"මගේ ජීවිතය රෝස මල් යහනක් වුණේ නැහැ...." මේ වචන ඇහෙන වීඩියෝ පටයක් මේ මොහොතේ සමාජ මාධ්‍ය වල හුවමාරු වෙනවා.
සමහරවිට ඔබටත් ඒ අසන්න ලැබෙන්න ඇති. මුකේෂ් අම්බානිගේ දෑස් කඳුළින් තෙත් කළ ඒ සංවේදී කතාව.
පළමු දිනයේම ඒ හැඟීම්බර පිළිගැනීමේ කතාවේ වස්තු බීජය වෙලා තිබුණේ තමන්ගේ ළමා කාලයේ සෞඛ්‍ය අරගලය.
ඒ අරගලය ජය ගන්න දෙමාපියන් දැක්වූ සහයෝගය අගය කරමිනුයි අනන්ට් විසින් එහි පැමිණි සියල්ලන්ම සංවේදී කරලා තිබුණෙ.
"මගේ ජීවිතය සම්පූර්ණයෙන්ම රෝස මල් යහනාවක් නොවීය.මම කුඩා කල සිටම සෞඛ්‍ය ගැටලු රාශියකට මුහුණ දුන්නා.නමුත් මගේ පියා සහ මව කිසි විටෙකත් මට ඒවා දුකක් හැටියට දැනෙන්න ඉඩක් දුන්නෙ නෑ.ඔවුන් හැම වෙලාවකම මම වෙනුවෙන් පෙනී සිටියා.අම්මා, ඔබ කළ සියල්ලට ස්තූතියි.මේ සියල්ල නිර්මාණය කළේ මගේ අම්මා මිස වෙන කවුරුත් නෙවෙයි.පසුගිය මාස හතර තුළ ඇය දිනකට පැය 18-19 අතර කාලයක් වැඩ කළාය. මම අම්මට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මගේ තාත්තයි අම්මයි හැමදාම මගේ පැත්තේ ඉඳලා මට හිතුණොත් මම ඒක කරනවා කියලා. ඒකයි මගේ තාත්තයි අම්මයි මට සලකන්නේ, මම සදාකාලිකවම කෘතඥ වෙනවා.‘ මම සියයට සියයක්ම වාසනාවන්තයි; ඒ ගැන කිසිම සැකයක් නැහැ. රාධිකා මට ලැබුනේ කොහොමද කියලා මමත් දන්නේ නැති නිසා මම අනිවාර්යයෙන්ම මෙතන වාසනාවන්තයි. මම ඇයව අවුරුදු හතක් තිස්සේ හඳුනනවා, නමුත් අපි ඊයේ පමණක් හමු වූවාක් මෙන් දැනේ. දවසින් දවස මම තව තවත් ආදරයෙන් බැඳෙනවා.''