මෙම තොරතුරු ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ අනෙකුත් අදාළ ආයතන සමග සම්බන්ධීකරණයෙන් සම්පාදනය කරන බවයි මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේ.
දත්ත වඩාත් නිවැරදිව රැස් කර ගැනීම සඳහා ආපදාවට පත් ප්‍රදේශවලට කණ්ඩායම් යොමු කරන බවත්, ඩිජිටල් වාර්තාකරණය හරහා ක්‍රියාවලිය කඩිනම් කිරීමට සැලසුම් කර ඇති බවත් ආචාර්ය සූරියප්පෙරුම පැවසුවා.
මෙම කටයුත්ත සඳහා අවශ්‍ය තොරතුරු පද්ධතිය (Information System) MIT ආයතනය විසින් නොමිලේ සකස් කර ඇති අතර, ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය Microsoft ආයතනය විසින් ලබා දී ඇති බවත් ඔහු සඳහන් කළා.
'නැවත ශ්‍රී ලංකාව ගොඩනැගීමේ' (Rebuilding Sri Lanka) වැඩසටහන සඳහා රටවල් ගණනාවක් මූල්‍යමය මෙන්ම භෞතික ආධාර ලබා දී ඇති බවත්, අමතර සහයෝගය අඛණ්ඩව ලැබෙමින් පවතින බවත් ලේකම්වරයා පැවසුවා.
විදේශ සම්පත් දෙපාර්තමේන්තුව ලබා දුන් තොරතුරුවලට අනුව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, එක්සත් රාජධානිය, මාලදිවයින, එක්සත් ජනපදය, නේපාලය, ස්විට්සර්ලන්තය, කැනඩාව, අයර්ලන්තය සහ කොරියාව වැනි රටවල් මෙන්ම ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ ආසියානු සංවර්ධන බැංකුව (ADB) වැනි ආයතන ද මූල්‍ය ආධාර ලබා දීමට කැමැත්ත පළ කර තිබෙනවා.
ආපදාව සිදු වූ වහාම ඉන්දියාව සහ පකිස්ථානය වැනි රටවල් භෞතික ආධාර ලබා දුන් බවත්, මාලදිවයින, ඕස්ට්‍රේලියාව, බංගලාදේශය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ස්විට්සර්ලන්තය සහ කටාර් ඇතුළු තවත් රටවල් කිහිපයක් ද අත්‍යවශ්‍ය සහන ද්‍රව්‍ය සපයා ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.