Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



කුඩා දරුවන්ගේ ආරක්ෂාව සදහා මව්පියන් ඔවුන් පිළිබදව දැඩි අවධානයෙන් පසුවීම වර්තමානය වනවිට ප්‍රබල අවශ්‍යතාවයක්ව පවතිනවා. ඒ ඇතැම් අවස්ථාවලදී සිදුවිය හැකි සුළු අතපසුවීමකින් වුවද විශාල වන්දියක් ගෙවීමට සිදුවිය හැකි නිසාවෙන්.

එලෙස යක්කලමුල්ල - තෙල්ලඹුරේ ප්‍රදේශයේ පදිංචිව සිටියදී ඉකුත් 8 වැනිදා සිට අතුරුදන්ව සිටි 7 හැවිරිදි දරුවෙකුගේ මළසිරුරක්  සොයා ගෙන තිබෙනවා.

views653 Views
comment

හබරාදුව, හරුමල්ගොඩ ප්‍රදේශයේ 6 හැවිරිදි පිරිමි දරුවෙකු බැලුමක් උගුරේ සිරවීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ළමුන් පිරිසක් සමඟ සෙල්ලම් කරමින් සිටින අතරතුර අදාළ දරුවා මෙම අනතුරට මුහුණ දී ඇති අතර, පසුව ඔහුව කළුගල රෝහලටත්, අනතුරුව කරාපිටිය රෝහලටත් ඇතුළත් කර ඇති නමුත් ජීවිතය බේරා ගැනීමට හැකිව නැහැ.

views288 Views
comment

රටම ශෝක වූ අස්ගිරි මහනාහිමියන්ගේ ආදාහනය දවසේත් විවෘත කරලා
සේවකයින්ට අවුරුද්දට නිවාඩු නෑ

ඊයේ (12) දිනය ජාතික ශෝක දිනයක් බවට රජය ප්‍රකාශයට පත් කළේ  අස්ගිරි මහ නා හිමියන්ගේ අවසන් කටයුතු යෙදී තිබූ හෙයින්. දිවයින පුරා සියලු සුරා සැල් සහ මස් අලෙවි සැල් පමණක් නොව සාමාන්‍ය ව්‍යාපාරික ස්ථාන පවා වසා තැබුවේ මහ නා හිමියන්ට ගෞරව දැක්වීමක් ලෙසටයි.  

නමුත් දිනය පුරාවට රේස් බයි රේස් සූදු මධ්‍යස්ථාන දිවයිනේ බොහෝ ප්‍රදේශවල විවෘත කර තිබූ අයුරු කැමරාවේ සටහන් වුණා. අස්ගිරි නා හිමියන් වෙනුවෙන් ජාතියම ශෝකය පළ කරද්දී යම් පිරිසක් පමණක් මුදල් සෙවීමේ හුදු පරමාර්ථය මතම පිහිටා මෙලෙස කටයුතු කිරීම කනගාටුවට කරුණක්.

views746 Views
comment
කොටකෙතනේදී ඝාතනයට ලක්වූ චන්ද්‍රානිගේ පුත්‍රයා ඇයව මරා දැමුවේ තමන්ගේ පෙම්වතියට අලුත් අවුරුද්ද සඳහා ඇඳුමක් මිල දී ගැනීම සඳහා මුදල් ලබා නොදුන් නිසා බව පාපොච්චාරණයේ සඳහන් වනවා.

සිද්ධිය සිදුවූ දිනයේ සැකකරු රාත්‍රි 8 ට නින්දට ගිය බව පැවසුවත් පොලිස්‌ පරීක්‌ෂණවලදී ඔහු රාත්‍රි 10 වන තෙක්‌ම සිය පෙම්වතිය සමඟ ජංගම දුරකථනයෙන් කෙටි පණිවුඩ හරහා සම්බන්ධ වෙමින් සංවාදයේ යෙදී සිට ඇති බව පොලිස්‌ පරීක්‌ෂණවලදී තහවුරු වී තිබෙනවා.

views699 Views
comment
අපවත් වී වදාළ අස්ගිරි මහනායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහනාහිමියන්ගේ ශ්‍රී දේහය අද (12) පස්වරුවේ මහනුවර පොලිස් ක්‍රීඩාංගනයේදී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව ආදාහනය කෙරුණා. ඒ, ගිහි පැවිදි අතිවිශාල පිරිසකගේ සහභාගීත්වයෙන්.

