TikTok, අද සමාජ ජාලා මාධ්‍ය අතර ගොඩක් ජනප්‍රිය අංගයක්..
TikTok තරු අද ලෝකයේ හැම රටකින්ම බිහිවෙනවා..
මේ කියන්න යන්නෙත් ඒ වගේ හැමෝගෙම අවධානය දිනාගත් ටික් ටොක් තරුවක් ගැන කතාවක්.. ඇය නමින් Cat Janice යන අන්වර්ථ නාමයෙන් TikTokහි හඳුන්වන අතර, ඇගේ සැබෑ නම "කැතරින් ජැනිස් ඉප්සාන්" ලෙසයි දැක්වෙන්නේ..
TikTok සමාජ මාධ්‍ය ජාලයේ ඉහළින්ම වැජඹෙන අමෙරිකානු ගායිකාවක්.. ඇය මෙලෙස මියගොස් ඇත්තේ, පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙන්..
ඉතා දුර්ලභ රෝගයක් වන "sarcoma" නම් අස්ථි හෝ මෘදු පටක වල ඇතිවන පිළිකා තත්ත්වයක් ඇයට මෙලෙස මරු කැඳෙව්වා.. මිය යන විට ඇගේ වයස 31ක්..
2022 මාර්තු මාසයේ සිය ඇය මේ රෝගය සමඟ සටන් කර තිබුණා.. මෙම මරණය පසුපස තවත් කතාවක් තියනවා.. ඒ ඇගේ ගීතවල අයිතිය ගැන..
Cat Janice සිය ගීතවල අයිතිය ඇගේ හත් හැවිරිදි පුත් ලෝරෙන්ට පැවරා තිබුණා.. අතිශය ජනප්‍රිය ඇගේ මෙම ගීත අතර, Dance Outta My Head නම් ඇයගේ ගීතය මාස 2ක් වැනි කෙටි කාලයක දී අන්තර්ජාලය තුළ මිලියන 57ක නැරඹුම් වාර සටහන් කරන්නේ ඇය තව තවත් රසිකයින් අතර තාරකාවක් කරමින්..
