බර්මියුඩා ත්‍රිකෝණය යනු ලොව මෙතෙක් නොවිසඳුණු අභිරහස් රාශියක් එක්තැන් වුනු ප්‍රදේශයකි. ඇමෙරිකාව ආසන්නයේ පිහිටි කැරිබියන් මුහුදු ප්‍රදේශයේ පිහිටා ඇති මෙහි අතුරුදන් වූ නැව්, ගුවන්යානා ගණන අති විශාලය.
එයට හේතුව මෙහි ඇති චුම්භක බලයක් යැයි විවිධ පර්යේෂණ මඟින් ප්‍රකාශ කරන්නට විද්‍යාඥයින් සමත් වූවද එයට මූලික හේතුවක් සොයාගන්නට ඔවුන් සමත් නොවීය.
කෙසේ නමුත් ලොවට තවත් එක් නොවිසඳුණු අභිරහසක්ව තිබූ බර්මියුඩා ත්‍රිකෝණයේ අභිරහස පිලිබඳ විශ්වාස කල හැකි තොරතුරු කිහිපයක් අනාවරණය කරගැනීමට විද්‍යාඥායින් සමත්ව ඇත.
බර්මියුඩා ත්‍රිකෝණය හා සයිබීරියාවෙන් පසුගිය වසරේ දී විද්‍යාඥයන් පිරිසක් විසින් සොයාගන්නා ලද , මෙතෙක් නිගමනය කළ නොහැකි වූ ආවාට කිහිපයක් පිළිබඳව විද්‍යාඥයින් සිදුකල පර්යේෂණයකින් මේ තොරතුර අනාවරණය වී ඇත.
අදාල ආවාට නිර්මාණය වුනු ආකාරය මෙතෙක් සොයාගත නොහැකි වූවත් බර්මියුඩා ත්‍රිකෝණයට අයත් ඉහළ අහසේ සිට මුහුදු පතුල දක්වා ඒ වෙත ගමන් කරන නැව් මෙන්ම ගුවන් යානා ද අතුරුදන් වන්නේ ආවාට තුල වූ යම් ගෑස් වැනි යමක් පිපිරීම් මගින් බවට හෙළිවී තිබේ.