ගාල්ල, නාගොඩ, වලකුඹුර ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
සේවය අත්හිටුවා ඇති පොලිස් නිලධාරියෙකුගේ නිවසට බලහත්කාරයෙන් ඇතුළුවූ දෙදෙනෙක් ඔහුගේ ලැප්ටොප් පරිගණකය සහ ජංගම දුරකථනය ලබාගෙන අහසට වෙඩිතබා පළාගොස් ඇති බවයි පොලීසිය සදහන් කළේ.
සිද්ධියෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති අතර සැකකරුවන් යතුරුපැදියකින් පැමිණ ඇති බව අනාවරණය වී තිබෙනවා.