බොලිවුඩයට ආදරය කරන බොහෝ දෙනෙක් කරන චෝදනාවක් තමයි ක්ෂේත්‍රයේ බොහෝ නළු නිළියන්ගේ දරුවන් ක්ෂේත්‍රයට පැමිණීම සහ ඔවුන් නිසා දක්ෂයින්ට තැනක් නොමැති වන කරුණ.
ඒ වගේම බොලිවුඩයේ ජනප්‍රිය අධ්‍යක්ෂවරුන් අවස්ථාව ලබා දෙන්නේ නලු නිළි දරුවන්ට පමණක් කියන කතාවත් ඉතාමත් ජනප්‍රියයි.
පසුගිය කාලයන් හීදී මේ සම්බන්ධ දැඩි කතාබහක් මෙන්ම ජනප්‍රිය තරු දරුවන්ද මෙම චෝදනාව නිසා සමාජ ජාලා හී දැඩි අප්‍රසාදයට ලක් වුණා.
ඒ සුෂාන්ත් සිං රාජ්පුත් ගේ හදිසි මරණය සිදු වූ අවස්ථාවේදී තරු දරුවන් මෙන්ම ජනප්‍රිය බොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂ කරන් ජොහාර්ද මේ සම්බන්ධ කරුණේදී දැඩි රසික අප්‍රසාදයට පත් වුණා.
නමුත් බොලිවුඩයේ ජනප්‍රිය නවක නිළියක වන ඩීෂා පටානි මේ සම්බන්ධව සහ කරන් ජොහාර් ගැන අදහස් පල කර තිබෙනවා.
ඒ Yodha සිනමා පටයේ පූර්ව ප්‍රචාරක පටය එළිදැක්වීමට එකතු වෙමින් ඇය මේ සම්බන්ධව ප්‍රකාශ කර තිබුණා.
“මම අද නිළියක් නම්, ඒ කරන් ජොහාර් නිසා, මොකද මම මොඩ්ලිං කරනකොට ඇත්තටම මාව දැක්කේ එයා .
එතකොට මට යන්තම් වයස අවුරුදු 18 යි.
ඒ වෙලාවේ එයා මාව දැක්කේ නැත්නම් මම මෙහෙම ඉන්න එකක් නැහැ කියලා මට හිතෙනවා.
ඉතින් මිනිස්සු මොනවා කිව්වත් (ඥාති සංග්‍රහය ගැන ඉඟි)... මම පිටස්තරයෙක්.
ඉතින් මට හිතෙනවා මේක එයා මට දුන්න අවස්ථාව කියලා."
මීට ඉහතකදී ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පිනියක් වන කන්ගනා රනවුත් විසින් කොෆී විත් කරන් වැඩසටහනේදී කරන්ට බොලිවුඩයේ 'ඥාති සංග්‍රහයේ කොඩි දරන්නා ' යනුවෙන් ඔහුගේම වැඩසටහනේදී චෝදනා කර තිබුණා.
