Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
27
"ඔය වත්ත වටේට පැය විසිහතරේම සීසීටීවී වැඩ කරනවා... ඔය කියන විලාප සද්දේ මෙලෝ යකෙකුට අහගෙන ඉන්න බැරිලු" - ගම්පහ වලව්වකින් නැගෙන අද්භූත විපාලයක් ගැන ඇහෙන ඇඟ කිළිපොළා යන කතාවක්...

- "ඔය වත්ත වටේට පැය විසිහතරේම සීසීටීවී වැඩ කරනවා... ඔය කියන විලාප සද්දේ මෙලෝ යකෙකුට අහගෙන ඉන්න බැරිලු" - ගම්පහ වලව්වකින් නැගෙන අද්භූත විපාලයක් ගැන ඇහෙන ඇඟ කිළිපොළා යන කතාවක්...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3 Views

ගම්පහ දිස්ත්‍රික්කයේ පිටිසර බද පෙදෙසක පිහිටි වසර සියයකටත් වඩා පැරණි වලව්වකින් ඇතැම් රාත්‍රී කාලයන්හි ඇසෙන අද්භූත කාන්තා විලාපයක් පිළිබඳව හිතවතකුගෙන් මට මුල්වරට අසන්නට ලැබුණේ මීට වසර හතකට පමණ කලිනි. 



ඔහු වැඩිදුරටත් කියා සිටියේ එය සියවසකට පමණ පෙර එහි ජීවත්ව සිට දරු ප්‍රසූතියක දී මියගිය වලව්වේ ළමාතැනීගේ විළිරුදා හඬ බවට ප්‍රදේශයේ ගම්මුන් පවසන බවයි. එමෙන්ම ඒ හඬ ඇසෙනුයේ වලව්වේ‘වැදුම් ගේ’ නමින් පොළොව යටට වන්නට තිඹිරි දැවයෙන් නිමවූ විශේෂ කුටියකින් බව ද දැනගත හැකි විය.

අතීතයේ ප්‍රභූ නිවෙස් හෙවත් වලව්වල මෙවැනි පෞද්ගලික සූතිකාගාර තනා තිබූ අතර ඒවා තිඹිරි දැවයෙන් තනා තිබීම මත ‘තිඹිරි ගෙවල්’ යනුවෙන් හැඳින්වෙන ලදී. රුවන් මල් නිඝණ්ඩුව ආදී පැරණි ලේඛනවල තිඹිරි යන්න අඳුර ලෙස අර්ථ දක්වා ඇති අතර එහි සඳහන් අන්දමට තිඹිරි ගේ යනු ප්‍රසූත කාමරයයි. ඒවායේ දරුවන් ප්‍රසූත කරන කාන්තාවන්ට ප්‍රසූතිය සිදුවන අවස්ථාවේ එල්ලී සිටීම පිණිස යහනට ඉහළ බාල්කයක එල්ලා ඇති සවිමත් වරපට හෙවත් කඹය හඳුන්වනුයේ ‘විළි රැහැන’ යනුවෙනි.

ලෝක සෞඛ්‍ය සංවිධාන සංඛ්‍යා ලේඛනවලට අනුව ලොව සිදු වන මාතෘ මරණවලින් 75%ක් පමණ සඳහා හේතු වන ප්‍රධාන සංකූලතා කිහිපයක් තිබේ. දරු ප්‍රසූතියෙන් පසු අධික රුධිර වහනය, දරු ප්‍රසූතියෙන් පසු ආසාදන, ගර්භිණී සමයේ දී අධි රුධිර පීඩනය (පූර්ව-එක්ලැම්ප්සියාව සහ එක්ලැම්ප්සියාව Pre- Eclampsia and Eclampsia ) දරු ප්‍රසූතියෙන් ඇතිවන සංකූලතා සහ අනාරක්ෂිත ගබ්සාව ඒ අතර වෙයි.

