තමන්ට බෝම්බ තැබීමට සැලසුම් කළ ‘‘මොරිස් “ නමැති එල්.ටී.ටී.ඊ.සාමාජිකයා නිදහස් කරන ලෙස ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඉල්ලීමක් කර තිබෙනවා.
යුද හමුදා ආරක්ෂක මූලස්ථානය අසලදී එල්ලවූ එම බෝම්බ ප්‍රහාරයෙන් සරත් ෆොන්සේකා මහතා බරපතල තුවාල ලැබූ අතර බෝම්බකාරිය ජීවිතක්ෂයට පත්වුණා.
මෙම ප්‍රහාරය එල්ලවුණේ 2006 වසරේදී. එම බෝම්බ ප්‍රහාරයේ මහ මොලකරුවූ මොරිස් නමැත්තා නිදහස් කිරීමට ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරන බවයි අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පැවසුවේ.