ශ්‍රී දේහය රැගත් රථ පෙරහර පස්වරු 1 ට අස්ගිරි මහා විහාරයෙන් පිටත් වුණා. පස්වරු 2.30 පමණ වනවිට එය ආදාහන පූජෝත්සවය පැවති මහනුවර පොලිස් ක්‍රීඩාංගනයට ළඟා වූ අතර, මඟ දෙපස රැස්වූ ජනතාව උන්වහන්සේට තම අවසන් ගෞරවය පුදකළා.

views826 Views
comment
දඹුල්ල මූලික රෝහලේ ශල්‍යාගාරයට වෛද්‍යවරයෙකු ලෙස ඇතුළුවීමට ගොස් අත්අඩංගුවට පත්වූ ව්‍යාජ වෛද්‍යවරයාගේ මානසික තත්ත්වය පිරික්සීම සඳහා මානසික වෛද්‍යවරයෙකු වෙත යොමුකරන ලෙස අධිකරණය දැනුම් දී තිබෙනවා.

අද (12) උදෑසන දඹුල්ල රෝහලේ ශල්‍යාගාරය අසල වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටි මෙම පුද්ගලයා රෝහලේම වෛද්‍යවරුන්ට සැක සිතී පරීක්ෂා කර ඇති බව සඳහන්.

views939 Views
comment
නෙහාරා - මේනක කියන්නේ මේ වෙනකොට අපේ රටේ කා අතරත් ජනප්‍රියත්වයට පත්වුණු නළු නිළි යුවලක් කියලා අපි හැමෝම දන්නවනේ.

2014 ස්ලිම් නීල්සන් ජනතා සම්මාන උළෙලේදී පස්වන වරටත් වසරේ තාරුණ්‍යය නිළිය විදියට නෙහාරා සම්මාන ලැබුවා. කොහොම වුනත් සම්මානය ගන්න නම් ඇය ලංකාවේ හිටියේ නැහැ. ඇය ඒ වෙනකොට හිටියේ ඕස්ට්‍රේලියාවේ.

ආදරය, සතුට වගේම පුංචි පුංචි රණ්ඩු එක්ක ගෙවෙන නෙහාරා - මේනක ආදර අන්දරයට අලුතින් එකතුවෙන්න යන අමුත්තෙක් ගැන සති අන්තයේ පුවත්පතකට නෙහාරා කියලා තියෙනවා.

views980 Views
comment
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවෙන් තමන් ඉවත් කර ඇති බව හිටපු අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන සහ සාලින්ද දිසානායක ප්‍රකාශ කළා. ඊට අදාළ ලිපිය ජනාධිපතිවරයාගේ අත්සනින් යුතුව ඊයේ (11) ලැබුණු බවයි ඔවුන් කියා සිටියේ.

එමෙන්ම මධ්‍යම කාරක සභාවෙන් හිටපු අමාත්‍යවරුන් වන ටී.බී.ඒකනායක හා එස්.එම්. චන්ද්‍රසේනද ඉවත්කර තිබෙනවා.

views302 Views
comment
එයා හරි ආසයි මැදින් එන්න, කෝච්චිය එනවා දැකලා එයා ඉක්මණට දුවන් ආවා,
එයාගේ කකුල පැටලිලා, කෝච්චිය එයාව හප්පගෙන ගියා

අපරීක්ෂාකාරී ලෙස දුම්රිය මාර්ග භාවිත කිරීමට යාමෙන් අද (11) ජීවිතයක් අහිමි වුනා. එය වාර්තා වුණේ හික්කඩුව - තොටගමුව පාලම අසලින්. දුම්රිය මාර්ගය දිගේ පැමිණි 14 හැවිරිදි දැරියක් පාලම මතින් ගමන් කරමින් සිටියදී මාතර සිට මරදාන බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියක ගැටී මියගොස් තිබුණා.

දිනූෂිකා තත්සරණි නම් ඇය හික්කඩුව මධ්‍යම මහා විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ සිසුවියක වූ අතර හික්කඩුව - කලූපේ ප්‍රදේශයේ පදිංචිව සිට ඇත. සිය යෙහෙළියක් සමඟ උපකාරක පන්තියකට යමින් සිටියදීයි ඇය  අනතුරට මුහුණ දී තිබුණේ.

views416 Views
comment
අම්මත් දැනගෙන ඉඳලා

ඉන්දියාවේ බටහිර බෙංගාලයේහි සිදුවූ කුරිරු පුවතක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එහිදී වයස 16ක දැරියක් පවුලේ පියා, මාමා හා සහෝදරයා විසින් දූෂණය කර තිබෙනවා.

