මුකේෂ් අම්බානිගේ බාල පුතු 28 හැවිරිදි අනන්ට් අම්බානිගේ විවාහ මංගල්‍යය ජූලි මාසයේ 12 පැවැත්වීමට අපේක්ෂිත අතර හෙට [1-3] දක්වා පැවැත්වෙන දින තුනක පූර්ව විවාහ සාදය මුලින්ම පවත්වන බව කියැවේ.
අනන්ත් සහ රාධිකා පසුගිය වසරේ ජනවාරි මාසයේ සාම්ප්‍රදායික ගෝල් දාන උත්සවයකදි විවාහ ගිවිසගෙන ඇත.
ඉන්දියාවේ විශාල ඖෂධ සමාගමක් වන එන්කෝර් හෙල්ත්කෙයාර් පවත්වාගෙන යන සුප්‍රසිද්ධ ව්‍යාපාරික පවුලක දියණිය වන 29 හැවිරිදි රාධිකා මර්චන්ට් සමඟ අනන්ට් අම්බානි විවාහ වන්නට සූදානමින් පසුවේ.
2018 දී මුකේෂ් අම්බානි තම දියණිය වන ඊෂා සදහා රට තුළ ඒතෙක් සිදු වු මිල අධිකම විවාහ මංගල්‍යය සිදු කර ඇත.
එහිදී බියොන්සේ රඟදැක්වූ අතර අමුත්තන් ඉතාලියේ ලේක් කොමෝහි මෙන්ම මුම්බායි සහ රාජස්ථාන් හි පිළිගැනීමේ උත්සවවලට සහභාගී විය. විවාහයේ වාර්තාගත වියදම ඩොලර් මිලියන 100 කි.
අම්බානි මහතා දියණියගේ විවාහ මංගල්ලයටත් වඩා අතිවිශේෂ උත්සවයක් බල පුතා වෙනුවෙන් පැවැත්වීමට සූදානම් වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
Forbes Rich ලැයිස්තුවට අනුව ආසියාවේ ධනවත්ම පුද්ගලයා අම්බානිය. ඔහුට බලශක්තියේ සිට රෙදිපිළි සහ විදුලි සංදේශ දක්වා සෑම දෙයකම ගනුදෙනු කරන Reliance Industries සමූහය අයත්ය.
ඔහුගේ වටිනාකම ඩොලර් බිලියන 112කි. මුම්බායි හි පිහිටා ඇති අම්බානිගේ නිවහන වන ඇන්ටිලා නිවහන මහල් 27 කින් යුක්තය. එය ඉදිකරන විට ගෝලීය අවධානයට ලක් වූ අතර, වාර්තා වන පරිදි ඩොලර් බිලියන 1 කට වඩා වැඩි මුදලක් එය ඉදිකිරීමට වැය විය. ෆෝබ්ස් විසින් එය ලොව මිල අධිකම දේපල ලෙස ලැයිස්තුගත කර ඇත.
විවාහය පිළිබඳ සම්පූර්ණ තොරතුරු තවමත් ප්‍රසිද්ධියට පත් කර නොමැති අතර, මාර්තු මාසයේ පැවැත්වෙන දින තුනක පූර්ව විවාහ සාදය ධනවත් හා තරු පිරුණු උත්සවයක් බව පෙනේ.
අම්බානිගේ උපන් ප්‍රාන්තය වන ගුජරාටයේ ජම්නගර්හි උද්‍යානයක දී තෙදිනක් තුළ මෙය සිදුකරන බව කියැවේ.
මාධ්‍ය වාර්තාවලට අනුව, බොහෝ කාලයක් බලා සිටි ඔවුන්ගේ පූර්ව විවාහ උත්සව සඳහා පැමිණීම තහවුරු කළ පුද්ගලයින්ගේ ලැයිස්තුවට ෆේස්බුක් ප්‍රධාන විධායක මාර්ක් ද ඇතුළත් වේ.
එසේම Alphabet CEO Sundar Pichai, Microsoft හි හිටපු CEO Bill Gates, Walt Disney CEO Bob Iger, Morgan Stanley CEO Ted Pick, Adobe CEO Shantanu Narayen, BlackRock CEO Larry Fink, Bank of America සභාපති Brian Thomas Moynihan යන අද අමුත්තන් අතර සිටිනු ඇත.
ඊට අමතරව බච්චන් පවුල, ෂාරුක් ඛාන්, අමීර් ඛාන්, සල්මන් ඛාන්, රන්බීර් කපූර් සහ ආලියා භාත්, දීපිකා පදුකෝන්, සහ රන්වීර් වැනි ප්‍රකට බොලිවුඩ් තරුද ,ඇමරිකානු පොප් ඩිවා රිහානා සහ ඉන්දියාවේ ගායන අරිජිත් සිං සම්බන්ධ වනු ඇත.