Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
05
ලොවකට අනාවැකි කියූ ගුප්ත කතගේ ජීවිත කතාව ඔබත් දැනගන්න කැමතියි ද..?

- ලොවකට අනාවැකි කියූ ගුප්ත කතගේ ජීවිත කතාව ඔබත් දැනගන්න කැමතියි ද..?Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views
අපි කවුරුත් කැමතියි අපේ ඉරණම ගැන කලින්ම දැනගන්න..

මේ කියන්න යන්නේ ලෝකයටම ඒ වගේම අනාවැකි කියන කාන්තාවකගේ ඔබ දැනගන්නම කැමති තොරතුරුවලින් කීපයක්.. 

"සෑම නව වසරක්ම උදාවන්නේ ලොව පුරා කෝටි සංඛ්‍යාත ජනතාවගේ හදවත් තුළට නැවුම් බලාපොරොත්තු රැසක් එකතු කරමිනි. එහෙත් සමාජ මාධ්‍ය ජාලයට සහ මතභේදාත්මක සිද්ධාන්තවලට පින්සිදුවන්නට ඒ සියලු බලාපොරොත්තු හා අපේක්ෂාවන් යටින් දිවෙන ගුප්ත අනාවැකි සමුදායක් ද වසරින් වසර අන්තර්ජාලය පුරවා දමයි. එසේ වසරින් වසර අන්තර්ජාලයට එකතුවන අනාවැකි අතර මෑත ඉතිහාසයේ වැඩිපුරම කතාබහට ලක් වන්නේ බල්ගේරියාවේ හිටපු අන්ධ මිත්තණිය බාබා වන්ගාගේ නිමිති එකතුවය. වසරින් වසර අලුත් වන, වසරින් වසර ලොව කලඹන ඉන් ඇතැම් අනාවැකි වසර අවසානයේදී සැබෑ නොවීම ඉතිහාසයට එකතු වුවද, ඇතැම් අනාවැකි ඇස් පනාපිටම සැබෑවන්නේ මේ ගුප්ත කාන්තාව ගැන ලෝක ප්‍රජාව අතර වඩ වඩාත් විශ්වාසය ඇති කරමිනි.

සැබැවින්ම අනාවැකි සහ පේන කියන පුද්ගලයන් ඉතිහාසය පුරා එමටය. රුසියාවේ දෙවැනි නිකලස් ට්සාර් රජුගේ පාලන කාලයේ ජීවත්ව සිටි ගුප්ත පූජකයා රස්පුටින්ගේ සිට අසූව දශකයේ ජනාධිපති රොනල්ඩ් රේගන්ගේ කාලයේ අමෙරිකාවේ සිටි ජොආන් කුවිග්ලි දක්වා අනාගතය කියන පේන කියන විවිධාකාරයේ ඉන්ද්‍රජාලිකයෝ අපමණ වූහ. ඒ අතුරින් 17 වැනි සියවසේ ලන්ඩනයේ මහා ගින්න ගැනත්, හිට්ලර්ගේ නැඟී සිටීම ගැනත් ටක්කෙටම අනාවැකි කියමින් ලොව ශ්‍රේෂ්ඨතම පේන කියන්නා බවට පත්ව සිටියේ 16 වැනි සියවසේ ප්‍රංශයේ සිටි නොස්ට්‍රඩමස් ය. ඔහුගේ බොහෝ අනාවැකි දිගුකාලීන ඒවා වූ අතර, ඇතැම් අනාවැකි සැබෑවීමට දශකයකට වඩා කල්ගත වූ බව ද කියැවේ. අනිත් අතට ඔහුගේ බොහෝ අනාවැකි ඉතා විස්මිත සහ භීතිය දනවන ඒවා වීම නිසා එවකට ප්‍රංශ ජනතාව සිතුවේ නොස්ට්‍රඩමස් යක්ෂයාගේ සේවකයකු බවය. ව්‍යාජ හෝ උමතු සහගත පුද්ගලයකු බවය. එසේ වුවත් ප්‍රංශයේ දෙවැනි හෙන්රි රජුගේ බිසොව කැතරින් ඩි මෙඩිසි මේ පුද්ගලයාට දැඩි ලෙස ආකර්ෂණය වී සිටියාය. හරියටම රස්පුටින්ට ආකර්ෂණය වූ ට්සාර් රජුගේ බිරිය මෙන්ම ඇයත් නොස්ට්‍රඩමස්ගේ අනාවැකි කෙරෙහි පැහැදුණු අතර, ඔහුට දුටුවේ එල්ල විය හැකි අනාගත තර්ජනවලින් රජ පවුල බේරා ගැනීමට පැමිණි දේවදූතයකු හැටියටය. ඉන් නොනැවතී ඇය නොස්ට්‍රඩමස් පැරීසියට ගෙන්වා සිය දරුවන්ගේ කේන්දර සකස් කරවා ගත් අතර, සිය පුත් කුමරා වූ ප්‍රංශයේ සිව්වැනි චාල්ස් කුමරුගේ උපදේශකවරයා බවට පත් කළාය.

