Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



බණ්ඩාරගම පොලිසියට අනුයුක්තව සේවය කරන උපපොලිස් පරීක්ෂකවරයෙකු පානදුර සිය නිවසේ කාමරයක් තුළ ඝාතනය කර තිබියදී ඊයේ (06) උදෑසන හමුවුණා. සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණයද, පානදුර මහේස්ත්‍රාත්වරයා විසින් සිදුකෙරුණා.

මෙම ඝාතනය සිදුව තිබෙන්නේ පානදුර දකුණ බෙක්කේගම ප්‍රදේශයේ නිවසකදී. සිය බිරිද විසින් අලුයම උපපොලිස් පරීක්ෂකවරයා අවදි කිරීමට ඔහු නිදා සිටි කාමරයට ගිය පසු උප පොලිස් පරීක්ෂකවරයා ඝාතනයට ලක් වී ඇති බව දැක තිබෙනවා.

views1,086 Views
comment

කහවත්ත කොටකෙතන ලංකාවේ වඩාත් ප්‍රසිද්ධියට පත්වුණේ වැඩිහිටි කාන්තාවන් අතුරුදන්වී ඝාතනය විමේ සිද්ධි මාලාවක් නිසායි. වසර දෙකක නිහඬව සිටි කොටකෙතනේ මිනිසුන් යළිත් භීතියෙන් ඇලලෙන්නට වුවේ  පසුගිය පස් වැනි දා  අලූයම චන්‍ද්‍රා මල්කාන්ති අතුරුදහන් වීමත් සමගයි.

දැන් ඇගේ සිරුරත් කොටකෙතන ඇලේ තිබිය දී හමුවීමත් සමඟ එකම මෑත කාලයේ ඝාතනයට ලක්වූ 18 වැන්නා ලෙස ඇය පොලිස් පොතට එක්වුණා. ඇගේ  අතුරුදන්වීම ද පෙර අතුරුදන්වීම් වලට යම් සමානකමක් පෙනේ. කොටකෙතන කී විට ඒ වරාපිටිය, නිලඳුර,  ඕපාත සහ දිඹුල්වල යන ගම් රැසම ඊට අයත් වනවා.

views1,911 Views
comment

හිරු ඔබට හැමදාමත් ළං කළේ නැවුම් වූ වෙනස් අත්දැකීම්. මේ සූර්ය මංගල්‍යය වෙනුවෙනුත් එවැනිම අලුත් වෙනස් අත්දැකීම් රැසක් විඳින්න ඔබට අවස්ථාව දෙන්න වින්දනීය ටෙලිවිෂන් කලාවේ පෙරගමන් කරු වන හිරු TV ‍මේ වන විට සියළු කටයුතු සූදානම් කොට අවසන්.
 
ඉන් එක් සොඳුරු සිහිනයක් වෙන්නේ "කොවුල් වසන්තය" නම් වූ සංගීතමය විශේෂාංග වැඩසටහනයි. ක්ෂේත්‍රයේ ජනප්‍රියම නළු නිළියන් රාශියක් රංගනයෙන් හැඩකරන "කොවුල් වසන්තය" 13වනදා රෑ දහයේ ඉඳන්  හිරු TV තුළින් රස විඳින්න ඔබට පුලුවන්කම ලැබෙනවා.

කොවුල් වසන්තය"  රූගත කරන අතරතුර අපේ කැමරාවේ සටහන් වූ සොඳුරු නිමේෂයන් කිහිපයක් තමයි මේ....

views715 Views
comment
කහවත්ත කොටකෙතන ප්‍රදේශයේ නිවසක සිටි යදී අතුරුදහන් වූ තිදරු මවගේ සිරුර  අද සොයා ගෙන තිබෙනවා. එච්. ඩබ්ලිව්. චන්ද්‍රනි ස්‌වර්ණලතා නමැති ඇය 38 හැවිරිදි තිදරු මවක්.

සිරුර සොයා ගත්තේ කහවත්ත කොටකෙතන ඇලේ තිබියදී බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.

views675 Views
comment
තමන් මහා වංශයේ සඳහන් වන පරාක්‍රමබාහු රජුයැයි කියාගත් අයෙක් අද (06) කොළඹ නගරයේ පොස්ටර්යක්ද සමඟින් සිටින අයුරු කැමරාවේ සටහන් වි තිබුණා.

