Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
19
ශ්වසන රෝග මොනවද ? ඒ ගැන දැනුවත් වෙමු...

- ශ්වසන රෝග මොනවද ? ඒ ගැන දැනුවත් වෙමු...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3 Views

අපි හැමෝම නීරෝගි දිවිපෙවෙතකට කැමතියි... 


ඉතිං සුවපත් දිවියක් ගත් කරන්න නම් ඔබට වැළදෙන්න පුළුවන් රෝගාබාධ ගැන දැන සිටීම හරිම වටිනවා... අද කතා කරන්නේ මාරාන්තික ශ්වසන රෝග ගැනයි... මේ ලිපිය කිවලා බලන්නකෝ...

අද අපි බලමු පහළ වායුමග ආශ්‍රිතව හටගන්නා සුලභ රෝග මොනවාද කියලා.

අපේ ශ්වසන පද්ධතිය ඉහළ වායු මග, පහළ වායු මග, සහ හුස්ම ගැනීමේ උපකරණය යනුවෙන් කොටස් තුනකට වෙන්කර තිබෙනවා.

මෙයින් පහළ වායු මග ලෙස සැලකෙන්නේ ස්වරාලයේ සිට වායු හුවමාරුව සිදුවන පෙනහළු තුළ ඇති ගර්ත දක්වා පිහිටා ඇති මාර්ගයයි.‍

පහළ වායු මග ඇතිවන ආසාදන

ස්වරාලයේ සිට ගර්ත දක්වා වායු මාර්ගයේ ඇතිවන මෙම ආසාදන බැක්ටීරියා වෛරස් හෝ දිලීරවලින් ඇති වෙන්න පුළුවන්. ඒ රෝග අතරින් ඉන්ෆ්ලුන්සාව ප්‍රධානයි.

බ්‍රොන්කයිටිස්, නියුමෝනියා සහ ක්ෂයරෝගය අනෙකුත් රෝගයි. මේ රෝග සඳහා පොදු රෝග ලක්ෂණත් පවතිනවා.

පොදු රෝග ලක්ෂණ

පහළ වායු මග ආසාදිත යම් පුද්ගලයෙකු බොහෝවිට පහත දැක්වෙන රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා.

• කැස්ස
• අධික සෙම
• පපුවේ තද ගතිය සහ හුස්ම ගැනීමේ අපහසුතා
• තද උණ
• හුස්ම ගනිද්දී පපුවේ ඇති වන ශබ්දය.
• ආහාර අරුචිය

ඉන්ෆ්ලුන්සාව

ඉන්ෆ්ලුන්සාව ඉහළ වායු මගෙහිද ඇති වෙන්න පුළුවන්. එහිදී පහළ වායු මගටද ආසාදනය පැතිරි යන්න පුළුවන්.

ඉතිරි රෝග පහළ වායු මග ආශ්‍රිතවම හටගන්නා ඒවායි.

• බ්‍රොන්කයිටිස් - Bronchitis - ශ්වසන නාල වල ආසාදනය

• නියුමෝනියා - Pneumonia - පෙනහළු වල ආසාදනය

• ක්ෂයරෝගය - Tuberculosis - ක්ෂයරෝග කාරක බැක්ටීරියාවෙන් වන ආසාදනය
නියුමෝනියාව

වඩා වැඩියෙන් දක්නට ලැබෙන්නේ කුඩා දරුවන් අතර සහ ඉතා වැඩිහිටි අය අතරයි. ඒත් යොවුන් වියේ පසුවන අයට වුණත් මෙම රෝගය වැළඳීමට ඉඩ තියෙනවා.

මෙය වර්ග දෙකකි:

සමාජයෙන් බෝ වන - සමාජයේදී හමුවන ආසාදිතයෙකුගෙන් බෝ වීම.

රෝහලෙන් බෝ වන - කලක් රෝහල් ගතව සිටින විට රෝහලේදී බෝවේ.