එහෙත් බාබා වන්ගා ලෝක අවධානයට ලක්වූයේ ඉතා ආසන්න වසරවලදී ලොව සිදුවිය හැකි බවට පළ කළ අනාවැකි හේතුවෙනි. ඒවා සැබෑවීම හේතුවෙනි. ඇගේ බොහෝ අනාවැකි වසර 50කට මෑත අනාගතය සම්බන්ධ ඒවා විය. ඇය මුල සිටම බල්ගේරියාවේ ජනතාව අතර අසීමිත ගෞරවයට ද පාත්‍ර වූවාය. කොටින්ම සෑම බල්ගේරියානු පවුලකටම බාබා වන්ගා ගැන පැවැසීමට කුමක් හෝ කතාවක් තිබිණි. ඇය විසින් ගෝලීය සිදුවීම් ගැන පළකළ බොහෝ අනාවැකි ඉතා නිවැරැදි වූ අතර, ඒවා බල්ගේරියාවේ පමණක් නොව වැඩිකල් නොගොස් ලොව පුරාම ප්‍රචලිත විය.

එවකට බල්ගේරියාවේ අස්සක් මුල්ලක් නෑර ජනතාව සොෆියා අගනුවර සිට සැතපුම් 110ක දුරින් ඇය පදිංචිව සිටි බෝල්කන්ස් පළාතේ රුපයිට් කඳුකර ප්‍රදේශයේ පිහිටි ඇගේ නිවෙස වෙත ඇදී එන්නට වූයේ පුද බිමකට ඇදෙන බැතිමතුන් පිරිසක් මෙනි. වසර 1996දී පියයුරු පිළිකාවකින් මෙලොවින් සමු ගැනීමට පෙර සිය දුක් අඳෝනා විසඳීමට ඇය තරම් සමතකු බල්ගේරියාවේ තවත් නම් සිටියේ නැත. ඇය බල්ගේරියාවේ ජනතාව අතර දේවත්වයෙන් පිදුම් ලැබූ අතර, එය පරපුරෙන් පරපුරට ජීවමානව ඉදිරියට ඇදී ගියේ එරට පුරා වෘතාන්තයක් බවට පත් කරමිනි.

සිය ඉරණම ගැන දැන ගැනීමට ඇගේ කුඩා නිවෙසට පා තැබුවේ සාමාන්‍ය ජනතාව පමණක් නොවේය. එය එවකට සිටි දෙස් විදෙස් රාජ්‍ය නායකයන් පවා නිතර යන එන දෙවොලක් බවට ද පත් විය. ඊයේ පෙරේදා එංගලන්තයේ මෙට්රෝ පුවත් සේවයේ වාර්තාකරුවන් බාබා වන්ගාගේ නිවෙස සොයා ගියේ මිය ගොස් වසර 28ක් ගත වූවද, අදටත් වරින් වර පුවත් මවන මේ විස්මිත මිත්තණිය ගැන වැඩිපුර තොරතුරු හාරා ඇවිස්සීමටය. ප්‍රංශයේ නොස්ට්‍රඩමස්ගෙන් පසු ටක්කෙටම අනාවැකි කී එකම පුද්ගලයා බවට පත්වීමෙන් පසු බල්ගේරියානු ජනතාව අතර ‘බෝල්කන්ස් හි නොස්ට්‍රඩමස්‘ නමින් ප්‍රචලිත වූ ඇගේ ඉතිහාසය ගැන හෙළි කර ගැනීමටය.

