Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
28
"නොකියාම බැරි සත්‍යය මෙසේ ගොනු කරමි..." කික්ම ගිය නිලි රැජිණට එක්ක වූ චෝදනා ගැන ඇසුණු ආන්දෝලනාත්මක කතාව මෙන්න..

- "නොකියාම බැරි සත්‍යය මෙසේ ගොනු කරමි..." කික්ම ගිය නිලි රැජිණට එක්ක වූ චෝදනා ගැන ඇසුණු ආන්දෝලනාත්මක කතාව මෙන්න..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8 Views

ඇයට එල්ලවන මේ චෝදනා සත්‍යක්ද..?

ජනාධිපති අරමුදල් අවභාවිතා කතාවේ නොකියාම සිටින්නට ගිය කතාතාවක් ගැන ඇසෙන වෙනස්ම ආරංචිය මෙන්න.. 


ඇගේ නික්මයාම බොහෝ දෙනාගේ හිතට සංවේගය දනවන්නක් වුණත්, මේ කියන්න යන්නේ හෙළ සිනමාවේ නිලි රැජිනගේ නික්මයාමෙන් පසු ඇසුණු තවත් එක් වෙනස් කතාවක්.. ඇය අපේ රටට සම්පතක් බව නිසැකයි..

ඒ නිසාම බොහෝ දෙනෙක් මේ එල්ලවන චෝදනාවලට දක්වන්නේ ඒ තරම් හොඳ ප්‍රතිචාරයක් නෙවෙයි.. කොහොම වුණත් මේ මාලනී ෆොන්සේකා නම් වූ ප්‍රවීණ රංගන ශිල්පිනිය ගැන ඇසෙන ඒ ආන්දෝලනාත්මක කතාව ගැන මුහුණු පොතක පළවූ සටහනක් මෙන්න..

