විනූ මේ වෙද්දී කලාවෙන් නිතර දෙවේලේ දකින්න නැති වුණත්, ඇය ඇගේම කියලා ව්‍යාපාරයක් මේ වෙද්දී පවත්වාගෙන යනවා.
ඒ වගේම දුවක්, බිරිඳක් විදිහට පවුලට ඇගෙන් වෙන්න ඕන වගකීම් අඩුවක් නැතුව ඉටුකරනවා.
හැමෝම දන්නවා නේ විනූගේ සැමියා ගුරුවරයෙක්.
ඔහුත් ඔහුගේ වෘත්තිය එක්ක කාර්‍යබහුල වෙනවා වගේම තමයි, ලැබුණු පොඩි විවේකයේදී පවා ඔවුන් මෙන්න මේ වගේ ගමන් යන්න ආස කරනවා.
ඔන්න ඉතින් ආයෙත් වතාවක් සැමියා එක්ක විනූ මෙන්න මේ වගේ විදෙස් සංචාරයකට එක්වෙලා තියෙන්නේ ඒ නිසාලු..
