නැගෙනහිර ඉන්දුනීසියාවේ අද (02) අලුයම රික්ටර් මාපකයේ 7.4ක ප්‍රධාන භූමිකම්පාවක් සිදු වූ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) නිවේදනය කළා.
ඉන්දුනීසියාවේ - උතුරු මොලුකා මුහුදේ සිදුවූ භූමිකම්පාවෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නොමැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
භූකම්පනය හේතුවෙන් එහි අපකේන්ද්‍රයේ සිට කිලෝමීටර් 1,000 ඇතුළත භයානක සුනාමි රළ ඇති විය හැකි බවට අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා.
හවායිහි පිහිටි පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කළේ, ඉන්දුනීසියාව, පිලිපීනය සහ මැලේසියාවේ වෙරළ තීරයේ භයානක සුනාමි රළ ඇති විය හැකි බවයි.