ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය ලෙස නිල් මානෙල් මල හඳුන්වා දුන්නේ 1986 පෙබරවාරි 26 දින දීයි බවයි සඳහන් වන්නේ..
උද්භිද නාමය පෙර දී Nympheae Stellata වූ නමුදු මෙම මලෙහි වත්මන් උද්භිද නාමය Nymphaea nouchali ලෙසයි..
මෙම මලින් බලවත් රෝග සමනය කිරීමේ සමත් සිසිල් ගුණයක් සහිත ඖෂධීය පුෂ්පයක් වනවා..
නිල් නෙළුම්, තරු නෙළුම්, රතු ජල මානෙල්, කුරු මින්මැදුර මානෙල්, නිල් මානෙල්, නිල් තරු මානෙල් හෝ මානෙල් මල යන පොදු නම්වලින් හඳුන්වනු ලබනවා..
ශ්‍රී ලංකාවේ මෙන්ම බංගලාදේශයේ ද ජාතික පුෂ්පය ලෙස සළකනු ලබනේ නිල් මානෙල් මලයි..
තවද, ඊජිප්තුවේ සාම්ප්‍රදායික ඖෂධයක් ලෙස ද මෙම මල භාවිතා කරනවා..
සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවේ ස්වාභාවික කෘමිනාශකයක් වන අතර, නින්දට ආධාරකයක් බවද සඳහන් වෙනවා..
නිල් මානෙල් මල තේ සැදීමටත් , සුවඳ දුම් සඳහත් තෙල් සෑදීමටත් යොදා ගන්නවා.
(අන්තර්ජාලය ඇසුරෙන්)