රෝග ලක්ෂණ

කැස්ස, සෙම, රුධිරය මිශ්‍ර කහ පැහැති හෝ සුදු පැහැති වෙන්න පුළුවන්. මද රෝගී තත්ත්වයන්ට නිවසේදී ප්‍රතිකාර කරන්න පුළුවන්.

ප්‍රතිකාර වශයෙන් ප්‍රතිජීවක ඖෂධ සහ දියර වර්ග වැඩිපුර පානය කිරීම වගේම හොඳින් විවේක ගැනීම අනිවාර්යය වෙනවා.

නිරෝගී යොවුන් වියේ පසුවන අයට මෙම රෝගය වැළඳුනොත් මෙම ප්‍රතිකාරවලින් රෝගය සුව වෙනවා. එහෙත් වැඩිහිටි හෝ වෙනත් රෝගී තත්ත්ව ඇති අයට රෝහල් ගතවීමට සිදුවෙනවා.

මෙසේ සිදුවන්නේ ඔවුන්ට සංකූලතා ඇති වෙන්න පුළුවන් නිසයි.

ඇති විය හැකි සංකූලතා:

• ශ්වසනයේ අපහසුතා ඇති වීම.

• ගර්තවල දියර පිරීම නිසා වායු හුවමාරුවට බාධා ඇති වීමක් මෙයින් සිදු වෙනවා.

• පෙනහළු වල විසර ගෙඩි ඇති වීම.

• ලේ විෂ වීම

මෙම රෝගය ඇති කරන සමහර විෂබීජ සඳහා එන්නත් ඇති අතර ප්‍රතිශක්තිය දුර්වල අය සඳහා එය භාවිතා කරනු ලබනවා.

ක්ෂය රෝගය

මෙය වැළඳෙන්නේ මයික්‍රොබැක්ටීරියම් ටියුබකියුලෝසිස් නමැති බැක්ටීරියාවෙනි.
මෙම බැක්ටීරියාව වෛද්‍ය රොබට් කොක් විසින් 1882 මාර්තු 24 දින සොයාගත්තේය. අපි සෑම වසරකම මාර්තු 24 ලෝක ක්ෂය රෝග දිනය සමරන්නෙ ඒ නිසයි.

ක්ෂය රෝගය නිසා වසරකට මිලියන 2ක ජනතාව මිය යනවා. ඒ කියන්නේ දිනකට 5000ක්. මේක සංවර්ධනය වන රටවල තරුණ අය අතර ඔවුන්ගේ ජීවිතයේ ඵලදායි සමයේ සාමාන්‍යයෙන් දක්නට ලැබෙනවා.

සමහර රෝග අඩු ප්‍රතිශක්තියක් තියෙන දුප්පත්, මන්ද පෝෂණයෙන් පෙළෙන අයට ඉක්මනින් බෝ වෙන්න පුළුවන්.

පහත දැක්වෙන රෝග ඇති අයට ක්ෂයරෝගය බෝ වීමේ අවදානම වැඩියි.

• දියවැඩියාව
• වකුගඩු රෝග
• පෙනහළු වල කල් පවතින රෝග
• ප්‍රතිශක්තිය හීන වීම
• මත්පැන් දුම්වැටි වලට ඇබ්බැහි වීම
• නීති විරොධී මත්ද්‍රව්‍ය භාවිතා කිරීම

ක්ෂය රෝගය හැදෙන්නෙ කොහොමද?

ක්ෂය රෝගය බෝ වන්නේ වාතය නිසයි.

ක්ෂය රෝග විෂබීජ ශරීර ගතව ඇති අයෙකු කහිනකොට, කිවිසුම් අරිනකොට, සිනාසෙන කොට, පෙනහළුවල ඇති විෂබීජ වාතයට එක් වෙනවා. ඒවා ආශ්වාස කළොත් ඔයාටත් මෙම රෝගය බෝ වෙන්න පුළුවන්.