මේ අතර එම කාන්තා විලාපය සම්බන්ධයෙන් එම ප්‍රදේශයේ පැතිර ගිය තවත් කටකතාවක් ද තිබේ. එනම් වලව්වේ තිඹිරිගෙය දෙසින් නැඟෙන විලාප හඬ වලව්වේ තරුණ හාම්පුතකුගෙන් ගැබ්බර වූ කුල හීන ලෙස සම්මත වූ රූමත් මෙහෙකාර තරුණියකගේ බවය. දරු ගැබ මෝරා එත්ම තරුණිය වලව්වේ සිරකොට තැබූ හාම්පුතුන් ඒ තිඹිරිගෙය තුළදී ඇය කෲර වධහිංසාවලට ලක්කොට මරා දැමූ බව කියනු ලැබේ.

මේවායේ ඇත්ත-නැත්ත කෙසේ වෙතත් එම වලව්වට ගොස් අද්භූත විලාපයේ සුලමුල දැනගැනීමට මා තුළ ඇතිවූයේ නොනිමි කුතුහලයකි. නමුත් ඒ සම්බන්ධයෙන් විමසීමේදී මගේ හිතවතා කියා සිටියේ වලව්වේ මුල් හිමිකරුවන් විසින් විදේශ රටක පදිංචි ශ්‍රී ලාංකේය කෝටිපති පවුලකට එය විකුණා ඇති අතර ඔවුන් බාහිර කිසිවකුටත් එහි පිවිසීම තහනම් කොට ඇති බවකි.

ඒ දිනවල ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සේවය කළ මගේ හිතවත් ශ්‍රී ලංකා පරිපාලන සේවා නිලධාරියෙක් සිටියේය. දිනක් මම ඔහුට මෙම කරුණ කියා ඒ සම්බන්ධ වැඩිදුර කරුණු විමසීමට වලව්ව පිහිටි වසමේ ග්‍රාම නිලධාරීවරයා සම්බන්ධ කරදෙන මෙන් ඉල්ලා සිටියෙමි. ඒ එම සිදුවීම සම්බන්ධ පුද්ගල හා ස්ථාන පිළිබඳ කිසිදු විස්තරයක් කවරාකාරයෙන් හෝ ප්‍රසිද්ධ නොකරන බවට පොරොන්දු වෙමිනි. ඔහු මගේ ඉල්ලීම කොතරම් හොඳින් ඉටු කළේ ද යත් මම ඊළඟ ඉරු දින උදෙන්ම ගොස් එම වසමේ ග්‍රාම නිලධාරිවරයා හමුවීමි.

ඔහු කී අන්දමට එම වලව්වේ වර්තමාන හිමිකරුවන් විදේශ පුරවැසි භාවයක් හිමි ශ්‍රී ලාංකික පවුලක් වන අතර ඔවුන් රුපියල් කෝටි ගණනක් වටිනා එම දේපළ මිලට ගෙන ඇත්තේ මීට වසර දහයකට පහළොවකට කලිනි. මේ වනවිට ඒ වලව් භූමිය තුළ උද්‍යාන කම්කරුවකු සහ වලව්වේ අභ්‍යන්තර සේවයට තලතුනා යුවළක් රැඳී සිටිති. එමෙන්ම මේ වනවිට වලව්වේ සියලු වගකීම් පවරා ඇත්තේ එම ප්‍රදේශයේ තරමක පිළිගැනීමක් සහිත ගැමියකුටය.

ඔය වලව් වත්තට කිසිම කෙනෙක් ඇතුළු කරගන්න මටවත් බෑ. මොකද ඔය වලව් වත්ත වටේට ම දවසේ පැය විසිහතරේම සීසීටීවී වැඩ කරනවා. ඒ වගේම ඔය පවුලේ අය සැරින් සැරේ එහේ ඉඳලා ඒ සීසීටීවී දර්ශන බලනවා. කොහොම හරි ඔය කියන විලාප සද්දේ ඔය වලව්වේ රැයක් ගත කරපු සමහරුන්ට ඇහිලා තියෙනවානම් තමයි. ඒක මෙලෝ යකෙකුට අහගෙන ඉන්න බැරි ඇඟ කිළිපොළා යන විලාපයක්ලු.

ග්‍රාම නිලධාරිවරයා ද සමග වලව්වේ වත්මන් භාරකරුගේ නිවසට ගියවිට ඔහු එය කීවේ රහසක් ලෙස තබාගන්නා ලෙස අපව දිවුරා පොරොන්දු කරවා ගනිමිනි.

