විවාහය, කෙනෙකුගේ ජීවිතයේ වැදගත්ම සංධිස්ථානයක්. මේ කියන්න යන්නේ අන්න ඒ හා සම්බන්ධ කතාවක්. ඔබ නොහොතුවාට විවාහට සඳහා එකිනෙකාගේ ලග්න පවා ගැලපෙන්න ඕන කියලා ඔබ දැනගෙන හිටියාද..? මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඔබ නොහොතන තවත් කතාවක්.
දුරාතීතයේ දී විවාහය නියම ආකාරයට නැතිනම් නීතිරීතිවලට අනුකූලව සිදු නොවූ බව අපි කවුරුත් දන්නා කරුණකි. එහෙත් මිනිසා ශිෂ්ටත්වයට පත්වීමත් සමඟම එය වැදගත් අවස්ථාවක් ලෙස සලකන්නට විය.
මේෂ රාශියෙන් උපන් අයෙකුට වඩාත් ගැළපෙනුයේ මේෂ හා ධනු රාශියෙන් ඉපදුණ අයයි. මේෂ රාශිය තේජෝ බලයෙන් යුතු රාශියකි. සිංහ, ධනු රාශිද තේජෝ ගුණයෙන් යුතු රාශිවෙයි. තේජෝ රාශිවලින් උපන් අය සාමාන්‍යයෙන් කාමුකය. කාමුක පුද්ගලයකු කාමුක කාන්තාවක් සමඟ එක්වීමද එක්තරා ගැළපීමකි. සිංහ ලග්නය හිමි අයෙකුට මේෂ ලග්න හිමි කාන්තාවක් විශේෂයෙන් ගැළපේ. මේෂ ලග්න හිමි දෙපක්ෂයට ප්‍රධානත්වයට කැමතිවීමද ගැළපීමක් වෙයි. ඔවුන් තම කීර්තිය, යසස පැතිරවීමටද දැඩි රුචියක් දක්වනු ඇත. අවංකය. කිසිම විටෙක අයුක්තිය අසාධාරණයට හිස නොනමයි. අන් අය අතර කැපී පෙනෙන ලෙසට සිටීමට උත්සාහ කරන අතර මෝටර් රථවාහන ආදියට ද දැඩි කැමැත්තක් දක්වති. ඔවුන් බොහෝවිට වාහන කීපයක හිමිකරුවෝ ද විය හැකිය. එවැනි අයකු හා එක්වීමට ඕනෑම කාන්තාවක් ප්‍රිය කළත් වඩා ගැළපෙන්නේ මේෂ ලග්න හිමි කාන්තාවකි. මේෂ, සිංහ, ධනු ලග්න හිමියෝ සාමාන්‍යයෙන් නිරෝගීය. ඒ අනුව කායික වශයෙන් ද ගැළපේ.
සිංහ ලග්නයෙන් උපන් කෙනෙකුට මීන ලග්නයෙන් උපන් කෙනෙකු නොගැළපේ. ගැළපීමක් වුවත් සුළු වශයෙනි. හේතුව සිංහ රාශිය තේජෝ (ගිනි) රාශියක් වන අතර මීන රාශිය ආපෝ (ජල) රාශියක් වීමය. ගින්දරට ජලය මිත්‍ර නොවේ. මේෂ ලග්න හිමියන්ගේ ලග්නාධිපති ග්‍රහයා කුජය. රවි, සිංහ ලග්න හිමියාගේ ලග්නාධිපති වන අතර ගුරු ධනු ලග්න හිමියාගේ ලග්නාධිපතිය. කුජට රවි හා ගුරු මිත්‍ර ග්‍රහයන් වීම සුබය.
වෘෂභ, කන්‍යා, මකර වැනි පඨවි රාශිවලින් උපන් අයට ගැළපෙන්නේ පඨවි රාශිවලින් උපන් අයයි. වෘෂභ ලග්න හිමියාට ගැළපෙන්නේ කන්‍යා, මකර රාශිවලින් උපන් කෙනෙකු හෝ වෘෂභ ලග්නයෙන් ඉපදුණ අයෙකි. වෘෂභ ලග්න හිමියාගේ ලග්නාධිපති සිකුරුට කන්‍යා රාශිය අධිපති බුධද මකර රාශිය අධිපති සෙනසුරුද මිත්‍ර ග්‍රහයෝ වෙති. වෘෂභ ලග්න හිමියන් දැඩි ගතිගුණවලින් යුක්ත බැවින් තම මතයටම මුල් තැන දීම ඔවුන්ගේ සිරිතයි.