අවුරුදු 2ක කාලයක් තිස්සේ ඔවුන් මෙම ක්‍රියාව සිදුකර ඇති අතර එම කාල සීමාව කුල ඇය 2වරක් ගැබ්ගෙන තිබෙනවා. එමෙන්ම ඇය 4වරක් සියදිවි නසාගන්නටද උත්සාහ කර තිබෙනවා.

views723 Views
comment
බොදුබල සේනා සංවිධානය ඊයේ (10) කොළඹ දී මාධ්‍ය හමුවක් කැදවා තිබුණා. එහිදී අදහස් දැක්වූ එම සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මෙවැනි අදහසක් පළ කළා.

‘‘අපි හැමදාම කියන බුදු වදනක් තියෙනවා. නායකයෙක් නැත්නම් රටක් විනාශ වෙනවා. නායකයො ගොඩක් හිටියත් එහෙමයි. දැන් මේකෙ නායකයො රොත්තයි.

views450 Views
comment
සනි ලියොන් හින්දි සිනමාවට ආපු දවස් වල ඇයව ගොඩාක් දෙනා ප්‍රතික්ෂේප කළා. මොකද ඇය නිල් චිත්‍රපට නිලියක් වීම නිසා.

නමුත් ඒ ප්‍රතික්ෂේප කිරීම් හැමදේටම හරිම එඩිතරව මුහුණ දීපු සනි ලියොන්  මේ වෙනකොට හින්දි සිනමාවේ හොඳ තැනකට ඇවිල්ලා ඉන්නවා. නිලියක් විදිහට සිනමාව තුල ස්ථාපිත වුනු සනි, දැන් තවත් අලුත් වැඩක් පටන් ගන්නයි හිතාගෙන ඉන්නේ.

views622 Views
comment
පසුගියදා හිරු ටී.වී.බලය වැඩසටහන පැවැත්වුණු අවස්ථාවේ දී බුරන බල්ලෙකු නිහඬ කරන ලෙස ඊට සහභාගී වූ උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා වැඩසටහන මෙහෙයවූ සුදේව හෙට්ටිඅරච්චිගෙන් ඉල්ලා සිටියා.

මන්ත්‍රීවරයා මේ ඉල්ලීම කළේ තමන්ගේ ඉදිරිපසට අත දිගු කරමින්.

views463 Views
comment
ගෙවුණු සතියේ  Facebook සමාජ ජාලය තුල වැඩිපුරම හුවමාරුවූ විවිධ නිර්මානාත්මක Post කිහිපයක් හිරු ගොසිප් පාඨකයන්ගේ විනෝදාස්වාදය සදහා 65 වන සතියටත් මෙසේ ඉදිරිපත් කරමු.

views461 Views
comment
‘‘පෙම්වතිය තෑග්ගක් දුන්නා, ඊට  වඩා හොඳ තෑග්ගක් මට දෙන්න ඕනි වුනා,
ලේ ගලන හිස ෂොපින් බෑගයකින් අාවරණය කලා‘‘
අත්අඩංගුවට ගත් කුෂාන් පොලිසියට කීව කතාව

කොටකෙතනේ අබිරහස් ලෙස මියගිය කාන්තාව ඝාතනය කර ඇයගේම පුත්‍රයාවන 18 හැවිරිදි කුෂාන් පසුගියදා මෙම සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු බියකින් හා සැකයකින් තොරව මාධ්‍යට අදහස් දක්වනු ලැබුවා. එමෙන්ම ඔහු විසින් මවගේ මියගිය සිරුර හමුවන විට හඬා වැළපෙමින් ලොවටම පෙනෙන්ට ශෝකය පළකර සිටියා.

කෙසේ නමුත් මේ වන විට පොලිසිය විසින් සොයාගෙන ඇති තොරතුරු අනුව මෙම ඝාතනයට සැකකෙරෙන්නේ කිඹුල් කඳුළු හෙලූ ඉහත කී කුෂාන්මයි.

views1,197 Views
comment
[1]      «      5258   |   5259   |   5260      »      [5656]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top