ඕක මේ පැත්තේ මිනිස්සු අතරේ පැතිරෙන කතාවක්. නමුත් පුදුමේ කියන්නේ පහුගිය ටිකේ ඔය වලව්වේ රෙපයාර් වැඩකට මම මාතර දෙයියන්දරින් බාස්උන්නැහේලා කට්ටියක් ගෙන්නවා ගත්තා. මොකද බස්නාහිර පළාතේ කිසිම කෙනෙක් ඔය වලව්වට ගන්න එපා කියලා අයිතිකාර මහත්තයා එකහෙළාම කියලා තියෙන හින්දා. ඒ මාතර මිනිස්සු ඔය විලාපේ ගැන හාංකවිසියක් දන්නේ නෑ. ඒත් ඒ මිනිස්සු ඔය වලව්වේ හිටපු මුල් දවසේ රෑම ඔය මර විලාපේ ඇහිලනෙ.

එම වලව්වේ භාරකරු කියා සිටියේ බොහෝ දෙනකුට අගමුල වටහාගත නොහැකි ප්‍රහේලිකාවක් මතු කරමිනි. ඒ අනුව එම අද්භූත විලාප හඬ පසුපස තව දුරටත් ලුහුබැඳ යෑමට සිතූ මම දැනට ඒ වලව්ව තුළ ජීවත්වන වියපත් යුවළේ පිරිමියා මඳකට මුණගස්වන මෙන් භාරකරුට කන්නලව් කළෙමි. එහි ප්‍රතිඵලය වූයේ ඊළඟ සතියේ දිනයක ඒ යුවළේ පිරිමියා විනාඩි පහකට ඉන් බැහැර ස්ථානයක දී මුණැගැසීමට මට හැකිවීමයි.

ඔය ඉස්සර මැරුණාය කියන ළමාතැනීගේ විලාපය නිකම්ම ඇහෙන්න විධියක් නෑනේ. හුඟක් වෙලාවට ඕක මතුවෙන්නේ ඔය වලව්වේ ඉන්න ගෑනු කෙනකුගෙන්. ඉතින් මුන් උන්නැහේගේ හාමිනේ විතරයි නේද දැන් ඔය වලව්ව ඇතුළේ ඉන්න එකම ගෑනු කෙනා? මම ඔහු හා සුහද පිළිසඳරකින් පසු ඇසීමි.

ඇත්තටම ඒකම තමයි මහත්තයෝ සිද්ධ වෙන්නේ. හිටපු ගමන් දවසක රෑට අපේ ගෑනි මහ රෑ යටිගිරියෙන් බෙරිහන් දෙන්න පටන් ගන්නවා. බැරි වෙලාවත් වලව්වට පිටින් කවුරුහරි ආවොත් එදා රෑට අපේ ගෑනි නොවරදවාම ඔහොම යටිගිරියෙන් බෙරිහන් දෙනවා. ඔය ගෑනිට ඒ ළමාතැනී ආරූඪ වෙනවද මන්දා. මුරකරු කීය. ඔහු වැඩිදුරටත් කියා සිටියේ, ඒ බව හෙළිකිරීම මත තමන්ගේ රැකියාව සහ ඒ වාසස්ථානය අහිමි වන නිසා එය රහසක්ව තබාගන්නා බවය.

නමුදු එය ඒ මුරකරුගේ බිරිඳ තුළ පවතින මායාකාරී පෞරුෂය (Hysterical personality) නම් වන තත්ත්වය සහ ඔවුන් ජීවත්වන නිහඬ පාළු පරිසරය මුල්කොට ඇගේ උප විඥානයෙන් මතුවන මනෝකායික ක්‍රියාකාරීත්වයක් පදනම්ව සිදුවන්නක් මිස අතීත සිද්ධියක් සම්බන්ධ කිසිදු ගුප්ත සංසිද්ධියක් නොවන බව මම ඔහුට පහදා දුනිමි.
තිලක් සේනාසිංහ
දිවයින ඇසුරින් 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top