වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගගේ බිරිඳ ටන්යා පෙරේරා සිය මුහුණු පොතේ තැබූ සටහනක් පිළිබඳව ඊයේ අපි වාර්තා කළා.
මේ ෆේස්බුක් සටහනට සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ තිසර පෙරේරාගේ බිරිඳ වන ශෙරමී දිනුෂිකා පෙරේරාද ප්‍රතිචාර දක්වා තිබුණා.
කෙසේ වෙතත් ලසිත් මාලිංගගේ බිරිඳ සිය මුහුණු පොතේ දැමූ මේ සටහනට තිසර පෙරේරා දැඩි පිළිතුරක් දී තිබෙනවා. තිසර පෙරේරා පවසා තිබුනේ මෙවැන්නක්..
ගොසිප් සයිට් , ෆේස් බුක් හරහා මා හට මඩ ප්‍රචාරනය කිරීමට වෙර දරන අඹුසැමි යුවල හට මා සමඟ පෞද්ගලික අමනාප කම් ඇතිනම් රැකියාවට එය සම්බන්ධද කර නොගන්නා මෙන් ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. මම යනු මම වන බවත් තැත ආරක්ෂා කිරිමට මට කිසිවෙකු පසුපස හබා යාමට අවශ්‍ය නොවන බවත් පහල ඇති මාගෙ 2018 දක්ශතා පුවරුවේ එය මනවින් පිලිබිඹු වන බවත් මෙයින් දන්වා සිටිමි. එමෙන්ම අපහාස කිරිමට එල්ල කරන චෝදනා සාක්ශි සහිත ව ඉදිරිපත් කරන ලෙසටත් අවනතව ඉල්ලා සිටිමි. එසේම බිරින්දාවරුන් තමන්ගේ කාර්ය බාර්ය පමණක් කරගන සිටී නම් එය අපට වඩාත් පහසු වන බවත් කාරුණිකව දන්වා සිටිමි.
ස්තූතියි ..
