ඒ තමයි හෙට (සඳුදා) සිට ක්‍රියාත්මක වන පරිදි දේශීය තැපැල් ගාස්තු සංශෝධනය කිරීම.
කලින් රුපියල් 50 ක්ව පැවති අවම මුද්දර ගාස්තුව, හෙට සිට රුපියල් 70 ක් දක්වා ඉහළ දමා තිබෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය ලියුමක් යවන්නත් දැන් රුපියල් 20 ක අමතර බරක් දරන්න වෙනවා.
ගාස්තු වැඩි වුණත්, සාමාන්‍ය සහ ව්‍යාපාරික ලිපි සේවාවේ මූලික බර සීමාවේ යම් ලිහිල් කිරීමක් කරලා තියෙනවා. කලින් ග්‍රෑම් 20 ට සීමා වූ බර ප්‍රමාණය, දැන් ග්‍රෑම් 30 දක්වා වැඩි කරලා තියෙන්නේ.
ඔබේ ව්‍යාපාරික ප්‍රචාරණ පත්‍රිකා බෙදා හැරීමේදීත් අලුත් නීති රීති ටිකක් ඇවිත්. දැන් මේ ගාස්තු තීරණය වෙන්නේ පත්‍රිකා බෙදන කලාපය (Internal/External) අනුවයි.
පත්‍රිකාවක හෝ පත්‍රිකා කට්ටලයක උපරිම බර ග්‍රෑම් 100 සිට ග්‍රෑම් 120 දක්වා ඉහළ නංවා තිබීම විශේෂත්වයක්. තැපැල් දෙපාර්තමේන්තුව පවසන්නේ පවත්නා වියදම් කළමනාකරණය කරගැනීම සඳහා මෙම පියවර ගත් බවයි.