"Face Book සමාජ මාධ්‍ය හරහා සංසරණය වන W.M.S Fonseka හෙවත් වන්නිආරච්චිගේ මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා නමැති ජනාධිපති අරමුදල් අවභාවිතා කතාවේ නොකියාම සිටින්නට සිටි දැන් නොකියාම බැරි සත්‍යය මෙසේ ගොනු කරමි.
ලංකාවේදී නොකරන සිංගප්පූරුව හෝ එංගලන්තය වැනි රටක පමණක් කර හැකි හදවත් සැත්කමක් මාලනී ෆොන්සේකාට කලයුතු බව අනාවරණය වූයේ 2022 මැද භාගයේදීය.
ඇයගේ හදවත් ආශ්‍රිත රෝග සදහා බෙහෙත් කරන Dr. මොහාන් රාජකරුණා මහතාගේ උපකාරයෙන් චෙන්නායි ඇපලෝ රෝහලේ මේ සදහාම කීර්තිමත් Dr. සායි සතිශ් තෝරා ගැනුනේ අඩුම වියදමක් දරා කරගත හැකි එකම ස්තානය එය බව සොයා ගැනීමෙන් පසුවය.
Dr. මොහාන් රාජකරුණා
Dr. සංජය හෙයියන්තුඩුව
දමයන්ති ෆොන්සේකා
රවීන්ද්‍ර රන්දෙණිය
ජයන්ත ධර්මදාස
වැනි වෙදදුරු සහ නෑ මිතුරු කණ්ඩායමක් එකතු කරගත්
Fonseka TAVi යනුවෙන් නිර්මාණය කරගත් Whatsapp group එකක් මගින් සියලුම කාරනා Dr . සායි සතිශ් දැනුවත් කරන්නට යෙදිනි.
මෙම සැත්කමට මාස තුනක් පසු වෙන තෙක් අඛණ්ඩව මේ හරහා ඇයගේ දුක සැප සොයා බැලුනි.
එමෙන්ම මේ සදහා වැයවන මුදල ලංකා මුදලින් කෝටි එකහමාරකට වඩා වැඩි බවද ඇස්තමේන්තු විය.
විවිධ රෝගාබාධ හේතුවෙන් බොහෝ මුදල් වැය කර තිබූ නිසා ඇයට එම මුදල සොයා ගැනීම අපහසු විය.
සෑම විටකම ඇයගේ අසනීප අවස්ථාහිදී ලග සිටි හිතවත් කිහිප දෙනෙක්ම එවකට සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දන්වන ලෙස බලකර සිටියහ.
සිනමාවේ පෙම්වතා මුත් සැබෑ ජීවිතයේ හිතවතා වූ රවීන්ද්‍ර රන්දෙණිය මහතා මගින් සියලු ලිපි ලේඛන සමග මේ කරුනු ජනාධිපතිතුමන්ට සමන් ආතාවුවහෙට්ටි මහතා මාර්ගයෙන් යොමු කර හමුවක් ඉල්ලා සිටියෙමු.
අසනීපයෙන් පසුවන නිසා නොඑන ලෙස පවසා ගරු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මාලනි ෆොන්සේකා දුරකථනය හරහා අමතමින් අවශ්‍ය
කාරණය ඉටු කර දෙන බවට පොරොන්දු විය.
රටේ ජනාධිපතිතුමන් වශයෙන් ඔබ කරන ලද උපකාරයටත් උපහාරයටත් දැයේ ප්‍රණාමය.?.
මාලනී ෆොන්සේකා ජාතික වස්තුවක් බවට විවාදයක් නොමැත.අප රටේ සෑම රාජ්‍ය නායකයෙක්ම එය ඉහලින් පිලිගත්තා පමණක් නොව සම්මානයෙන් පුද කරමින්ම අවශ්‍ය විටක උපකාර කරන්නටද නොපැකිළව කටයුතු කල බව මමමෙහිදී සදහන් කරමි. ශ්‍රී ලංකා ජනරජයේ හිටපු ජනාධිපතිවරුන් වන ගරු චන්ද්‍රිකා මැතිණිය සහ ගරු මහින්ද රාජපක්ෂ මහතාවද ස්තූති පූර්වකව සිහිපත් කරමි.
ගරු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමන් එම අවස්ථාවේ ලබා දිය හැකි උපරිම මුදල ලෙස රුපියල් ලක්ශ පනහක මුදලක් ලබා දීමට කටයුතු කල බව කෘතගුණවේදීව මම සදහන් කරමි.මෙය මුදල් වශයෙන් ඇපලෝ රෝහලට ගෙවන ලද්දේ එවකට ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්‍යාලයේ නිලධාරින් විසින් වන අතර මාලනී ෆොන්සේකාට එය අනුමත කල ලිපිය ලබා දුනි.
වියදම් අවම කිරීමට ඇය මේ ගමන තනිව ආවාය. එවකට ඉන්දියාවේ සංචාරයක සිටි මම ඇය බලාපොරොත්තුව චෙන්නායි මහාබෝධිය නැවතී සිටියෙමි.අපේ නිලි රැජින ද මහාබෝධිය නවාතැන කරගත්තේ එහි වැඩ වාසය කල ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදය මැදය.?
අප පසුදා ඇපලෝ රෝහලට යන විට අප පිලිගත්තේ Mr. Ganesh ?වන අතර අප ආපසු එනතෙක්ම ඔහු අපේ භාරකරු විය.

