ඝාතනයට ලක්වූ ජනාධිපතිවරයාගේ සොයුරු ප්‍රියන්ත සිරිසේනට සැකකාර ගරාඡ් හිමියා පොරොවකින් පහරදීම සිදු කරන අවස්‌ථාවේ යතුරුපැදියකින් පැමිණි තවත් පුද්ගලයන් දෙදෙනකු එම ස්‌ථානයේ සිටි බවට පොලිසියට තොරතුරු ලැබී තිබෙනවා.
ඔවුන්ගෙන්ද ප්‍රශ්න කිරීමට පොලිසිය බලාපොරොත්තු වන අතර මෙම ඝාතනය කිසියම් සැළසුම් සහගත කුමන්ත්‍රණයක්‌ද යන්න සෙවීම සඳහා විමර්ශන කටයුතු තවදුරටත් සිදු කෙරෙන බවයි පොලිසිය හිරු ගොසිප් වෙත කළේ.
දැනට අධිකරණ නියෝග මත රක්‌ෂිත බන්ධනාගාර ගත කොට සිටින සැකකාර ගරාඡ් හිමියා පොලිසියට බාරවීමෙන් පසුව, වැලිරාජු තම මවටත් පියාටත් පහර දුන් බවට කර තිබෙන ප්‍රකාශය අසත්‍යයක් බව පොලිසිය සිදු කළ පරීක්‍ෂණවලදී හෙළිව තිබෙනවා.
එහිදී පහරදීමක් නොව බැණ වැදීමක් පමණක් සිදුව තිබෙන බව අනාවරණය වී ඇතැයි පොලිසිය සඳහන් කළා.
එම සැකකරුගේ මාපියන් ඔවුන් පදිංචිව සිටි හතරේඇළේ පිහිටි නිවස හැරදමා ගොස් ඇති අතර එම නිවෙසට පොලිසිය ආරක්‍ෂාව ලබා දීමට පියවර ගත්තා.