ඒ දෙන්නා චූටි සාරන්‍යා ගැන ගොඩක් හිතනවා..
චූටි දුවට පොඩිවත් කරදරයක් නොවෙන්න මේ වගේ දේවල් එයාට පොඩි කාලේදිම කියලා දෙන්න සාරංග වගේම දිනක්ෂිත් හිතන්න ඇත්තේ ඒ නිසා වෙන්න ඇති..
මෙන්න බලන්නකෝ දරුවෙකුගේ ආරක්ෂාවට පුංචි දෙයක් පවා මොන තරම් වැදගත්ද කියලා එයාගේ ජීවිතේට..
විශ්වාසවන්ත කෙනෙක් එක්ක පුංචි පැටියෙක්ට ජීවිතේ බෙදා ගන්න කියලා දෙන එක අම්මාගේ තාත්තාගේ වැඩක්.. දිනක්ෂි මේ ඒ ගැන කියපු කතාව..
"දරුවාව විශ්වාස කරන්න! - තමන්ට කරදරයක් වුණොත් බය නැතුව ඇවිත් කියන්න තරම් ඔබ ඔබේ දරුවට සමීපද? අහන්න තරම් සංවේදීද..? මේ වැඩසටහනේදී දරුවන්ට කියා දුන්නා තමන් විශ්වාස කරන කෙනෙකුට දුවලා ගිහිං කියන්න කියලා. එදා හිටපු පොඩිම කෙනා සාරන්‍යා බබා කාවද විශ්වාස කරන්නේ?"