1986 අප්‍රේල් මාසයේ අගභාගයේ යුක්රේනයේ චෙර්නොබිල් න්‍යෂ්ටික බලාගාරයේ සිදු වූ මහා පිපිරීම ගැන, ඩයනා කුමරියගේ අකල් මරණය ගැන, සැප්තැම්බර් 11 නිව්යෝක් ත්‍රස්ත ප්‍රහාරය ගැන පමණක් නොව අවුරුදු 85 දී තමා මිය යන බවත් ඒකාන්තයෙන්ම දැන සිටි බාබා වන්ගාගේ අබිරහස් ජීවන තොරතුරු රැසක් මේ නිවෙස තුළ තැන්පත් වී තිබිණි.

මේ කුඩා නිවෙස ඇගේ මරණයෙන් පසු එහෙම පිටින්ම කෞතුකාගාරයක් බවට පත් වී තිබිණි. නිවෙසේ ආකෘතිය සහ පිහිටීම ඇගේ නිහතමානි ජීවිතයේ කැඩපතක් බඳු ය. ඇය විසින් භාවිත කරනු ලැබූ කොට්න් රෙද්දෙන් තැනූ ඒප්‍රන හා කබා මෙන්ම අතින් වියන ලද වූල් සීත කබා බල්ගේරියාවේ ජනතාවගේ සම්ප්‍රාදයක ඇඳුමට වඩා වැඩි වෙනසක් නොතිබිණි. එම නිවෙසේ කාමර දෙකකි. එහි සියලු ගෘහභාණ්ඩ පසුකාලීනව කෞතුකාගාරයක් බවට පත්වීමට පෙර නවීකරණය කරනු ලැබූ ඒවාය. බාබා වන්ගාගේ නිදන කාමරයේ තනි ඇඳකි. එය සවි කර තිබුණේ ජනේලය අසළින්මය. එතරම් නොවටින කුඩා ආයිත්තම් මෙන්ම පොත් තැන්පත් කළ රාක්ක කිහිපයක් ද වේ. මල් පෝච්චි කිහිපයකින් ද එය සමන්විතය. ඊළඟ කාමරයේ කුඩා මේසයක් සහ පුටු කිහිපයක් තබා තිබූ අතර, ගිනි තැපීමට උඳුනක් ද එහි සවිකර තිබේ.

නිවෙසේ මිදුලේ කකුල් තුනේ කනප්පුවක් තබා ඇති අතර, බස් රථ හා මෝටර් රථ මඟින් පැමිණෙන දහස් සංඛ්‍යාත ජනතාවගේ ගැටලු විසඳීමට ඇය අසුන් ගෙන ඇත්තේ එතැනය. ඊට අඩි කිහිපයක් ඈතින් තවත් කුඩා කුටියක් තනා තිබූ අතර, විශේෂිත පුද්ගලයන්ගේ ගැටලු විසඳීමට ඇය භාවිත කර ඇත්තේ එතැනය. බාබා වන්ගාගේ නිවෙස තම අනාගතය ගැන දැන ගැනීමට ලෝක රාජ්‍ය නායකයන් නිතර නිතර රස්තියාදු වූ ස්ථානයක් බවට සාක්ෂි රැසකි. තරාතිරම කුමක් වූවද, ලොව පුරා එවකට සිටි රාජ්‍ය නායකයන් රැසක් ඇගේ නිත්‍ය අනුගාමිකයන් බවට පත්වී සිටි අතර, හැත්තෑව දශකයේ අගභාගයේ එවකට සෝවියට් රුසියාවේ ජනාධිපති ලියොනිඩ් බ්‍රෙෂ්නෙව් ඒ අතුරින් කැපී පෙනෙන පුද්ගලයකු විය.

