ඒ සිද්ධිය ගැන මේ වෙද්දී විවිධ අංශවලින් කතාබහට ලක්වෙනවා.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන අලුත්ම කතාවක්..
කොටහේන ප්‍රදේශයේ පදිංචිව සිටි 13 හැවිරිදි පාසල් දැරියක් සිය දිවි හානිකරගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශණයක් සිදුකරන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසනවා...
එම අධිකාරිය සදහන් කළේ, මෙම සිදූවීම සම්බන්ධයෙන් කොටහේන සහ බම්බලපිටිය පොලිස් ස්ථානවලින් වාර්තා කැදවන බවයි...
එමෙන්ම ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශයේ නිළධාරීන් පිරිසක් සහ පොලිස් ළමා හා කාන්තා කටයුතු අංශයේ නිළධාරීන් පිරිසක් ද අද අදාල දැරියගේ නිවස වෙත ද ගොස් තිබුණා..
මේ අතර, අදාල සිදුවීමට සම්බන්ධ ගුරුවරයා පුත්තලම ප්‍රදේශයේ පාසලකට මාරු කර යවා තිබූ අතර, ඊට විරෝධය පළ කරමින් හේතුවෙන් එම පාසල ඉදිරිපිට අද දෙමාපියන් පිරිසක් උද්ඝෝෂණයක නිරත වුණා..
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් අද කොළඹ දී අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවමින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් ඊයේ පාර්ලිමේන්තුවේ දී සිදු කල ප්‍රකාශය සම්බන්ධයෙන් මෙලෙස විරෝධය පළ කළා..
මේ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් දැනට සිදු කෙරෙන විමර්ශනවල ගැටලු පවතින බව අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ වුණා.. ඒ අදාළ සිද්ධිය පිළිබද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සභාවේ අවධානය යොමු කිරීමත් සමගයි..
මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුම ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීමත් සමග සභාවේ උණුසුම් තත්වයක් ද හටගත්තා..