මේ දිනවල පවතින්නේ දැඩි උෂ්ණාධික තත්වයක්.
මේ හේතුව නිසා ජනතාව ඉන්නේ දැඩි අපහසුතාවයකින්.
ඒ නිසා බස්නාහිර, වයඹ, දකුණ, සබරගමුව සහ නැගෙනහිර පළාත්වලත්, මන්නාරම දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලත් ජීවත් වෙන අය ටිකක් ප්‍රවේශම් විය යුතු බවටයි සඳහන් වෙන්නේ.
ඒ මිනිස් සිරුරට දැනෙන උණුසුම් කාලගුණයක් පවතින නිසා.
මෙම නිසා නිරන්තරයෙන් ජලය භාවිතය සහ හෙවන ස්ථානයන් හී සිටීම ගැන සැලකිලිමත් වීම කළ යුතු බව සඳහන් කරනවා.