වසර 1977 සිට 1982දී මෙලොවින් සමුගන්නා තෙක් සෝවියට් රුසියාවේ නායකයා වූ බ්‍රෙෂ්නොව් තම ආයු කාලය වැඩි කරදෙන ලෙස ඇය ඉදිරියේ වැඳ වැටී බැගෑපත් වූ බවට සාක්ෂි රැසකි. සිය බලලෝභීත්වය නිසාම වැඩි කාලයක් ජීවත්වීමට ආසාවෙන් පසු වූ සෝවියට් නායකයා බාබා වන්ගා සමඟ අධ්‍යාත්මිකව බැඳී සිටි බවත්, ඇගේ සමීපතම ජාත්‍යන්තර රාජ්‍ය නායකයා වූ බවත් කියැවේ. කසකස්තානයේ හිටපු ජනාධිපති නූර්සුල්තාන් නසාර්බයෙව් ඇය හමුවී අනාගතය ගැන වැදගත්ම අනාවැකිය අසා දැන ගත්තේ ජනපති වීමට වසර 6කටත් පෙරය. ඔහු අසීමිත බලයක් අත්කර ගන්නා බවත්, රටේ පාලනය අතට ගන්නා බවත් බාබා වන්ගා ප්‍රකාශ කර තිබිණි. එහෙත් එය ඔහුට සතුටක් හෝ ප්‍රීතියක් දනවන සුලු තනතුරක් නොවනු ඇතැයි ද ඇය සඳහන් කර තිබිණි.

නොමේරු බිලිඳියක ලෙස සෞඛ්‍ය සංකූලතා රැසක් සහිතව වන්ගේලියා පන්ඩේවා ගුෂ්ටරෝවා නමින් ඇය උපත ලැබුවේ වසර 1911 ඔක්තෝබරයේදීය. බල්ගේරියාවේ වැඩිහිටියන්ට අනුව වැඩි කාලයක් ජීවත් නොවනු ඇතැයි වෛද්‍යවරු මත පළ කළ බැවින් උපත ලබා මාස කිහිපයක් ගත වනතුරු ඇයට නමක්වත් තබා නැත. ඇගේ කුඩා වියේදිම මව මිය යෑමත්, පියා බල්ගේරියාවේ යුද හමුදාවට බැඳී එවකට යුද සේවයේ නිරතව සිටීමත් නිසා අසල්වාසීන්ගේ රැකවරණය මැද ජීවත් වූ වැන්ගේලියා අන්ධ වූයේ කුඩා වියේදී මිදුලේ සෙල්ලම් කරමින් සිටියදී ටොනෑඩෝවකට හසුවීමෙන් පසුව බව ඇගේ ඉතිහාස තොරතුරුවල සඳහන් වේ. බලධාරීන් ඉතා දුෂ්කර මෙහෙයුමකින් පසු ඇය සොයා ගෙන ඇත්තේ නිවෙසේ සිට කිලෝමීටර් ගණනාවක් දුරක වැටී සිටියදීය. මේ ටොනෑඩෝව ඇය කිලෝ මීටර් ගණනාවක් දුරට ඇදගෙන ගොස් හිස් බිමකට වීසි කරද්දී ඇගේ දෑසම අන්ධ වී තිබිණි. වෛද්‍යවරු එය අනාවරණය කරගෙන ඇත්තේ වැලිවලින් සහ දුහුවිල්ලෙන් පිරී ගිය කුඩා වන්ගේලියාගේ දෑස් පිරිසුදු කර බැලීමේදීය. අන්තිමේදී ඇයට නොතිබූ වාසනාව උදා වූයේ අන්ධ වීමෙන් පසුවය.

