ඔයාගේ ලැජ්ජාකාරයාව ලෙෆ්ට් කරලා විසේකාර mode එක ඔන් වුණාට පස්සේ ඔයා spa සයිට් එකකින් ඔයා කැමැති කෙනෙක් තෝරගන්නවනේ. හෝව් හෝව් ඊට කලින් මතක තියාගන්න ඔයාට වයස අවුරුදු 18ට වැඩි වෙන්න ඕන. ඔයාට වයස අවුරුදු 18ට අඩු නම් ස්පා එකේ අක්කා ළඟට ඔයා කැමැත්තෙන් ගියත් ඒක බාල අපරාධයක්. ඒක නිසා වයස හරියනකම් පොඩ්ඩක් ඔය විසේකාරයාව ඩවුන් කරන් ඉන්න.
දැන් ඔය සයිට් එකෙන් ෆොටෝස් බලලා කෙනෙක්ව සහ ස්ථානයක් තෝර ගත්තට පස්සේ එතැනට ඇත්තටම ගියාම එතැන ඔයා ෆොටෝ එකේ දැක්ක තරම් ලස්සන නැති වෙන්න පුළුවන්. ඔය සයිට් එක දාල තියෙන්නේ මාකටින් ටි්‍රක්ස් එක්ක.
ඉතින් ඇත්තටම ප්ලේස් එකට ගියාට පස්සේ එතැන කුකුල් කොටුවක් තරම් පොඩි වෙන්නත් පුළුවන්.
මූකලං කැලෑවක වගේ පට්ට මූසල වෙන්නත් පුළුවන්.
twilight movie එකේ වගේ කඩාගෙන වැටෙන ඇඳක් තියෙන්නත් පුළුවන්.
කැඩිච්චි ටැප් ෂවර් එක්ක දිය සෙවල බැඳිච්ච බාත්රූම් තියෙන්න පුළුවන්.
ඉඳගත්ත ගමන් චිරි චිරි ගාන පුටු තියෙන්න පුළුවන්.
ඔයා යන්නේ luxury spa එකට නෙවේ නම් ඔයා යන්නේ budget spa එකකට නම් ඔය උඩ කිව්ව දේවල් අනිවාර්යයෙන්ම නැතත් නිතර නිතර දකින්න පුළුවන්.
ඊට පස්සේ තමයි නයි කයිද රෝස්පාන් කියලා ඔයා ඇඩ් එකේ දැකපු ආශ්චර්යා රායි වෙනුවට කාජල් වෙනුවට ඊට පුංචි සමානකමක්වත් නැති කෙනෙක් ඉන්න පුළුවන් ඔයා වෙනුවෙන් ඔයා එනකම් බලාගෙන. ඔය photos ෆොටෝස් සයිට්වල ෆේස්බුක් එකේ upload කරන්නේ filters දාලා එඩිට් කරලා photoshopවලට පින් සිද්ධ වෙන්න. ඉතින් ෆොටෝ එකේ ඉන්න ගෑනි එතන නැති වෙන එක සාධාරණයි. යන උදවිය පරිස්සමින් ඉතින්.
ඊට පස්සේ මොළේ කල්පනා කරලා වැඩේට යන්න.. මොකද ඔයා අලුත් කෙනෙක් කියලා දැන ගත්තට පස්සේ එයාට ගාණ කඩා ගන්න හුඟක් ලේසියි. කරන දේවල් ඒ අනුව සහ therapist අනුව ඔයාගෙන් අයකරන ගාණ එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්. ඔයාගේ බොඩි මසාජ් එකට අමතරව එයා ඔයාට දෙන දේවල් සහ ඔයා එයාගෙන් ඉල්ලන දේවල්වලට එයා ටිප් එකක් අය කරනවා. ඒක කරන කාර්යය අනුවත් වෙනස් වෙනවා. සමහර වෙලාවට රුපියල් පන්සීයක වගේ ටිප් එකක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඒ ගාණ රුපියල් පන්දාහක් වෙන්නත් පුළුවන්. අනෙක් එක හොඳට මතක තියාගන්න අතේ ඇති වෙන්න සල්ලි තියාගෙන යන්න ඕන ගමනක් ඕක. මොකද පොඩ්ඩක් කකුලක් ටච් කරලා රුපියල් පන්දාහයි කිව්වට පස්සේ අතේ සතේ හිඳෙනකන් ඒ ගාණ එකතු කරලා දීලා එන්න වුණ උදවිය ඕන තරම් ඉන්නවා.
අම්මටසිරි වෙන ඊළඟ කාරණාව තමයි ඔය කොයි කවුරුත් බය සමාජ රෝග බෝ වෙන එක මොකද සාමාන්‍ය තෙරපිවරියක් දිනකට තමන්ගේ කස්ටමර්ස්ලා පස්, හය දෙනෙක් එක්ක වැඩ කරනවා. ඉතින් එතකොට සමාජ රෝග, සමේ රෝග බෝ වෙන්න තියෙන අවදානම ඉතාමත් වැඩියි. ඔයා කොන්ඩම් එකක් පාවිච්චි කරනවා නම් යම්තාක් දුරකට ලිංගාශ්‍රිත රෝගවලින් වගේම සමාජ රෝගවලින් වැළකෙන්න පුළුවන් වුණත් සමේ රෝගවලින් වැළකී ඉන්න එක කරන්න ටිකක් අමාරුයි. ඇඳ ඇතිරිලි, කොට්ට මෙට්ට අපිරිසුදු නම්, එහෙම නැත්නම් තෙරපිවරියට සමේ රෝගයක් තියෙනවා නම් ඒක ඉතාමත් වේගයෙන් ඔයාට බෝවීමේ අවදානම තියෙනවා.
තව වැදගත් කාරණාවක් තමයි ඔයාට ඇත්තටම ඕන මොන වගේ මසාජ් එකද කියලා තීරණය කරලා ඒකට ගැළපෙන සම්බන්ධ මධ්‍යස්ථානය තෝරගන්න එක. මොකද ඔයාට ඇත්තටම අවශ්‍ය වෙලා තියෙන්නේ උදාහරණයක් විධියට ගමුකෝ කකුලේ මහපට ඇඟිල්ල මසාජ් කර ගන්න විතරයි කියලා. හැබැයි එයා ඔයාගේ මුළු සරුවාංගෙම මසාජ් කරන කෙනෙක් නම් ඒ තැන ඔයාට ගැළපෙන්නේ නෑ. ඒ නිසා ඔයා යන්න කලින් ඒ ගැන මතක තියාගෙන එතැනට යන්න. නැත්තම් therapist ගෙන් ඔයාට මසාජ් එකක් ලැබෙනව කියනවට වඩා ඔයාගෙන් therapist ට මසාජ් එකක් ලැබෙනවා වෙන්නත් පුළුවන්.
ඔය කරුණු කාරණා සේරම මතක තියාගෙන තමයි spa එකකට යන්න ඕන. ගිහින් කෙළ වෙන්න කලින් දැනගෙන යන්න.
ඔයාට නියමාකාරයෙන් ශ්‍රී ලංකාවේ නෛතික වලංගු භාවයකින් යුතුව ක්‍රියාත්මක වන සම්බාහන මධ්‍යස්ථානයකට ගිහින් සේවාවක් ලබා ගන්න ඕනනම් කොළඹ අවට පවත්වාගෙන යන පිළිගත්ත සම්බාහන මධ්‍යස්ථානයකට යන එක හොඳ වෙන්න පුළුවන්.
ඉතින් ඔන්න ඕකයි spa කතන්දරේ සමහරුන්ට දිරවන්නේ නැති.