ප්‍රධානත්වය ලැබීමට කැමතිවුවත් එය දරා ගැනීමේ හැකියාවක් ඔවුන් තුළ නොමැත. පඨවි රාශිවලින් උපන් අය බොහෝවිට අලස ගතිගුණ ඇති අය වෙති. වෘෂභ ලග්න හිමියෙකුට සිංහ ලග්න හිමිකාරියක් නොගැළපේ. වෘෂභ ලග්නාධිපති සිකුරු සිංහ ලග්නාධිපති රවි සතුරුවීම එයට හේතුවයි. ක්‍රියාශීලී රවිට අලස ගති ඇති සිකුරු නොගැළපෙයි.
මිථුන, තුලා, කුම්භ වායු භූත රාශිවෙයි. මිථුන ලග්නයෙන් උපන් අයෙකුට ගැළපෙන්නේ තුලා, කුම්භ හෝ එම ලග්නයේම අයෙකුයි. ඔවුනට කායික හා මානසික වශයෙන් වඩාත් ගැළපෙන්නේ තුලා ලග්න හිමියන්ය. මිථුන ලග්නාධිපති හට තුලා ලග්නාධිපති මිත්‍ර ග්‍රහයකු වීම එයට හේතුවයි. මිථුන ලග්නාධිපති බුධ වන අතර තුලා ලග්නාධිපති සිකුරුය. මිථුන, තුලා ලග්න හිමියන් අලසකමින් සිටිමින් සැප විඳීමට කැමති අය වෙති.
ඊළඟට වැදගත් වන්නේ ජල රාශිවලින් උපන් අයයි. කටක, වෘශ්චික, මීන ජල රාශි වශයෙන් සැලකේ. කටක ලග්න හිමියන්ට විවාහයේ දී ගැළපෙන්නේ වෘශ්චික හෝ මීන ලග්න හිමියන් ය. කටක ලග්න හිමියන්ගේ ලග්නාධිපති ග්‍රහයා වන්නේ සඳු ය. වෘශ්චික රාශියට අධිපති කුජ හා මීන රාශියට අධිපති ගුරු සඳුගේ සම ග්‍රහයෝ වෙති. සඳුට ඡ්‍යොතිෂයේ දී සතුරු ග්‍රහයෝ නොමැත. ඒ අනුව කටක ලග්න හිමියන්ට වෘශ්චික, මීන ලග්න හිමියන් විවාහයේ දී යම් ප්‍රමාණයකින් ගැළපෙනු ඇත. ජල රාශිවලින් උපන් අය දිය නෑමට දක්වන්නේ ඉමහත් ආශාවකි. ඔවුහු ඉක්මනටම කලබලයට පත්වෙන සමාන අදහස් ඇති අයවෙති. ඒ නිසා පවුලේ ගැටීම් ඇති නොවේ. මේෂ ලග්න හෝ සිංහ ලග්න හිමියෙකු කටක ලග්න හිමිකාරියක් සමඟ විවාහවුවහොත් බොහෝවිට පවුලේ අවුල් ඇතිවිය හැකිය.
ස්ත්‍රියකගේ උපන් රාශියේ සිට ගණින විට පුරුෂයා උපන් රාශිය 1, 3, 4, 5, 7, 9, 10, 11 වී නම් සුබයි. 2, 6, 8, 12 නම් සුබ නොවේ. මෙහිදී අශුභ යයි කියන 2, 6, 8, 12 යන රාශි පවා මේෂ, වෘශ්චික යන කුජට අයත් රාශිවීමෙන්ද මකර, කුම්භ යන සෙනසුරුට අයත් රාශිවීමෙන්ද සුබවේ. ස්ත්‍රී රාශියක් ස්ත්‍රියකටද පුරුෂ රාශියක් පුරුෂයෙකුටද යෙදී අධිපතියන් මිත්‍ර ග්‍රහයන් වී නම් ද වඩා ගැළපේ. විවාහයේ දී අසාර්ථක වූ බොහෝ දෙනකුගේ කේන්ද්‍ර විමසා බැලුවොත් දෙදෙනාගේ නොගැළපෙන කරුණු රාශියක් ඇති බව පෙනේ. මේ අතරින් ඉහත විස්තර කළ රාශි ගැළපීමද වැදගත් වේ.