එවකට දොළොස් වැනි වියේ පසු වූ ඇය හිටි හැටියේම අනාගතය ගැන කියවන්නට පටන් ගෙන ඇත්තේ ලෝකය හොඳින්ම දැකිය හැක්කේ අන්ධ පුද්ගලයන්ට පමණක් බවට ඇති කියමන නැවත නැවත සනාථ කරමිනි.

ලෝක යුද ඉතිහාසයෙන් කියැවෙන්නේ දෙවැනි ලෝක මහා යුද්ධය ගැන මුලින්ම අනාවැකි පළ කරනු ලැබුවේ ඇය විසින් බවය. එවකට බල්ගේරියා කොමියුනිස්ට් රාජ්‍යයේ නායකයන් නිතර නිතර ඒ ගැන විමසීමට ඇගේ නිවෙසේ කරක් ගැසූ බවට ද තොරතුරු පළ විය. කොමියුනිස්ට් පාලන සමයේ බල්ගේරියාවේ සිටි අවසන් රජ පුරුක වූ තුන්වැනි ට්සාර් බොරිස් රජු ද ඇගේ නිවෙසට පැමිණි බව එවකට රහසක් විය. බ්‍රේල් ක්‍රමයට අධ්‍යාපනය ලැබූ වැන්ගේලියාගේ අනාවැකි ගැන ලිඛිත සාක්ෂි කිසිවක් නැති බව ඇගේ නිවෙසේ චාරිකාවට එක් වූ මෙට්රෝ පුවත්පතේ වාර්තාකරු ජෙෆ් යේට්ස් ප්‍රකාශ කර ඇත. එහෙත් ඇගේ අනුගාමිකයන් නිතර නිතර ඇය විසින් සිදු කළ බව කියන යම් යම් ප්‍රකාශ උපුටා දැක්වීමත්, ඒවායේ සැඟවුණු අර්ථ සමඟ පසුකාලීනව ලොව පුරා සිදු වූ විවිධ සිදුවීම් හා සංසන්දනය කර බැලීමේ දී ඒවා දෙවරක් සිතා බැලිය යුතු ආකාරයේ අනාවැකි බව ද ඔහු සඳහන් කර තිබේ.

දෙවැනි ලෝක මහා යුද්ධය ගැන ඊට වසර කිහිපයකට පෙර සිදු කළ අනාවැකියෙන් කාගෙත් අවධානයට ලක් වූ වැන්ගේලියා පසුකාලීනව සෝවියට් දේශයේ බිඳ වැටීම, ස්ටාලින්ගේ මරණය, පුද්ගලයන් 118 දෙනකුට මරු කැඳ වූ රුසියාවේ කර්ස්ක් සබ්මැරීන අනතුර, 1985 උතුරු බල්ගේරියාවේ භූ කම්පනය, ඉන්දිරා ගාන්ධි ඝාතනය පමණක් නොව ශ්‍රී ලංකාවෙත් ජීවිත දහස් ගණනක් මුහුදට ගසා ගෙන ගිය 2004 සුනාමි ව්‍යසනය ගැනත් වන්ගා අනාවැකි පළ කර ඇත්තේ සිය මරණයට වසර කිහිපයකටත් පෙර බව කියැවේ.

ඇගේ ඉතිහාස තොරතුරු හාරා ඇවිස්සීමේදී පෙනී යන්නේ ඇය විසින් එවැනි අනාවැකි පළ කර ඇත්තේ ඇයටම ආවේණික ප්‍රකාශන ක්‍රමවේදයකට බවය. 1969 දී ඇය ඉන්දිරා ගාන්ධිගේ ඝාතනය ගැන අනාවැකිය පළ කර ඇත්තේ ‘ඇඳුම ඇය විනාශ කරනු ඇත. කහ පැහැති ඇඳුමක් මට පෙනෙනවා. ඉන් ගින්දර හා දුම් නැඟෙනවා‘ යනුවෙනි. ඊට වසර 20කට පසු සිය ආරක්ෂක නිලධාරියකුගේ වෙඩි පහරකින් ඉන්දිරා ගාන්ධි ඝාතනයට ලක් වූ අතර, ඒ මොහොතේ ඇය හැඳ සිටියේ කහ පැහැයට හුරු සාරියකි. 1989දී ඇය පළ කළ තවත් අනාවැකියෙන් කියැවුණේ ‘මහා විනාශයක්. යකඩ කුරුල්ලන්ගේ පහරදීමකින් අමෙරිකානු සොහොයුරන් බිඳ ඇද වැටෙනවා.‘ යනුවෙනි. 2001 සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් එකම ආකෘතියකට අනුව ඉදිකළ ලෝක වෙළෙඳපොළේ ගොඩනැඟිලි ද්විත්වය බිමට සමතලා වූයේ අල් කයිඩා ත්‍රස්තවාදීන්ගේ ගුවන්යානා ප්‍රහාරයකිනි. ඇය යකඩ කුරුල්ලන් ලෙස හඳුන්වා ඇත්තේ ගුවන් යානා බවට අනුමාන කෙරිණි.