මාලනිය හෙල සිනමා රැජින බවත් ඇය කලකට පෙර ශිවාජි ගනේශන් සමග පයිලට් ප්‍රේමනාත් චිත්‍රපටය ප්‍රධාන නිලිය බවත් දැනගත් ඇපලෝ රෝහල විශ්මිත විය.
ඇත්තෙන්ම ඇපලෝ රෝහල ඇයට ඉහලම ගෞරව පුද කරන ලදී.
විශේශිත කණ්ඩායමක් යටතේ ඇයව රෝහල් බාරයට ගෙන ඉතා උසස්ම වර්ගයේ Tavi එකක් (ටයිටේනියම් වලින් නිමකල) යොදන්නට තීරණය විනි.
ඒ සමගම අප සාකච්ඡා පවත්වන කාලයේදී අයකල රෝහල් ගාස්තු (අප යන කාලයේ එය වැඩි වී තිබුනි) එලෙසම අය කරන්නත් නව TAVI එක සදහා වැයවන වැඩි මුදල Dr. සායි සතිශ් අරමුදලෙන් ගෙවන්නත් තීරණය විය.
මෙය අප යෝජනා කල Tavi මෙන් දෙගුණයක් මිලෙන් ඉහලවිය.මව්බිමෙන් ඈත එක ඉන්දීය නලුවෙක් හා රගපෑ පමනින් ඇයට මේතරම් සැලකුවා නම් ඇය ඉන්දියාවේ නිලි රැජින නම්....මම තනිවම සිතුවෙමි.
දෙසැම්බර් 7 වනදා සිට අත්‍යාවශ්‍ය සියලු පරීක්ෂණ සිදු කෙරිනි.
දෙසැම්බර් 10 වන දින සැත්කම සිදු කෙරිනි.
දෙවියෙක් මම මෙලොව දුටුවා නම් ඒ සායි සතිශ් දොස්තර මහතා ?❤බව මට හැගුනේ ශල්‍යාගාර දොරකඩ ඉතිපිසෝ ගාථාව කියමින් තනිව හඩන මට සැනින් දිව විත් everything is ok කියා පැවසූ විටය. මාලනී ෆොන්සේකා පසුවදාම මට කතා කලාය.❤
දෙසැම්බර් 16 වන විට ඇය යථා තත්වයට පැමිණියාය.චෙන්නායි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරින් පැමිණ පොරොන්දු වූ මුදල් ගෙවන ලදී.ඉතිරිය මාලනී අක්කාත් සතිශ් දොස්තර මහතාගේ පදනමත් දරන ලදී.

දවස් හතක්ම දැඩි සත්කාර ඒකකයේ තබා පැයෙන් පැයට සුවදුක් විමසා රෝහලේ වාහනයෙන් ආරක්ෂක වරුන් දෙදෙනෙක් සමග ගුවන් ගත වනතුරුම රැකවරණය දී අපේ නිලි රැජින ආපසු මව්බිම බලා ඉන්දියාවේ ඇපලෝ රෝහල පිටත් කලාය.?
නැවත මාස තුනකින් පැමිණි සියල්ල පරීක්ෂා කරවා ගන්නා ලෙස කල උපදෙස් මත අප දෙදෙන නැවතත් ඇපලෝ රෝහලට ගියෙමු. එවර සියලු පරීක්ෂණ සහ සේවාවන් නොමිලයේ ලබා දුන් බව මම කෘතගුණවේදීව සිහිපත් කරමි.?
මාලනී අක්කාගේ අසනීප අවස්ථා වලදී සිටි මා මෙන්ම ඇයට සෙනෙහසත් ශක්තියත් වූ චන්දිකත් කියන හැමදේම කර දුන් මංජුවත් රෝහල් දොරකඩට වී නිබද බලා සිටි නිල්හාන්වත් ආදරයෙන් සිහිපත් කරමි.
අපට නැති වුනේ මාලනී ෆොන්සේකා නොව යලි කිසි කලෙකවත් නොලබන රට ජාත්‍යන්තරව කීර්තිමත් කල රටේ අගනාම වස්තුවකි. අදටත් එයට මිලක් කිව හැක්කේ කාට කෙසේදැයි නොදනිමි. ඇය සිත් තැවුලෙන් කණගාටුවෙන් සිට්යේ වරක් ගෞරවයෙන් ඇය පිලිගත් ස්තානයකදීම එම ගරුත්වය කෙලසීම පිලිබදවයි.මෙහි දැක්වෙන රූපරාමු මේ කතාව තීව්‍ර කරන අපේක්ෂා වෙන් එක් කලෙමි. "



Rekha Wickramasinghe මුහුණුපොතේ පළවූ සටහනක් ඇසුරෙන්..  
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top