ඔහුගේ පෝස්ටරයේ දැක්වෙන්නේ ‘‘මහාවංශයේ සඳහන් වූ පෙර රජ දරුවෙකු නැවත ඉපිදී රට බේරාගන්නා බව ලියා තිබූ කරුණ සත්‍ය වුණා.

views1,169 Views
comment
ජංගම දුරකථන - රීලෝඩ් සඳහා අයකරන සියයට 25 ක බද්ද අදාළ සමාගම් විසින් දැරිය යුතුබවට පසුගිය අතුරු අයවැයෙන් කරන ලද යෝජනාව හෙට සිට ක්‍රියාත්මක වනවා.

එම බදු මුදල් මෙතෙක් අය කරන ලද්දේ පාරිභෝගිකයාගෙන්. ඒ අනුව ජංගම දුරකථන ආයතනවල පෙර ගෙවුම් පැකේජ භාවිත කරන අයට හෙට (07) සිට තමන් ලබාගන්නා දේශීය ඇමතුම් සඳහා ගෙවිය යුත්තේ ගාස්තුවෙන් සියයට හැත්තෑපහක් පමණයි.

views428 Views
comment
කැන්ද කොළෙන් නෙවෙයි ගන්ජා මලෙන් ආවත් මහින්ද නායකයා කරනවා

පාඨලී චම්පක රණවක මහතාගේ නම සිංහලෙන් ලියු විට "පච" රණවක ලෙස කියවෙන බව හිටපු පළාත් සභා අමාත්‍ය උදය ගම්මන්පිල මහතා හිරු  HARD TALK විශේෂාංගයට සඳහන් කළා.

සන්ධානය පරාජයට පත් කළ චම්පික රණවක මහතා සන්ධානයෙන් ඉදිරි මැතිවරණයට තරග කළහොත් ඔහුට කළ ගුණ සැළකීමට සන්ධාන පාක්ෂිකයා බලා සිටින බවද ඔහු එහිදී සඳහන් කළා.

views458 Views
comment
අසුබ නිසා පූල් එකත් ගොඩකරලා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පදිංචිය සඳහා ලබා දීමට නියමිත පීකොක් මන්දිරය ඉන්දීය ජ්‍යොතිෂඥයෙක් විසින් පරික්ෂාවට ලක් කර තිබෙනවා.

ඊයේ (05) දිනයේ දී ඔහුගේ උපදෙස් අනුව දොරවල් ඇති ස්ථාන වෙනස් කර ඇති අතර පිහිනුම් තටාකය ද මේවන විට ගොඩ කරමින් පවතිනවා.

views489 Views
comment
තමන්ගේ ආදර සම්බන්ධයට විරුද්ධවූ  වූ පියාට යකඩ පොල්ලකින් පහරදී මරාදමා ඇති පුතකු පිළිබඳව මාවනැල්ලෙන් වාර්තා වනවා. මෙසේ මියගොස්‌ ඇත්තේ මාවනැල්ල වෑත්තෑව ප්‍රදේශයේ පදිංචිව සිටි ගාමිණී ආනන්ද නමැති දෙදරු පියෙක්.

19 හැවිරිදි මෙම පුත්‍රයාගේ ආදර සම්බන්ධය තිබී ඇත්තේ විවාහක කාන්තාවක සමඟයි.

views315 Views
comment
ඝාතනයට ලක්වූ ජනාධිපතිවරයාගේ සොයුරු ප්‍රියන්ත සිරිසේනට සැකකාර ගරාඡ් හිමියා පොරොවකින් පහරදීම සිදු කරන අවස්‌ථාවේ යතුරුපැදියකින් පැමිණි තවත් පුද්ගලයන් දෙදෙනකු එම ස්‌ථානයේ සිටි බවට පොලිසියට තොරතුරු ලැබී තිබෙනවා.

