මොකද පොලිසිය දැන්ම තියාම වැඩ පටන් අරන්.මැයි දින පෙළපාලි නිසා කොළඹ නගරයේ සාමාන්‍ය රථවාහන ගමනාගමනයට බාධා නොවී පවත්වාගෙන යන්න පොලිසිය විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරනවා. ප්‍රධාන රැස්වීම් පැවැත්වෙන ස්ථාන අවට මාර්ගවල හෙට දිනයේදී විශේෂ රථවාහන පාලනයක් දැකගත හැකි වේවි.උත්සව සහ පෙළපාලි සාමකාමීව පවත්වන්න අවශ්‍ය වටපිටාව හදන්න පොලිස් මාධ්‍ය ඒකකය පවසන පරිදි සියලුම පොලිස් ස්ථාන දැනුවත් කර තිබෙනවා. විශේෂයෙන්ම,
පෙළපාලි යන මාර්ග සහ රැස්වීම් භූමිවල විශේෂ ආරක්ෂක රැකවල්.
සාමාන්‍ය ජනතාවට අපහසුවක් නොවී ගමනාගමනය පවත්වාගෙන යෑමට උපරිම සහාය.
කොළඹ විතරක් නෙවෙයි, දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල පැවැත්වෙන සැමරුම් සඳහාත් පොලිස් ආරක්ෂාව තර කරලා.
ඔබ හෙට කොළඹ නගරය හරහා ගමන් කිරීමට බලාපොරොත්තු වෙනවා නම්, පෙළපාලි සහ රැස්වීම් පැවැත්වෙන වෙලාවන් සහ මාර්ග පිළිබඳව අවධානයෙන් ඉන්න. විකල්ප මාර්ග භාවිත කිරීමෙන් අනවශ්‍ය රථවාහන තදබදයක හිරවීම වළක්වා ගන්න පුළුවන්.
මොනවා වුණත් වැඩ කරන ජනතාවගේ දිනය දේශපාලන කලබල අස්සේ සාමකාමීව ගෙවී යයි කියලා අපි බලාපොරොත්තු වෙනවා!