූර්යයා ලංකාවට කෙළින්ම ඉහළින් පිහිටීමයි. කාලගුණ වාර්තාවලට අනුව අද (අප්‍රේල් 06) දහවල් 12:13 ට හරියටම නගර 6 කට හිරු මුදුන් වෙනවා.
ඒ නගර තමයි.
බේරුවල
ගුරුළුබැද්ද
රක්වාන
ගොඩකවෙල
උඩවලව
තණමල්විල
මේ පැතිවල ඉන්න අය අද දවල් අව්වට යන්නේ නැතුව පරිස්සම් වෙන හොඳයි. අප්‍රේල් 15 වෙනකම්ම ඉර මේ විදියට හිරු මුදුන් වන නිසා ඉස්සරහටත් මේ වගේ රස්නයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්!