පසුගියදා මල් පාරේ පිහිටි කාර්යාලයේදී එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම හා දේශපාලනඥයින් අතර හමුවේදී දේශපාලන සාකච්ඡාවට අමතරව සිනමාව ගැන ද සාකච්ඡා කරලා තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ.
රනිල්ගේ මන්ත්‍රී කණ්ඩායම් හමුවේදී චිත්‍රපට පිළිබඳ සංවාදය ඇතිවූයේ මෙහෙමයි.
" ගම්පෙරළිය චිත්‍රපටයත් ඩිජිටල්කරණය කරලා අනාගත පරපුරට පෙන්වන්න තියෙනවා නම් හොඳයි. සංදේශය වගේ චිත්‍රපටත් වැළලෙන්න දෙන්න හොඳ නෑ. එහි ගීත අරිසෙන් අහුබුදුගේ රචනා. පළවෙනි එක මර්සලින් ජයකොඩි පියතුමාගේ. ඊට පස්සේ නිමල් මෙන්ඩිස් ගඟ අද්දර චිත්‍රපටයට සංගීතය නිර්මාණය කළා. තායිලන්තෙත් හොඳ සිනමා කර්මාන්තයක් තියෙනවා. නමුත් දැන් ඔවුන් ලෝකෙට එන්න උත්සාහ කරනවා. තායි භාෂාවෙන් කරන චිත්‍රපට පවා ඉංග්‍රීසියෙන් සහ ප්‍රංශ, පෘතුගීසි භාෂාවලට ඩබ් කරලා එවනවා."
පසුව මන්ත්‍රී කණ්ඩායම පිටත්ව ගියේ ලොක්කා නොදන්න මාතෘකාව මොකක්ද කියලා දැනගන්න කුතුහලයක් තියෙනවා නේදැයි කතා කරමින්.