ගැලපෙන බෙහෙත් ගත්තේ නැත්නම් මරණයට වුණත් පත්වෙන්න ඉඩ තියෙනවා.

මේ අවස්ථාවලදී ක්ෂයරෝගය බෝවන්නෙ නැහැ.

• රෝගියෙකු බීමට පාවිච්චි කළ බඳුන් හෝ ආහාර ගැනීමට පාවිච්චි කළ පිඟන් ආදිය තවත් කෙනෙකු පාවිච්චි කිරීමෙන්
• රෝගියෙකුට අතට අත දීමෙන්
• එකම ටොයිලට්, කොමෝඩය පාවිච්චි කිරීමෙන්
• රෝගියෙකු පාවිච්චි කළ ඇඳ ඇතිරිලි අත පත ගෑමෙන් පාවිච්චි කිරීමෙන්.

ක්ෂය රෝගය සිරුරට බලපාන අන්දම:

පහත අවයව ආසාදනය වේ

• පෙනහළු හා වසා ගැටිති
• පෙනහළුවල පිට සිවිය
• මොළය හා ස්නායු පද්ධතිය
• වකුගඩු
• කොඳු නාරටිය
• විෂබීජ ආශ්වාස කළ විට අප සිරුරේ ඇති ප්‍රතිශක්ති පද්ධතිය ඒවා පෙනහළුවලට සීමා කිරීමට උත්සාහ කළද යම් බැක්ටීරියා ප්‍රමාණයක් රුධිරය දිගේ හෝ වසා නාල දිගේ අනෙක් අවයවවලට පැතිරීමට ඉඩ තියෙනවා.

පෙනහළුවල ඇති වන ක්ෂයරෝගයේ රෝග ලක්ෂණ:

• සති දෙකකට වඩා පවතින කැස්ස
• බර අඩුවීම
• මහන්සි ගතිය
• සීතලය සමග ඇති වෙන උණ
• කැස්ස සමග ලේ පිටවීම
• ආහාර අරුචිය
• රාත්‍රියට දහඩිය දැමීම
• රෝගය අනෙක් අවයවවලට පැතිරුණහොත් එයට අදාළ රෝග ලක්ෂණ ඇති වෙනවා.

රෝගය ඇති බව හඳුනා ගන්නේ කොහොමද?

1. රසායනාගාර පරීක්ෂාවෙන් බැක්ටීරියාව හඳුනාගැනීම. Microbiological Diagnosis
2. සෙම පටල පරීක්ෂාවෙන් Sputum Smear Examination සෙම පටල සාම්පල් 3ක් වර්ණ ගන්වා අන්වීක්ෂයෙන් පරීක්ෂා කොට බැක්ටීරියාව හඳුනා ගන්නවා.
3. (Sputum culture) සමහර විට ඔයා මෙය විද්‍යා පන්තිවල ඉගෙන ගෙන තියෙන්න පුළුවන්. සෙම අදාළ මාධ්‍යයක දමා එහි ඇති බැක්ටීරියා වැඩෙන්නට සැලැස්වීම මෙහිදී සිදු කරනවා. ඉතා කුඩා ප්‍රමාණයක් බැක්ටීරියා ඇති අවස්ථාවලදී මෙම පරීක්ෂාව ඉතා වැදගත් වෙනවා.
4. ජාන තාක්ෂණය භාවිතා කිරීමෙන්. Genetic Testing
5. එක්ස් රේ පරීක්ෂාවෙන්. Chest Imaging
6. සී.ටී. ස්කෑන් පරීක්ෂාවෙන් CT Scans
7. මාන්ටු පරීක්ෂාවෙන් MantouxTest

මෙහිදී ප්‍රෝටීන් වර්ගයක් අතට එන්නත් කොට පැය 72 කදී ඇති වූ ප්‍රතික්‍රියාව මැන බලනවා. මි.මී. 10 ට වැඩිනම් පොසිටිව් ලෙස සලකයි.

