පාදුක්ක, හෝමාගම, පැලන්වත්ත සහ පන්නිපිටිය යන ප්‍රදේශවල ජනතාවට සහනයක් වෙමින් මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර මහතා පවසා සිටියේ, ඊයේ (03) ජල කප්පාදුවෙන් ඉතිරි කරගත් ජලය පිළියන්දල සහ පන්නිපිටිය ප්‍රදේශවල ජලය නොලැබුණු නිවාස 20,000කට පමණ සාර්ථකව බෙදාහැරීමට හැකි වූ බවයි.
කෙසේ වෙතත්, අද රාත්‍රී 8.00 සිට හෙට දහවල් 2.00 දක්වා කොළඹ පැලන්වත්ත ප්‍රදේශයට ජල කප්පාදුව සිදු කිරීමට නියමිතයි. එමෙන්ම බත්තරමුල්ල, පාමංකඩ, වැල්ලවත්ත සහ නාවල යන ප්‍රදේශවල රාත්‍රී 10.00 සිට අලුයම 1.00 දක්වා පැය 3ක කාලයක් දිනක් හැර දිනක් ජලය අත්හිටුවීම තවදුරටත් සිදුවන බවයි වාර්තා වන්නේ.
ජනතාව වඩාත්ම අවධානයෙන් සිටි ප්‍රවෘත්තිය වන්නේ උදා වන අලුත් අවුරුදු සමයයි. ඒ පිළිබඳව ජල සම්පාදන මණ්ඩලය සුභ ආරංචියක් ලබා දී තිබෙනවා. අප්‍රේල් 11 වැනිදා සිට 14 වැනිදා දක්වා කිසිදු ප්‍රදේශයකට ජල කප්පාදුවක් සිදු නොකරන බව ඔවුන් අවධාරණය කර සිටිනවා.
මේ අතර හෝමාගම ප්‍රදේශයට ඊයේ රාත්‍රී 8.00 සිට ක්‍රියාත්මක වූ පැය 18ක ජල කප්පාදුව අද දහවල් 2.00 වන විට අවසන් වීමට නියමිතයි.