මේ තවත් අවාසනාවන්ත කතාවක්.
මේ කතාව වාර්තා වෙන්නේ බේරුවලින්.
බේරුවල ව්‍යාපාරිකයන්ගේ නිවසක ස්වයංක්‍රීය ගේට්ටුවකට හසු වී පුද්ගලයෙකු මිය ගොස් ඇතැයි බේරුවල පොලිසිය පවසනවා.
අද උදෑසන මෙලෙස මියගොස් ඇත්තේ එම නිවසේ වසර ගණනාවක් සේවය කරන අයෙකු බව සදහන්.
දුරස්ථ පාලක මගින් ක්‍රියාකරන නිවසේ ප්‍රධාන ගේට්ටුවට සිරවීමෙන් මෙම පුද්ගලයා මෙලෙස මියගොස් ඇති බවයි පොලිසිය සදහන් කරන්නේ.
එලෙස මියගොස් ඇත්තේ, බේරැවල, මහගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි මොහොමඩ් රිසාන් නැමැති 55 හැවිරිදි පුද්ගලයෙක්.