මේ විස්මිත අනාවැකි පළ කිරීම නිසා පසුකාලීනව බල්ගේරියාවේ ජනතාව ඇය ‘බාබා වන්ගා‘ නමින් බෞතිස්ම කර තිබූ අතර, ඇගේ අනාවැකිවලට පෙර නොවූ විරූ අවධානයක් සහ වැදගත්කමක් ලැබී තිබිණි. ඇය විසින් ඉතිහාසය පුරා පළ කරනු ලැබූ අනාවැකිවලින් 85% ක්ම සාර්ථක වී ඇතැයි ඇස්තමේන්තු කර ඇති බැවින් මේ වසරේදී ලොව සිදුවන බවට එවකට ඇය ප්‍රකාශ කර ඇති අනාවැකි ගැනත් දැන් දැන් ලෝක ප්‍රජාව අතර දැඩි අවධානයට ලක් වී තිබේ. ඒවා අතර වැඩිම අවධානයක් යොමු වී ඇත්තේ මේ වසරේදි රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් රුසියානුවකුගේම අතින් ඝාතනයට ලක්වීමේ අනාවැකිය කෙරෙහිය. එය සිදුවන්නේ ජෛව අවියකින් බවටත් ඇය ප්‍රකාශ කර ඇතැයි සඳහන් වේ. එපමණක් නොව යුරෝපය පුරා ත්‍රස්ත ප්‍රහාර සිදුවන බවත්, නම සඳහන් නොවන විශාල රටක් ජෛව අවි මඟින් විශාල ප්‍රහාරයක් සිදු කරන බවත් ඇගේ අනාවැකි ගොන්නේ සඳහන් වේ.

මේ වසරේදී සිදුවිය හැකි බවට ඇය විසින් පළ කර ඇති අනාවැකි අතර ලෝක ජනතාවගේ සැනසිල්ලට කරුණක් වන අනාවැකියක් ද තිබේ. එනම් පිළිකාවට සහ ඩිමෙන්ෂියා රෝගය සුව කිරීමට මේ වසරේදි එන්නත් සොයා ගන්නා බවට පළ කර ඇති අනාවැකියයි.

සැබෑ වූවද, නොවූවද බාබා වන්ගා අදටත් බල්ගේරියාවේ ජීවමාන දේවදූතියක ලෙස එරට ජනතාවගේ අපරිමිත ගෞරවයට පාත්‍ර වී සිටී. දෛනිකව බොහෝ බැතිමත්හු සිය දරුවන්ගේ අනාගත සාර්ථකත්වයට, විවාහයට, සෞඛ්‍ය හා ආර්ථික දියුණුවට ආශිර්වාද ලබා ගැනීමට ඇගේ නිවෙසේ සැරි සරති. පෙනෙන හැටියට ඇගේ මතකය තවත් පරම්පරා ගණනාවක් යනතුරු බල්ගේරියානු ජනතාවගේ මනසේ හොල්මන් කරනු ඇත."



සිළුමිණ පුවත්පත ඇසුරෙන්.. 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




Master Sir
Master Sir
Wathsunu
Paata KUrullo
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top