ඔවුන්ගෙන්ද ප්‍රශ්න කිරීමට පොලිසිය බලාපොරොත්තු වන අතර මෙම ඝාතනය කිසියම් සැළසුම් සහගත කුමන්ත්‍රණයක්‌ද යන්න සෙවීම සඳහා විමර්ශන කටයුතු තවදුරටත් සිදු කෙරෙන බවයි පොලිසිය හිරු ගොසිප් වෙත කළේ.

views608 Views
comment
‘‘හරකෙක් කොහෙද මා ළඟ
කඹයනෙ අල්ලං ඉන්නේ‘‘

කුරුණෑගල වැල්ලව මරලුවාව ප්‍රදේශයේ ගවයෙකු සොරකම් කරගෙන යමින් සිටි පුද්ගලයෙකු ප්‍රදේශවාසීන් අල්ලාගෙන ගස් බැද තිබෙනවා.

පසුව  සැකකාර පුද්ගලයා ගම්වාසීන් පොලීසියට භාරදීමට කටයුතු කළ අතර ගවයා රැගෙනයාමට හේතුව විමසීමේදී පැවසුවේ මෙවැන්නක්.

views1,209 Views
comment
නිවසේ ලේ පැල්ලම් රැසක්

රත්නපුර - කහවත්ත - කොටකෙතන ප්‍රදේශයේදී අතුරුදන් වී ඇති කාන්තාව සම්බන්ධයෙන් තවමත් නිශ්චිත තොරතුරක් ලැබී නොමැති බව පොලීසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ අතුරුදන් වූ කාන්තාව සොයා මේ වනවිටත් ප්‍රදේශය පුරා විශේෂ මෙහෙයුමක් දියත් කර ඇති බවයි. මෙලෙස අතුරුදන්ව ඇත්තේ කහවත්ත කොටකෙතන ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි තුන්දරු මවක්.

views821 Views
comment
තවත් ලාංකික කතක් කුසට අහරක් නොමැතිව ඉතා අසාධ්‍ය තත්වයෙන් රෝහල් ගත කර ඇති බව සෞදි අරාබියේ කදුකර ප්‍රදේශයක් වන කමිස්මුසායිඩ් අබා ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරුව අසීර් ජාතික රෝහලේ හතරවන මහලේ හත්වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටින්නේ මහනුවර උඩුවෙල හන්තාන පාරේ පදිංචිව සිට මිට ටික කලකට පෙර ගෘහ සේවිකාවක් ලෙස පැමිණි ෂෙරින් ලියෝනි කැතරිනා නමැති 45 හැවිරිදි දෙදරු මවක්.

views565 Views
comment
තරුණ ගුවන් සේවිකාවන්ට විශේෂත්වයක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ සමාගමේ වංචා දූ ෂණ රාශියකට සම්බන්ධ වී ඇති බවට ඒ පිළිබඳ පරීක්ෂණ කළ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.සී.වැලිඅමුණ වාර්තාවෙන් හෙළි වී තිබෙනවා. අග්‍රාමාත්‍ය  කාර්යාලය ඒ පිළිබඳව ඊයේ (04) මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා.

එහි දැක්වෙන්නේ හිටපු සභාපතිවරයාගේ කාලවකවානුව තුළ  ශ්‍රී ලංකන් ගුවන් සමාගම මූල්‍ය වශයෙන් මිලියන ගණනක පාඩු ලබා ඇති බවයි.

views581 Views
comment
කූරගල පුරාවිද්‍යා රක්ෂිත භූමියේ උද්ඝෝෂණයක නිරත වූ සිංහල රාවය සංවිධානයේ පිරිසක් විසුරුවා හැරීමට අද (04) පොලිසිය විසින් ජල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ප්‍රදේශයේ සාමය ආරක්ෂා කිරීම සඳහා මෙම පියවර ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ.

කෙසේ වෙතත්, උද්ඝෝෂණයේ නිරත වූ සිංහල රාවය සංවිධානයේ කැඳවුම්කරු පූජ්‍ය මාගල්කන්දේ සුදන්ත හිමියන් කියා සිටියේ සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් පිරිසක් තමන්ට පහරදුන් බවයි.

views842 Views
comment
[1]      «      5261   |   5262   |   5263      »      [5656]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top