සිව් දිනක් තිස්සේ අතුරුදහන්ව සිටි තරුණයකුගේ මළ සිරුර ඉහල කොත්මලේ ජලාශයේ තලවකැලේ පුඩලුඔය මාර්ගයේ පාලම යට තිබි (29) දින සොයා ගත් බව තලවකැලේ පොලිසිය පවසනවා.
මෙසේ සොයා ගනු ලැබුවේ තලවකැලේ හොලිරුඩි ප්‍රදේශයේ පදිංචි කසුන් ලක්මාල් නැමැති 25 හැවිරිදි තරුණයෙකුගේ සිරුරයි.
මිට දින කිහිපයකට ප්‍රතම ඉහල කොත්මලේ ජලාශයට ජලය ගලා බසින කොත්මලේ ඔයේ නාගසේන ප්‍රදේශයේ දිය නැමට ගිය තලවකැලේ ප්‍රදේශයේ පදිංචිව සිටි පාසල් සිසුවෙකු දියේ ගිලි ජිවිතක්ෂයට පත්වු අතර එම අවමංගල්‍ය උත්සවයට සහභාගි වන බව පවසා ගිය තම පුතා ආපසු නිවසට නොපැමිණි නිසා බිරිද විසින් තලවපොලිසියට පැමිණිල්ලක් කළ බවයි මියගිය තරුණයාගේ පියා ප්‍රකාශ කළේ.
ගොඩගත් සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රොහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යෙමු කළ බවයි තලවකැලේ පොලිසිය වැඩිදුරටත් පවසා සිටියේ.