පොසිටිව් නම්

• පසුගිය ආසාදනයක් සැඟ වී ඇති බව • ආසාදනය වී සුව වී ඇති බව • BCG (Bacillus of Calmett and Guireine එන්නත ලබා ඇති බව දැනගන්නවා.

ක්ෂය රෝගයට ප්‍රතිකාර:

දීර්ඝ කාලයක්, මාස 6-8 දක්වා, බෙහෙත් ගන්න වෙනවා. මේ සඳහා ඖෂධ වර්ග කිහිපයක් එකවිට භාවිතා කරනු ලබනවා. ප්‍රතිකාර අතර මග නතර කරමින් අපිළිවෙළට ගතහොත් බැක්ටීරියාව ඖෂධවලට ප්‍රතිරෝධයක් ඇතිකර ගන්නා නිසා එය ඉතා භයානක තත්ත්වයක් ඇති කරනවා. එවිට එම ඖෂධ තවදුරටත් ප්‍රතිකාර සඳහා යොදා ගන්න බැරි වෙනවා. ඒ නිසා නිසි ඖෂධ මාත්‍රා නිසි කාලසීමාව පුරා නොකඩවා ගැනීම අතිශයින්ම වැදගත් වෙනවා. රෝගයෙන් සම්පූර්ණ සුවය ලැබෙන්නේ එහෙම වුනාමයි.

මේ සඳහා (DOT) නමැති ක්‍රමවේදය යොදා ගන්නවා. එනම් රෝගියා සෑම දිනකම තවත් කෙනෙක් ඉදිරියේ බෙහෙත් ලබාගැනීමයි. මෙහිදී ඔහු හෝ ඇය නිසි පරිදි බෙහෙත් ගන්නවාද කියලා තවත් කෙනෙකු සොයා බැලීම ඉතා වැදගත්.
පහළ වායු මග ආශ්‍රිත තවත් රෝග තත්ත්වයන් දෙකක් ගැනත් මෙහිදී මතකයට නංවාගමු. ඒ තමා ලැරින්ජයිටිස් හෙවත් ස්වරාලය ආසාදනය සහ ෆැරින්ජයිටිස් හෙවත් සාමාන්‍ය උගුර ආසාදනය.

• ලැරින්ජයිටිස්- ස්වරාලය ආසාදන Laryngitis
ශ්වාස නාල ආරම්භ වන තැන පිහිටා ඇති ස්වරාලයේ ඇති ස්වර තන්තු ආසාදනය මේ නමින් හැඳින්වෙනවා. අප කතාකරන ශබ්දය නිපදවන ස්ථානය මෙය බැවින් මෙහිදී රෝග ලකෂණය වන්නේ කටහඬ වෙනස් වී බැරෑන්ඩි වීමයි.

• ෆැරින්ජයිටිස් - PHARYNGITIS- (Sore Throat) උගුර ආසාදනය

රෝග ලක්ෂණ:

• උගුර රිදීම, ගිලීමට අපහසු වීම
• බෙල්ල ආශ්‍රීත වසා ගැටිති ඉදිමීම
• සෙම් ගෙඩි සෑදීම
• කන් කැක්කුම සහ බෙල්ලේ වේදනාව
• උණ

දැන් ඔබට ස්වශන පද්ධතිය ඇසුරුව හැදෙන රෝග ගැන අවබෝධයක් ලැබී ඇති. මේ රෝග සැමෙකක්ම සඳහා දැන් ප්‍රතිකාර තියෙනවා. ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා ඖෂධ නිසිලෙස භාවිතයෙන් ඔබට නිරෝගීව වෙසෙන අතරම ඔබෙන් මේ රෝග පැතිර යාමද වළක්වන්නටත් හැකියි.

දේශය
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top