නෙහාරා - මේනක කියන්නේ මේ වෙනකොට අපේ රටේ කා අතරත් ජනප්‍රියත්වයට පත්වුණු නළු නිළි යුවලක් කියලා අපි හැමෝම දන්නවනේ.
2014 ස්ලිම් නීල්සන් ජනතා සම්මාන උළෙලේදී පස්වන වරටත් වසරේ තාරුණ්‍යය නිළිය විදියට නෙහාරා සම්මාන ලැබුවා. කොහොම වුනත් සම්මානය ගන්න නම් ඇය ලංකාවේ හිටියේ නැහැ. ඇය ඒ වෙනකොට හිටියේ ඕස්ට්‍රේලියාවේ.
ආදරය, සතුට වගේම පුංචි පුංචි රණ්ඩු එක්ක ගෙවෙන නෙහාරා - මේනක ආදර අන්දරයට අලුතින් එකතුවෙන්න යන අමුත්තෙක් ගැන සති අන්තයේ පුවත්පතකට නෙහාරා කියලා තියෙනවා.
එයා කියන විදියට මේ දෙන්නාගේ පුංචි කැදැල්ලට අලුත් අමුත්තෙක් එකතු කරගන්න හිතෙනවලු. ඒ වගේම නෙහාරටත් වඩා මේනක ඒ ගැන හිතනවා කියලා තමයි ඇය කියන්නේ.
නෙහාරයි මේනකයි පවුලට අලුතින් එකතුවෙන අමුත්තා ගැන අැහුවම උත්තර දුන්නේ මේ විදියට...
නෙහාරා - මේනකට කැදැල්ලට අලුත් අමුත්තෙක් එකතු කරගන්න කාලයත් හරි නේද?
මටත් එහෙම හිතෙනවා. මට වඩා ඒ ගැන ගොඩක් හිතන්නේ මේනක. ඒ සියල්ල දෙවියන්වහන්සේ විසින් තීරණය කරවි.
පුංචි කැදැල්ලට අලුත් අමුත්තෙක් එකතු කරගන්න දැන්ම අදහසක් නැද්ද ?
අනිවාර්යෙන්ම. අපි බැඳලා අවුරුද්දයි මාස 3ක් විතර වෙනවා. ඒක හින්දා තව පොඩි කාලයක් දෙන්නත් එක්ක ජීවිතයේ සුන්දරත්වය විඳලා තුන්වැනියෙක් එකතු කරගන්න අදහසක් තියෙනවා.